හොෂෙයා
3 ඒත් එෆ්‍රායිම්ට ඇවිදින්න ඉගැන්නුවේ මමයි.+
මම ඔවුන්ව අත් දෙකෙන් අල්ලගෙන ළයට තුරුල් කරගත්තා.+
ඒත් ඔවුන්ව සුව කළේ මමයි කියලා ඔවුන් පිළිගත්තේ නැහැ.
4 මම ඔවුන්ට ආදරේ කරුණාව පෙන්වලා* ඔවුන්ව මං ළඟට ඇදගත්තා.+
ඔවුන් පිට තිබුණ වියගහ අයින් කරලා හරිම ආදරයෙන්
ඒ හැම කෙනෙක්ටම කන්න ගෙනත් දුන්නා.
5 ඔවුන් ආයෙත් ඊජිප්තු දේශයට යන්නේ නැහැ.
ඒත් ඇසිරියාවට යටත් වෙන්න ඔවුන්ට සිද්ධ වෙනවා.+
මොකද ඔවුන් ආයෙත් මං ළඟට එන්න කැමති වුණේ නැහැ.+
6 ඔවුන් කරන කුමන්ත්‍රණ නිසා හතර පැත්තටම පහර දෙන කඩුවක් එයි.+
ඒක ඔවුන්ගේ දොරටුවල අගුල් සුනුවිසුනු කරලා නගර විනාශ කරලා දායි.
ඔවුනුත් කඩුවෙන් මැරුම් කයි.+
7 මගේ සෙනඟ බලන් ඉන්නෙම මට ද්‍රෝහිකම් කරන්න.+
උස් තැන්වල වසන තැනැත්තාණන් ළඟට එන්න* කියලා අවවාද කළත්
මගේ සෙනඟ ඒක ගාණකටවත් ගන්නේ නැහැ.
8 එෆ්‍රායිම්, මං ඔබව අත්හරින්නේ කොහොමද?+
ඊශ්‍රායෙල්, මං කොහොමද ඔබව සතුරන් අතට භාර දෙන්නේ?
අද්මා නගරයටත් ෂෙබොයිම් නගරයටත් කරපු දේ
මං ඔබට කරන්නේ කොහොමද?+
මගේ හිත මං වෙනස් කරගත්තා.
මගේ හිත උණු වෙලා ඔබට අනුකම්පා කරන්න පටන්ගත්තා.+
9 මගේ දැවෙන කෝපය මං පිට කරන්නේ නැහැ.
මං ආයෙත් නම් එෆ්රායිම්ව විනාශ කරන්නේ නැහැ.+
කේන්තියෙන් ඔබට දඬුවම් කරන්නෙත් නැහැ.
මොකද ඔබ අතරේ ඉන්න ශුද්ධ තැනැත්තා වන මං
සැබෑ දෙවියන් මිසක් මනුෂ්‍යයෙක් නෙමෙයි.
10 ඔවුන් යෙහෝවා වන මං පස්සේ එයි. මම සිංහයෙක් වගේ ගර්ජනා කරනවා.+
එතකොට මගේ පුතුන් බයෙන් ගැහිගැහී බස්නාහිර පැත්තෙන් එයි.+
11 බයෙන් වෙවුලන කුරුල්ලෙක් වගේ ඔවුන් ඊජිප්තුවෙන් පිටතට එයි.
පරෙවියෙක් වගේ ඇසිරියාවෙන් පිට වෙලා එයි.+
මම ඔවුන්ගෙම ගෙවල්වල ඔවුන්ව පදිංචි කරවනවා.”
එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.+
ඒත් යූදා තවමත් මං එක්කම ඉන්නවා.
ඔවුන් අතිශුද්ධ තැනැත්තා වන මට විශ්වාසවන්තව ඉන්නවා.”+