දේවවචනය නිධානයක් | 2 කොරින්ති 11-13
පාවුල්ගේ “ශරීරයට ඇනී තිබෙන කටුවක් හා සමාන පීඩාව”
ප්රශ්න ඇති කරන දෙයක් නැත්නම් අනිත් අයට හානි කරන කෙනෙක් ගැන කියන්න බයිබලේ කටුව කියන වචනය සංකේතාත්මක අර්ථයෙන් යොදාගෙන තියෙනවා. (ගණන් 33:55; හිතෝ 22:5; එස 28:24) තම “ශරීරයට ඇනී තිබෙන කටුව” ගැන කියද්දී ක්රිස්තුස්ගේ නියෝජිතයන් හැටියට මවාපාපු බොරු නියෝජිතයන්වත් පාවුල් ක්රිස්තුස්ගේ නියෝජිතයෙක් නෙවෙයි කියලා කියපු අයවත් පාවුල් අදහස් කරන්න ඇති. ඒකෙන් තවත් මොනවා අදහස් කරන්න ඇද්ද කියලා මේ පදවලින් හොයාගන්න.
“ශරීරයට ඇනී තිබෙන කටුවක් හා සමාන පීඩාවකට” ඔයාත් මුහුණ දෙනවාද? ඒ මොකක්ද?
යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් දිගටම විඳදරාගන්න ඔයාට පුළුවන් කොහොමද?