හිතෝපදේශ
14 ප්‍රඥාවන්ත ස්ත්‍රියක් ඇගේ පවුල ගොඩනඟා ගන්නීය.+ නමුත් අඥාන තැනැත්තිය තම දෑතින්ම එය බිඳ දමන්නීය.+
2 ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අයට යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇත.+ නමුත් වංක තැනැත්තා දෙවිව සුළු කොට තකන්නේය.+
3 අඥානයා උද්ධච්ච ලෙස කතා කරමින් අනුන්ට පහර දෙන පිණිස තම මුඛය වේවැලක් සේ යොදාගනී.+ එහෙත් ප්‍රඥාවන්තයා තම මුවින් ජීවිතය ආරක්ෂා කරගනියි.+
4 ගවයන් නැති තැන ගවමඩුව පිරිසිදුය. එහෙත් සරු අස්වැන්නක් ලැබෙන්නේ ගවයෙකුගේ ශක්තියෙනි.
5 විශ්වාසවන්ත සාක්ෂිකරුවෙක් බොරු නොකියයි.+ නමුත් බොරු සාක්ෂිකරුවෙකුගේ මුවින් පිට වන්නේ බොරුමය.+
6 සමච්චල් කරන්නා ප්‍රඥාව සෙව්වත් ඔහුට එය සම්බ නොවේ. නමුත් කාරණා හොඳින් තේරුම්ගන්න තැනැත්තාට දැනුම ලබාගැනීම පහසුය.+
7 අඥානයාගෙන් ඈත් වන්න.+ මන්ද ඔහුගේ මුවින් ඔබට දැනුම ලබාගත නොහැක.+
8 සිහිබුද්ධිය ඇති තැනැත්තාට තමන් යන මඟ ගැන හොඳ වැටහීමක් තිබේ.+ නමුත් අඥානයා තම මෝඩකම නිසා මුළාව ගොස් අන්‍යයන්වත් මුළා කරයි.+
9 අඥානයෝ තමුන් කරන වැරදි සැහැල්ලුවට ගනිති.+ එහෙත් ප්‍රතිපත්තිගරුක අය අතරේ සාමකාමී සබඳතා පවතී.+
10 යමෙකුගේ සිතේ තිබෙන වේදනාව දන්නේ ඔහු පමණි.+ ඔහුගේ සිතට දැනෙන සතුට පවා වෙනත් කෙනෙකුට විස්තර කළ නොහැකි තරම්ය.
11 දුෂ්ටයන්ගේ නිවස විනාශ කරනු ලැබේ.+ නමුත් ප්‍රතිපත්තිගරුක අයගේ නිවස දියුණු වෙයි.+
12 මිනිසාට නිවැරදියයි පෙනෙන මඟක් ඇත.+ එහෙත් එය අවසන් වන්නේ මරණයෙනි.+
13 යමෙකු සිනාසුණත් ඔහුගේ සිතේ ලොකු වේදනාවක් තිබිය හැක.+ විනෝද වීම ශෝකයෙන් කෙළවර විය හැක.+
14 අවිශ්වාසවන්ත තැනැත්තා තමා කරන දේට අනුව ප්‍රතිඵල ලබන්නේය.+ යහපත් තැනැත්තාද තමා කරන දේට අනුව ප්‍රතිඵල නෙළාගන්නේය.+
15 අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි.+ නමුත් සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.+
16 ප්‍රඥාවන්තයා දෙවි කෙරෙහි ගරුබියක් ඇති නිසා නපුරෙන් ඈත් වෙයි.+ එහෙත් අඥානයා උදහස් වී තම මතයේම එල්බගෙන සිටියි.+
17 කෝප වීමට ඉක්මන් වන තැනැත්තා මෝඩයෙකු ලෙස හැසිරෙයි.+ හොඳ කල්පනා ශක්තියක් තිබෙන මිනිසා අනුන්ගේ වෛරයට ලක් වෙයි.+
18 අද්දැකීම් අඩු අය හැසිරෙන්නේ මෝඩයන් ලෙසයි.+ එහෙත් සිහිබුද්ධිය ඇති තැනැත්තා දැනුම ඔටුන්නක් මෙන් පළඳින්නේය.+
19 දුෂ්ටයා යහපත් මිනිසා ඉදිරියේ දණ නමන්නේය.+ ඔහුට ධර්මිෂ්ඨයාගේ දොරටු ඉදිරියේ දණ නමන්න සිදු වෙයි.
