ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීතයක්.
109 මගේ ප්රශංසාව ලබන දෙවියනි,+ නිහඬව ඉන්න එපා.
2 දුෂ්ටයොත් අනුන්ව රවට්ටන අයත් මට විරුද්ධව කතා කරනවා.
ඔවුන් මං ගැන බොරු කතා හදනවා.+
3 වෛරයෙන් පිරුණු ඔවුන් මාව වට කරගෙන දුෂ්ට කතා කියනවා.
කිසිම හේතුවක් නැතුව ඔවුන් මට පහර දෙනවා.+
6 දෙවියනි, ඔහුට* විරුද්ධව දුෂ්ට පාලකයෙක්ව පත් කරන්න.
ඔහුට විරුද්ධව වැඩ කරන කෙනෙක්ව* ඔහුගේ දකුණු පැත්තේ තියන්න.
7 ඔහුව විනිශ්චය කරද්දී ඔහුව වරදකරුවෙක්* විදිහට තීන්දු කරනු ලැබේවා!
ඔහුගේ යාච්ඤාව පවා පාපයක් විදිහට සලකනු ලැබේවා!+
10 ඔහුගේ දරුවන්ට* ඉබාගාතේ ඇවිදිමින් හිඟමනේ යන්න සිද්ධ වේවා!
කැඩිලා බිඳිලා ගිය ඔවුන්ගේ ගෙවල්වල ඉඳන් කෑම හොයහොය යන්න ඔවුන්ට සිද්ධ වේවා!
12 ඔහුට කිසිම කෙනෙක්ගෙන් කරුණාව* නොලැබේවා!
ඔහු මිය ගියාට පස්සේ ඔහුගේ දරුවන්ටත් කාගෙන්වත් අනුකම්පාව නොලැබේවා!
15 ඔවුන් කරපු හැම වරදක්ම යෙහෝවාගේ මතකයේ හැමදාටම රැඳේවා!
දෙවියන් ඔවුන්ව මිනිසුන්ගේ මතකයෙන් අයින් කරනු ලැබේවා!+
16 මොකද ඔහු කවදාවත් කිසි කෙනෙක්ට කරුණාව* පෙන්නුවේ නැහැ.+
හිංසා පීඩා විඳින, දුප්පත්, හිත් වේදනාවෙන් ඉන්න අයව මරලා දාන්න හිතාගෙන
ඔහු ඔවුන් පස්සේ පන්නගෙන ගියා.+
17 ඔහු ලොකු ආශාවකින් අනිත් අයට ශාප කළා.
ඒ නිසා ඒ ශාප ඔහු පිටටම ආවා.
කාටවත් ආශීර්වාද කරන්න ඔහු කැමති වුණේ නැහැ.
ඒ නිසා ඔහුටත් කිසි ආශීර්වාදයක් ලැබුණේ නැහැ.
18 ඔහු ඇඳුමක් ඇඳගන්නවා වගේ ශාප ඔහු පිටටම දාගත්තා.
ශරීරයට වතුර උරාගන්නවා වගෙත්
ඇටකටුවලට තෙල් ඇදගන්නවා වගෙත් ඒ ශාප ඔහු පිටට ආවා.
ඔබේ නොසැලෙන ආදරය පෙන්නලා මාව බේරගන්න.+
ඒ ආදරේ මට හුඟක් වටිනවා.
23 නොපෙනී යන සෙවණැල්ලක් වගේ මගේ ජීවිතෙත් නැති වෙලා යනවා.
පළඟැටියෙක්ව ගසලා දානවා වගේ මාවත් අහක් කරලා දාලා.
24 නොකා නොබී ඉඳලා මගේ දණිස් පණ නැති වෙලා.
මගේ ඇඟ වැහැරිලා ගිහින්. මං එන්න එන්නම දුර්වල වෙනවා.
25 මම ඔවුන්ගේ නින්දාවට ලක් වෙලා.+
මාව දැක්කාම ඔවුන් ඔළුව වනවන සමච්චල් කරනවා.+
26 යෙහෝවා, මගේ දෙවියනි, මට උදව් කරන්න.
ඔබේ නොසැලෙන ආදරය පෙන්නලා මාව බේරගන්න.
27 යෙහෝවා දෙවියනි, මට ගැලවීම දුන්නේ ඔබයි කියලා
එතකොට ඔවුන් දැනගනියි.
28 ඔවුන් මට ශාප කරපුදෙන්. ඒත් ඔබ මට ආශීර්වාද කරන්න.
ඔවුන් මට විරුද්ධව එද්දී ඔවුන්ව ලැජ්ජාවට පත් කරන්න.
ඒත් ඔබේ සේවකයාගේ හිත සතුටින් පුරවන්න.
31 මොකද දෙවියන් දුප්පත් කෙනාගේ දකුණු පැත්තේ ඉඳලා
ඔහුට චෝදනා කරන අයගෙන් ඔහුව බේරගන්නවා.