හිතෝපදේශ
2 ප්රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අයට යෙහෝවා ගැන ගරුබියක් තියෙනවා.
ඒත් වංක කෙනා ඔහුව හෙළා දකිනවා.
3 අඥානයාගේ උද්ධච්ච කතා වේවැල් පහරක් වගේ.
ඒත් නැණවත් කෙනාගේ වචන එයාට ආරක්ෂාවක් වෙයි.
6 සමච්චල් කරන කෙනා ප්රඥාව හෙව්වත් එයාට ඒක හම්බ වෙන්නේ නැහැ.
ඒත් කාරණා හොඳින් තේරුම්ගන්න කෙනා ඉක්මනින්ම ඉගෙනගන්නවා.+
8 බුද්ධිමත් කෙනෙක් ප්රඥාව යොදාගෙන එයා යන මඟ හොඳින් අවබෝධ කරගන්නවා.
10 කෙනෙක්ගේ හිතේ තියෙන වේදනාව දන්නේ එයා විතරයි.
එයාට දැනෙන සතුට වුණත් තේරුම්ගන්න කාටවත් බැහැ.
13 කෙනෙක් හිනා වුණත් එයාගේ හිතේ වේදනාවක් තියෙන්න පුළුවන්.
විනෝදය දුකෙන් කෙළවර වෙන්නත් පුළුවන්.
14 කෙනෙක් තමන්ගේ හිත නොමඟ යන්න දුන්නොත් එයාට නරක ප්රතිඵල විඳින්න වෙනවා.+
ඒත් යහපත් කෙනා එයා කරන දේවලින් හොඳ ප්රතිඵල නෙළාගන්නවා.+
15 අද්දැකීම් අඩු කෙනා අනිත් අය කියන හැම දේම විශ්වාස කරයි.
ඒත් සිහිබුද්ධිය තියෙන කෙනා දෙයක් කරන්න කලින් හොඳට හිතලා බලයි.+
16 ප්රඥාවන්තයා විමසිල්ලෙන් ඉඳලා නපුරෙන් ඈත් වෙනවා.
ඒත් අඥානයා තමන් ගැන ඕනෑවට වඩා විශ්වාසය තියලා හිතුමතේට* වැඩ කරනවා.
19 දුෂ්ටයන් යහපත් අය ඉස්සරහා දණ නමයි.
නපුරු අයට ධර්මිෂ්ඨයන්ගේ දොරටු ඉස්සරහා දණ නමන්න සිද්ධ වෙයි.
21 අසල්වැසියාව පහත් කරලා සලකන කෙනා කරන්නේ වරදක්.
ඒත් අගහිඟකම් තියෙන කෙනෙක්ට දයානුකම්පාවෙන් සලකන කෙනා සන්තෝෂවත්.+
22 නපුරක් කරන්න කුමන්ත්රණය කරන අය මංමුළා වෙයි.
ඒත් හරි දේ කරන්න අදිටන් කරගෙන ඉන්න අය අනිත් අයගේ ආදරයත් විශ්වාසයත් දිනාගනියි.+
25 සැබෑ සාක්ෂිකරුවෙක් ජීවිත බේරගනියි.
ඒත් බොරු සාක්ෂිකරුවෙක් කියන්නෙම බොරු.
26 යෙහෝවා ගැන ගරුබියක් තියෙන කෙනෙක් හැම දේකදීම ඔහුව විශ්වාස කරයි.+
ඒක එයාගේ දරුවන්ටත් ආරක්ෂාවක් වෙයි.+
28 රජෙක් යටතේ හුඟක් පුරවැසියන් ඉද්දී ඒක ඔහුට ගෞරවයක්.+
ඒත් යටත්වැසියන් අඩු වෙද්දී පාලකයෙක්ගේ බලය බිඳ වැටෙයි.
29 ඉක්මනින් කේන්ති ගන්නේ නැති කෙනාට හොඳ වටහාගැනීමේ හැකියාවක් තියෙනවා.+
ඒත් ඉවසීම නැති කෙනා එයාගේ මෝඩකම ප්රදර්ශනය කරනවා.+
31 අසරණයාට වංචා කරන කෙනා තමන්ගේ සැදුම්කරුට නින්දා කරයි.+
ඒත් දුප්පතාට දයානුකම්පාවෙන් සලකන කෙනා ඔහුව ප්රශංසාවට පත් කරයි.+
32 දුෂ්ටයා පහත් තත්වයට පත් වෙන්නේ එයා කරන නපුරු දේවල් නිසාමයි.
ඒත් ධර්මිෂ්ඨයාගේ විශ්වාසවන්තකම එයාට ආරක්ෂාවක්.+