20 දිලින්දාගේ අසල්වැසියෝ පවා ඔහුව හෙළාදකින්නෝය.+ නමුත් පොහොසතා මිතුරන්ගෙන් වට වී සිටින්නේය.+
21 තම අසල්වැසියාව සුළු කොට තකන තැනැත්තා වරදකරුවෙකි.+ අගහිඟකම් තිබෙන කෙනෙකුට කරුණාව දක්වන තැනැත්තා සන්තෝෂවත්ය.+
22 නපුරක් කිරීමට මාන බලන තැනැත්තා මුළාව යන්නේය.+ එහෙත් යහපත කිරීමට උත්සාහ කරන්නා සියල්ලන්ගේ ප්‍රේමය* සහ විශ්වාසය දිනාගන්නේය.+
23 වෙහෙස මහන්සි වී කරන සෑම වැඩකින්ම ප්‍රයෝජන අත් වෙයි.+ එහෙත් කතාවටම වැටුණොත් අත් වන්නේ අගහිඟකම් පමණි.
24 ප්‍රඥාවන්තයාගේ වස්තුව ඔහුට ඔටුන්නක් මෙන් වෙයි. එහෙත් මෝඩයාගේ ක්‍රියාවන් තව තවත් මෝඩකම්වලට මඟ පාදයි.+
25 සැබෑ සාක්ෂිකරුවෙක් ජීවිත බේරාගනී.+ එහෙත් බොරු සාක්ෂිකරුවෙකු පවසන්නේ බොරුමය.+
26 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇති අයට මහත් නිසැකකමක් ඇත.+ ඔහුගේ පුත්‍රයන්ටද ආරක්ෂාවක් ලැබෙනු ඇත.+
27 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය දැක්වීමෙන් ජීවනය අත් වෙයි.*+ මාරාන්තික උගුල්වලින් ආරක්ෂා වීමටද එය මඟ සලසා දෙයි.+
28 රජෙකු යටතේ බොහෝ පුරවැසියන් සිටින්නේ නම් ඔහුට මහත් ගෞරවයක් හිමි වෙයි.+ එහෙත් යටත්වැසියන් අඩු වූ විට පාලකයෙකුගේ බලය බිඳ වැටෙයි.+
29 ඉක්මනින් කෝප නොවන්නා හොඳ වටහාගැනීමේ හැකියාවක් ඇති කෙනෙකි.+ එහෙත් ඉවසීම නැති තැනැත්තා තම මෝඩකම ප්‍රදර්ශනය කරයි.+
30 සන්සුන් මනසක් ගතට සුවයකි.+ නමුත් ඊර්ෂ්‍යාසහගත සිතුවිලි නිසා ඇටකටු දිරා යයි.+
31 අසරණයාට වංචා කරන්නා තමාට ජීවිතය දුන් තැනැත්තාට නින්දා කරන්නේය.+ නමුත් දිලින්දාට කරුණාව දක්වන්නා ඔහුව ප්‍රශංසාවට පත් කරන්නේය.+
32 දුෂ්ටයාගේ නපුරු ක්‍රියාවන් නිසා ඔහුව පහත් කරනු ලැබේ.+ එහෙත් ධර්මිෂ්ඨයාගේ විශ්වාසවන්තකම ඔහුට ආරක්ෂාවකි.+
33 තේරුම්ගැනීමේ හැකියාව ඇති තැනැත්තාගේ ප්‍රඥාව තිබෙන්නේ තම සිත තුළය.+ එහෙත් අඥානයා තමා ප්‍රඥාවන්තයෙකුයයි සෑම තැනම ප්‍රකාශ කරයි.
34 ධර්මිෂ්ඨකම නිසා ජාතියක් ගෞරවයට පත් වෙයි.+ නමුත් පාපතර ක්‍රියා නිසා ජන සමූහයක්ම නින්දාවට ලක් වෙයි.+
35 හොඳ අවබෝධයකින් වැඩ කරන සේවකයෙකු රජුට ගෙන දෙන්නේ මහත් සතුටකි.+ එහෙත් ලැජ්ජාසහගතව හැසිරෙන තැනැත්තා ඔහුගේ උදහසට ලක් වෙයි.+