ගීතාවලිය
කෝරාගේ පුතුන් රචනා කරපු ගීයක්.+
48 යෙහෝවා ශ්‍රේෂ්ඨයි. ඔහු හැම කෙනෙක්ගෙම ප්‍රශංසාව ලබන්න වටින දෙවි කෙනෙක්.
අපේ දෙවියන්ගේ නුවරේදී, ඔහුගේ ශුද්ධ කන්දේදී ඔහුට ප්‍රශංසා ලැබේවා!
2 ඉහළින්ම පේන්න තියෙන සියොන් කන්ද අලංකාරයෙන් බැබළෙයි.
උතුරු කෙළවරේ තියෙන ඒ නුවර ශ්‍රේෂ්ඨ රජුගේ නුවරයි.+
ඒක පොළොව පුරාම ඉන්න අයගේ සතුටට හේතු වෙයි.+
5 ඒත් ඔවුන් නුවර දැක්කාම පුදුමයට පත් වුණා.
ඔවුන් කලබල වෙලා පලා ගියා.
6 ඔවුන් බයෙන් වෙවුලන්න පටන්ගත්තා.
දරුවෙක් බිහි කරද්දී අම්මා කෙනෙක්ට දැනෙනවා තරම් වේදනාවක් ඔවුන්ට දැනුණා.
7 දෙවියන් නැඟෙනහිරෙන් කුණාටුවක් එවලා තර්ෂිෂ් නැව් සුනුවිසුනු කළා.
8 අපිට අහන්න ලැබුණ දේවල් අපි අපේ ඇස් දෙකෙන්ම දැක්කා.
ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ නුවරේදී,
අපේ දෙවියන්ගේ නුවරේදී අපි ඒ දේවල් දැක්කා.
ඔහු ඒ නුවර සදහටම ආරක්ෂා කරයි.+ (සීලාහ්)
ඔබ නිතරම ඔබේ බලය පාවිච්චි කරන්නේ හරි දේ කරන්නයි.*+
එතකොට ඉදිරි පරම්පරාවටත් ඒ ගැන කියන්න ඔබට පුළුවන් වෙයි.