ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙතය. තත් භාණ්ඩ ඇතුව ගායනා කිරීම සඳහාය. මස්කිල්. දාවිත් රචනා කළ ගීතයකි.
55 අනේ දෙවියනි, මාගේ යාච්ඤාවට සවන් දෙන්න.+
මට කරුණාව පෙන්වන්න කියා මා ඔබට කන්නලව් කරන විට එය නොඇසුණා සේ නොසිටින්න.+
2 මට සවන් දී මාගේ ඉල්ලීම ඉටු කරන්න.+
ප්රශ්න ගැටලු නිසා මා කැලඹී සිටින්නෙමි.+
නොසන්සුන්කමක් හැර වෙන කිසිවක් මාගේ සිතට නොදැනේ.
3 මා නොසන්සුන්ව සිටින්නේ දුෂ්ටයා ගෙනෙන පීඩා නිසාත් සතුරා පවසන දේවල් නිසාත්ය.+
ඔවුහු දිගින් දිගටම මාගේ සිතට වේදනා දෙති.+
කෝපයෙන් මට විරුද්ධව ක්රියා කරති.+
6 මම මෙසේ කියමි. “අනේ, මට පරෙවියෙකුට මෙන් පියාපත් තිබුණා නම්!+
මම ඉගිලී ගොස් වෙන තැනක ලැගුම් ගන්නෙමි.+
පාළුකරයට ගොස් එහි වාසය කරන්නෙමි.+—සීලාහ්—
8 සැඩ සුළඟින්ද කුණාටුවෙන්ද මිදී
ඉක්මනින්ම ආරක්ෂිත ස්ථානයකට යන්නෙමි.+
9 යෙහෝවා දෙවියනි, ඔවුන්ව වියවුලට පත් කරන්න. ඔවුන්ගේම කතාවෙන් ඔවුන් අතර භේද ඇති කරන්න.+
මන්ද ඔවුන්ගේ සැහැසික ක්රියාද ආරවුල්ද නගරය පුරාම දකින්න තිබේ.+
12 මට නින්දා කරන්නේ මාගේ සතුරෙකු නම්+
මේ දුක මට ඉවසීමට පුළුවන.
මට විරුද්ධව උදම් ඇණුවේ මා සමඟ මහත් වෛරයෙන් සිටින කෙනෙක් නම්+
ඔහුගෙන් සැඟවී සිටීමට මට පුළුවන.+
මාව හොඳින් දැන හඳුනන, මාගේ කිට්ටු මිත්රයෙකු වූ ඔබය.+
14 කලින් අපි සමීප මිතුරන් ලෙස සිටියෙමු.+
සෙනඟ සමඟ දෙවිගේ ගෘහයට නොයෙක් වර ගියෙමු.+
15 දුෂ්ටකම මාගේ සතුරන්ගේ සිත් තුළ මුල් ඇද තිබේ.+
එබැවින් විනාශය ඔවුන් පිටට පැමිණේවා!+
ඔවුන්ට පණපිටින්ම මිනී වළට යෑමට සිදු වේවා!+
18 ඔවුන් මට විරුද්ධව කරන සටනින් දෙවි මාව බේරාගන්නේය. මාගේ සිතට සහනයක් දෙන්නේය.+
මන්ද මහත් හමුදාවක් මෙන් ඔවුහු මට විරුද්ධව නැඟී සිටිති.+
19 අතීතයේ පටන් සිංහාසනයේ හිඳගෙන සිටින+
දෙවි, මාගේ හඬ අසා ඔවුන්ට දඬුවම් කරන්නේය.+—සීලාහ්—
මන්ද ඔවුහු තම ජීවිත මාර්ගය වෙනස් කර නොගනිති.+
දෙවි කෙරෙහි කිසිදු ගරුබියක්ද ඔවුන් තුළ නැත.+
21 ඔහුගේ වදන් වෙඬරු මෙන් සුමුදුය.+
නමුත් ඔහුගේ සිත වෛරයෙන් පිරී තිබේ.+
ඔහුගේ මුවින් පිට වන වදන් මිහිරිය.*+
නමුත් ඒවා තියුණු කඩු මෙනි.+