යෙරෙමියා 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට මම මෙසේ කීවෙමි. “විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවියනි, කඩුව නිසා ඔබේ සෙනඟගේ ජීවිතය තිබෙන්නේ අනතුරේ! නමුත් යූදා හා යෙරුසලමෙහි වැසියන් සිතන්නේ තම දේශයට සමාදානය ලැබෙයි කියාය.+ දෙවියනි, ඔවුන්ට එසේ නොමඟ යෑමට ඔබ ඉඩ දුන්නේ මන්ද?”+ යෙරෙමියා 5:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 අනාගතවක්තෘවරු බොරු අනාවැකි ප්රකාශ කරති.+ පූජකයෝ හිතුමතේට තම බලය යොදාගනිමින් මිනිසුන්ව පාගා දමති.+ නමුත් මාගේ සෙනඟ මේ සෑම දෙයක්ම භාරගන්නේ කැමැත්තෙනි.+ ජනයෙනි, මේ සියල්ලේම අවසාන ප්රතිඵලවලට මුහුණ දීමට ඔබට සිදු වෙයි. එවිට ඔබ කරන්නේ කුමක්ද?”+ යෙරෙමියා 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 තුවාලයකට මතුපිටින් පමණක් බෙහෙත් දමන්නාක් මෙන් ඔවුහුද සාමය නැති විටදී පවා, ‘දැන් සාමය පැමිණ ඇත! සාමය පැමිණ ඇත!’+ කියා මාගේ සෙනඟව බොරුවට සැනසවීමට උත්සාහ කරති.+ යෙරෙමියා 23:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මට අගෞරව කරන අයට ඔවුහු නැවත නැවතත් මෙසේ පවසති. ‘“ඔබට සාමයෙන් ජීවත් වීමට හැකි වෙනවා”+ කියා යෙහෝවා දෙවි පැවසුවා.’ එමෙන්ම ඔවුහු, ‘ඔබ පිටට කිසි විපත්තියක් පැමිණෙන්නේ නැහැ’+ කියා මුරණ්ඩු ලෙස හැසිරෙන සියලුදෙනාට පවසති.+ යෙරෙමියා 27:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘“‘“බැබිලෝනියේ රජුට සේවය කිරීමට ඔබට සිදු වෙන්නේ නැහැ”+ කියා පවසන ඔබේ අනාගතවක්තෘවරුන්ට,+ පේන කියන්නන්ට, සිහින දකින්නන්ට,+ මන්තර ගුරුකම් කරන්නන්ට+ හා කට්ටඩියන්ට ඇහුම්කන් නොදෙන්න. එසකියෙල් 13:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුන්ට ඒ දේ සිදු වන්නේ සාමයක් නැති විටදී පවා, “සාමය” ඇති බව කියමින් ඔවුන් මාගේ සෙනඟව නොමඟ යවා ඇති නිසාය.+ ජනතාව තම නිවෙස්වල බිත්ති ඉදි කළත් ඒවාට සුදු හුණු ගෑවත්+ ඔවුන්ගේ වෙහෙස නිෂ්ඵලය.’+ මීකා 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ප්රධානීන් තීන්දු දෙන්නේ තමන්ට ලැබෙන අල්ලසට අනුවය.+ පූජකයන් උපදෙස් දෙන්නෙත් අනාගතවක්තෘවරුන් අනාවැකි කියන්නෙත් මුදලටය.+ මේ සෑම දෙයක්ම කළ පසුත් ඔවුහු යෙහෝවා දෙවිගෙන් පිහිට පතමින්, “යෙහෝවා දෙවි අප සමඟය.+ අපට කිසි විපතක් සිදු වන්නේ නැත”+ කියාද පවසන්නෝය.
10 එවිට මම මෙසේ කීවෙමි. “විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවියනි, කඩුව නිසා ඔබේ සෙනඟගේ ජීවිතය තිබෙන්නේ අනතුරේ! නමුත් යූදා හා යෙරුසලමෙහි වැසියන් සිතන්නේ තම දේශයට සමාදානය ලැබෙයි කියාය.+ දෙවියනි, ඔවුන්ට එසේ නොමඟ යෑමට ඔබ ඉඩ දුන්නේ මන්ද?”+
31 අනාගතවක්තෘවරු බොරු අනාවැකි ප්රකාශ කරති.+ පූජකයෝ හිතුමතේට තම බලය යොදාගනිමින් මිනිසුන්ව පාගා දමති.+ නමුත් මාගේ සෙනඟ මේ සෑම දෙයක්ම භාරගන්නේ කැමැත්තෙනි.+ ජනයෙනි, මේ සියල්ලේම අවසාන ප්රතිඵලවලට මුහුණ දීමට ඔබට සිදු වෙයි. එවිට ඔබ කරන්නේ කුමක්ද?”+
14 තුවාලයකට මතුපිටින් පමණක් බෙහෙත් දමන්නාක් මෙන් ඔවුහුද සාමය නැති විටදී පවා, ‘දැන් සාමය පැමිණ ඇත! සාමය පැමිණ ඇත!’+ කියා මාගේ සෙනඟව බොරුවට සැනසවීමට උත්සාහ කරති.+
17 මට අගෞරව කරන අයට ඔවුහු නැවත නැවතත් මෙසේ පවසති. ‘“ඔබට සාමයෙන් ජීවත් වීමට හැකි වෙනවා”+ කියා යෙහෝවා දෙවි පැවසුවා.’ එමෙන්ම ඔවුහු, ‘ඔබ පිටට කිසි විපත්තියක් පැමිණෙන්නේ නැහැ’+ කියා මුරණ්ඩු ලෙස හැසිරෙන සියලුදෙනාට පවසති.+
9 “‘“‘“බැබිලෝනියේ රජුට සේවය කිරීමට ඔබට සිදු වෙන්නේ නැහැ”+ කියා පවසන ඔබේ අනාගතවක්තෘවරුන්ට,+ පේන කියන්නන්ට, සිහින දකින්නන්ට,+ මන්තර ගුරුකම් කරන්නන්ට+ හා කට්ටඩියන්ට ඇහුම්කන් නොදෙන්න.
10 ඔවුන්ට ඒ දේ සිදු වන්නේ සාමයක් නැති විටදී පවා, “සාමය” ඇති බව කියමින් ඔවුන් මාගේ සෙනඟව නොමඟ යවා ඇති නිසාය.+ ජනතාව තම නිවෙස්වල බිත්ති ඉදි කළත් ඒවාට සුදු හුණු ගෑවත්+ ඔවුන්ගේ වෙහෙස නිෂ්ඵලය.’+
11 ප්රධානීන් තීන්දු දෙන්නේ තමන්ට ලැබෙන අල්ලසට අනුවය.+ පූජකයන් උපදෙස් දෙන්නෙත් අනාගතවක්තෘවරුන් අනාවැකි කියන්නෙත් මුදලටය.+ මේ සෑම දෙයක්ම කළ පසුත් ඔවුහු යෙහෝවා දෙවිගෙන් පිහිට පතමින්, “යෙහෝවා දෙවි අප සමඟය.+ අපට කිසි විපතක් සිදු වන්නේ නැත”+ කියාද පවසන්නෝය.