හග්ගයි
1 දාරියුස් රජකම් කළ දෙවන අවුරුද්දේ+ හයවන මාසයේ පළමුවන දින යෙහෝවා දෙවි අනාගතවක්තෘ හග්ගයි+ මාර්ගයෙන්, යූදා දේශයේ ආණ්ඩුකාරයා වූ+ ෂෙයල්ටියල්ගේ+ පුත් සෙරුබාබෙල්ට+ හා උත්තම පූජකයා වූ යෙහොෂාදාක්ගේ+ පුත් යොෂුවාට+ මෙම පණිවිඩය දුන්නේය.
2 “ස්වර්ගයේ සේනාවල අධිපති*+ වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘“යෙහෝවා දෙවිගේ ගෘහය නැවත ගොඩනඟන්න තවම කාලය පැමිණ නැත” කියා මේ ජනතාව කියන්නෝය.’”+
3 යෙහෝවා දෙවි අනාගතවක්තෘ හග්ගයි මාර්ගයෙන් තවදුරටත් මෙසේ පැවසුවේය. 4 “මාගේ ගෘහය මෙසේ නාස්ති වී තිබියදී+ ඔබ අලංකාර ලීවලින් සැරසූ ඔබේ ගෙවල්වල සුව සේ ජීවත් වන්නහුය.+ මෙවැනි කාලයක ඔබ එලෙස කටයුතු කිරීම සුදුසු දෙයක් කියා ඔබ සිතන්නහුද? 5 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි වන මා පවසන මේ දේට දැන් සවන් දෙන්න. ‘ඔබේ ක්රියාකලාපය ගැන හොඳින් සිතා බලන්න.+ 6 ඔබ බොහෝ බීජ වැපුරූ නමුත් නෙළාගන්නේ ඉතා අඩු අස්වැන්නකි.+ ඔබට කන්න යමක් තිබුණත් තෘප්තියට පත් වන තුරු කන්න ලැබෙන්නේ නැත.+ ඔබට බොන්න යමක් තිබුණත් ඇති තරම්* බොන්න ලැබෙන්නේ නැත. ඇඳුම් ඇන්දත් ඔබට උණුසුමක් ලැබෙන්නේ නැත. ඔබ මුදල් හම්බ කළත් හිල් ඇති පසුම්බියකට දමන්නාක් මෙන් ඒවා ඔබෙන් ගිලිහී යයි.’”+
7 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ජනයෙනි, ඔබේ ක්රියාකලාපය ගැන හොඳින් සිතා බලන්න.’+
8 “‘කඳුකරයට ගොස් ගස් කපාගෙන ඇවිත්+ මේ ගෘහය ගොඩනඟන්න.+ මාව ගෞරවයට පත් කරන පිණිස එසේ කරන්න.+ එවිට මේ ගෘහය ගැන මම සතුටු වෙමි.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.”
9 “‘ඔබ බොහෝ දේවල් බලාපොරොත්තුවෙන් සිටියත් ඔබට ලැබුණේ අල්පයකි.+ ලැබුණු දේ ඔබේ නිවසට ගෙනාවත් මම එක හුස්මක් හෙළා ඒ සියල්ල නැති කර දැමුවෙමි.+ මා එසේ කළේ ඇයි කියා ඔබ දන්නවාද?’+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘මා එසේ කළේ ඔබ මාගේ ගෘහය පාළුවට යන්න ඉඩහැර, ඔබේ ගෙවල් දොරවල් වැඩි දියුණු කරගන්න වෙහෙසෙන නිසයි.+ 10 ඔබේ දේශයට අහසින් පිනි වැටුණේවත් පොළොවෙන් අස්වැන්න ලැබුණේවත් නැත්තේ ඒ නිසයි.+ 11 මම දේශය පුරා නියඟයක් ඇති කළෙමි. එය කඳුකරයටත් ධාන්යවලටත් අලුත් වයින්වලටත්+ තෙල්වලටත් පොළොවෙන් හටගන්න පලදාවටත් දේශයේ වැසියන්ටත් සියලු සතුන්ටත් ඔබේ දෑතේ වීර්යයෙන් කරන සියලු වැඩවලටත් බලපෑවේය.’”+
12 ෂෙයල්ටියල්ගේ පුත් සෙරුබාබෙල්ද+ යෙහොෂාදාක්ගේ+ පුත්රයා වූ උත්තම පූජක යොෂුවාද අන් සියලුදෙනාද තමන්ගේ දෙවි වන යෙහෝවා පැවසූ දේට ඇහුම්කන් දුන්නෝය.+ ඔවුන්ගේ දෙවි වන යෙහෝවා අනාගතවක්තෘ හග්ගයිව+ ඔවුන් වෙතට එවූ නිසා ඔහු කී දේට ඔවුහු ඇහුම්කන් දුන්නෝය. ජනයාට යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක්ද ඇති විය.+
13 යෙහෝවා දෙවිගේ පණිවිඩකරු+ වූ හග්ගයි, යෙහෝවා දෙවි තමාට නියම කළ ආකාරයට+ ජනයාට මෙසේ කීවේය. “‘මා ඔබ සමඟය’+ කියා යෙහෝවා දෙවි කියන්නේය.”
14 යෙහෝවා දෙවි, යූදා දේශයේ ආණ්ඩුකාරයා වූ ෂෙයල්ටියල්ගේ පුත් සෙරුබාබෙල්වද යෙහොෂාදාක්ගේ පුත්රයා වූ උත්තම පූජක යොෂුවා+ හා අන් සියලුදෙනාවද දිරිගැන්වූවේය.+ එහෙයින් ඔවුහු මහත් උද්යෝගයකින් ගොස් ස්වර්ගයේ සේනාවල අධිපති වන තමුන්ගේ දෙවි වූ යෙහෝවාගේ ගෘහයේ වැඩ පටන්ගත්තෝය.+ 15 ඔවුන් වැඩ පටන්ගත්තේ දාරියුස්+ රජකම් කළ දෙවන අවුරුද්දේ හයවන මාසයේ විසිහතරවනදාය.