යෙසායා 27:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඊශ්රායෙල් සෙනඟෙනි, ගසකින් ගෙඩි කඩා* එකින් එක එකතු කරගන්නා සේම,+ මහ ගඟ*+ අසල සිට ඊජිප්තු නිම්නය+ දක්වා විසිරී සිටින ඔබව යෙහෝවා දෙවි එකතු කරගන්නේය.+ යෙසායා 43:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “භය නොවන්න. මම ඔබ සමඟ සිටිමි.+ නැඟෙනහිර දෙසින්ද බස්නාහිර දෙසින්ද මම ඔබේ දරුවන්ව එකතු කර එක තැනකට ගෙනෙන්නෙමි.+ එසකියෙල් 34:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 විවිධ ජාතීන් හා දේශයන් අතරේ විසිර සිටින උන්ව මම නැවතත් තමන්ගේම දේශයට+ ගෙනෙන්නෙමි.+ ඉන්පසු මම උන්ව ඊශ්රායෙල් දේශයේ කඳුවලද දිය පහරවල් අසලද වාසයට සුදුසු සියලුම ස්ථානවලද පෝෂණය කරන්නෙමි.+ එසකියෙල් 36:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ‘ඔබ විසිරී සිටින දේශයන් අතරින්ද ජාතීන් අතරින්ද මම ඔබව එකතු කරගෙන ඔබේම දේශයට ගෙනෙන්නෙමි.+ ශෙපනියා 3:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒ කාලයේදී මම ඔබේ සෙනඟ එක් රැස් කරගෙන නැවත ඔවුන්ගේ මව්බිමට රැගෙන එන්නෙමි. ඔබේ ඇස් පනාපිටම මම ඔවුන්ව නිදහස් කර නැවත රැගෙන එන්නෙමි. එවිට පොළොවේ සියලු වැසියන්ගේ ගෞරවය ඔබට ලැබෙනු ඇත. ඔවුන් අතරේ ඔබට හොඳ නාමයක්ද ලැබෙනු ඇත.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.+
12 ඊශ්රායෙල් සෙනඟෙනි, ගසකින් ගෙඩි කඩා* එකින් එක එකතු කරගන්නා සේම,+ මහ ගඟ*+ අසල සිට ඊජිප්තු නිම්නය+ දක්වා විසිරී සිටින ඔබව යෙහෝවා දෙවි එකතු කරගන්නේය.+
5 “භය නොවන්න. මම ඔබ සමඟ සිටිමි.+ නැඟෙනහිර දෙසින්ද බස්නාහිර දෙසින්ද මම ඔබේ දරුවන්ව එකතු කර එක තැනකට ගෙනෙන්නෙමි.+
13 විවිධ ජාතීන් හා දේශයන් අතරේ විසිර සිටින උන්ව මම නැවතත් තමන්ගේම දේශයට+ ගෙනෙන්නෙමි.+ ඉන්පසු මම උන්ව ඊශ්රායෙල් දේශයේ කඳුවලද දිය පහරවල් අසලද වාසයට සුදුසු සියලුම ස්ථානවලද පෝෂණය කරන්නෙමි.+
20 ඒ කාලයේදී මම ඔබේ සෙනඟ එක් රැස් කරගෙන නැවත ඔවුන්ගේ මව්බිමට රැගෙන එන්නෙමි. ඔබේ ඇස් පනාපිටම මම ඔවුන්ව නිදහස් කර නැවත රැගෙන එන්නෙමි. එවිට පොළොවේ සියලු වැසියන්ගේ ගෞරවය ඔබට ලැබෙනු ඇත. ඔවුන් අතරේ ඔබට හොඳ නාමයක්ද ලැබෙනු ඇත.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.+