සෙකරියා
2 මම ඔළුව උස්සලා බලද්දී මනින ලණුවක්+ අතේ තියාගෙන හිටිය මිනිසෙක්ව දැක්කා. 2 “ඔයා කොහෙද යන්නේ” කියලා මම එයාගෙන් ඇහුවා.
“මම යන්නේ යෙරුසලමේ දිග පළල මනින්න”+ කියලා එයා කිව්වා.
3 එතකොට මාත් එක්ක කලින් කතා කරකර හිටපු දේවදූතයා එතනින් ගියා. එයා යද්දී එයාව හම්බ වෙන්න තවත් දේවදූතයෙක් ආවා. 4 එයා මුලින්ම ආපු දේවදූතයාට මෙහෙම කිව්වා. “අර තරුණයා ළඟට දුවලා ගිහින් මෙහෙම කියන්න. ‘“ඉස්සරහට යෙරුසලම පවුරකින් වට කරන්න බැරි තරම් විශාල දේශයක් වගේ වෙයි.+ මොකද ඒක මිනිස්සුන්ගෙනුත් සත්තුන්ගෙනුත් පිරිලා ඉතිරිලා යයි.+ 5 මම ගිනි පවුරක් වගේ යෙරුසලම වට කරගන්නවා.+ මගේ තේජසින් ඇයව පුරවනවා”+ කියලා යෙහෝවා කියනවා.”’”
6 “පොළොවේ හතර දිශාවට මං විසුරුවාහැරපු ජනයෙනි, ආයෙත් එන්න”+ කියලා යෙහෝවා කියනවා.
“උතුරු දේශයෙන් පිට වෙලා ඉක්මනින්ම එන්න.”+ එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.
7 “සියොන් ජනයෙනි, ඉක්මනින්ම බැබිලෝනියෙන් බේරිලා එන්න.+ 8 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ගෞරවයට පත් වුණාට පස්සේ ඔයාලව සූරන් කාපු ජාතීන් ළඟට මාව යැව්වා.+ ඔහු මෙහෙම කිව්වා. ‘කවුරු හරි ඔයාලට හිරිහැර කළොත් ඒක හරියට මගේ ඇහේ කලු ඉංගිරියාවට අත තියනවා වගේ.+ 9 ඒ නිසා මම ඒ ජාතීන්ට පහර දෙනවා. ඒ ජාතීන් වහල්කමට අරන් ගිය අයම එයාලව කොල්ල කනවා.’+ එතකොට ඔයාලා දැනගනියි මාව එව්වේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලා.
10 යෙහෝවා මෙහෙම කියනවා. “සියොන් දියණිය, සතුටින් කෑගහන්න.+ මොකද මම ඔයාලා අතරට ඇවිත්+ ඔයාලා එක්කම ඉන්නවා.+ 11 ඒ කාලයේදී, හුඟක් ජාතීන් යෙහෝවා වන මාත් එක්ක බැඳීමක් ඇති කරගන්නවා.+ ඔයාලා මගේ සෙනඟ වෙනවා. මමත් ඔයාලා එක්කම ඉන්නවා.” එතකොට ඔයාලා දැනගනියි මාව එව්වේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලා. 12 ඒ කාලයේදී යෙහෝවා, ශුද්ධ දේශයෙන් තමන්ගේ උරුමය විදිහට තෝරගන්නේ යූදා සෙනඟවයි. ඔහු ආයෙත් යෙරුසලම ඔහුගේ නගරය විදිහට තෝරගන්නවා.+ 13 සියලු ජනයෙනි, යෙහෝවා දෙවියන් ඉදිරියේ නිහඬ වෙන්න. මොකද ඔහු ඔහුගේ ශුද්ධ වාසස්ථානයේ ඉඳන් පියවර ගන්නවා.