ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙත. සංගීත භාණ්ඩය ෂෙමිනිත්වලට* මාරු කරන්න. දාවිත් රචනා කරපු ගීතයක්.
12 අනේ යෙහෝවා, මාව ගලවගන්න.
මොකද ඔබට පක්ෂපාත කිසි කෙනෙක් ඉතුරු වෙලා නැහැ.
විශ්වාසවන්තව ඉන්න එක් කෙනෙක්වත් හොයාගන්න නැහැ.
3 යෙහෝවා චාටු කතා කියන අයව නිහඬ කරනවා.
පුරසාරම් දොඩන අයගේ දිව කපලා දානවා.+
4 “කතාවෙන් අපිට ඕනෙම දෙයක් ජය ගන්න පුළුවන්.
අපි කැමති ඕනෙම දෙයක් කියන්න අපිට අයිතිය තියෙනවා.
අපිව පාලනය කරන්න කාටවත් බැහැ” කියලා ඒ අය කියයි.+
5 ඒත් යෙහෝවා මෙහෙම කියනවා.
“දුෂ්ටයන් දුක් විඳින අයව පාගලා දාන හැටි මම දකිනවා.
දුප්පතුන්ගේ දුක් ගැනවිලි මට ඇහෙනවා.+ ඔවුන්ව බේරගන්න මම පියවර ගන්නවා.
ඔවුන්ට පහත් විදිහට සලකන අයගෙන් මම ඔවුන්ව ආරක්ෂා කරනවා.”