ගණන් කතාව 23:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එවිට බාලාම් මේ පණිවිඩය+ ඔවුන්ට දැන්වූවේය.“මෝවබ්හි රජු වන බාලාක් ආරම්+ සිට මා කැඳෙව්වේය.නැඟෙනහිර දිශාවේ තිබෙන කඳුකරයේ සිට මා කැඳෙව්වේය.‘ඇවිත් මා වෙනුවෙන් යාකොබ්ට ශාප කරන්න.ඊශ්‍රායෙල්ව හෙළාදකින්න’ කියා ඔහු මට කීවේය.+ ගණන් කතාව 24:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට බාලාක් රජ මහත් සේ උදහස් වී තම අත්ලට ගසාගෙන+ බාලාම්ට මෙසේ කීවේය. “මා ඔබව කැඳෙව්වේ සතුරන්ට ශාප කරන්නයි.+ නමුත් ඔබ තුන් වතාවක්ම ඔවුන්ට බොහෝ සෙයින් ආශීර්වාද කළා. යොෂුවා 24:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නමුත් ඔබට ශාප කිරීමට මම බාලාම්ට ඉඩ දුන්නේ නැහැ.+ ඒ වෙනුවට කිහිප වතාවක්ම ඔබට ආශීර්වාද කිරීමට මම ඔහුව පෙලඹුවා.+ එලෙස මම ඔහුගෙන් ඔබව බේරාගත්තා.+ 2 පේතෘස් 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔවුන් හරි මඟ අත්හැර නොමඟ ගොස් ඇත. ඔවුන් අනුගමනය කරන්නේ වැරදි දේවල් කර ලාභ ලබාගැනීමට ප්‍රිය කළ+ බෙයොර්ගේ පුත් බාලාම්ගේ ක්රියාකලාපයයි.+ එළිදරව් 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “‘නමුත් ඔබේ යම් වැරදි ගැන ඔබට කිව යුතුයි. ඔබ අතරෙහි බාලාම් ඉගැන්වූ දේවලට ඇලී සිටින අය සිටිති.+ ඔහු ඊශ්‍රායෙල්වරුන්ව වරදට පෙලඹවීම සඳහා කළ යුතු දේ බාලාක්ට+ ඉගැන්වූ ආකාරය ඔබට මතක් විය යුතුයි. ඔහු කළ දේ නිසා ඊශ්‍රායෙල්වරු රූපවලට පූජා කළ දේවල් ආහාරයට ගනිමින් වේශ්‍යාකම්* කළෝය.+
7 එවිට බාලාම් මේ පණිවිඩය+ ඔවුන්ට දැන්වූවේය.“මෝවබ්හි රජු වන බාලාක් ආරම්+ සිට මා කැඳෙව්වේය.නැඟෙනහිර දිශාවේ තිබෙන කඳුකරයේ සිට මා කැඳෙව්වේය.‘ඇවිත් මා වෙනුවෙන් යාකොබ්ට ශාප කරන්න.ඊශ්‍රායෙල්ව හෙළාදකින්න’ කියා ඔහු මට කීවේය.+
10 එවිට බාලාක් රජ මහත් සේ උදහස් වී තම අත්ලට ගසාගෙන+ බාලාම්ට මෙසේ කීවේය. “මා ඔබව කැඳෙව්වේ සතුරන්ට ශාප කරන්නයි.+ නමුත් ඔබ තුන් වතාවක්ම ඔවුන්ට බොහෝ සෙයින් ආශීර්වාද කළා.
10 නමුත් ඔබට ශාප කිරීමට මම බාලාම්ට ඉඩ දුන්නේ නැහැ.+ ඒ වෙනුවට කිහිප වතාවක්ම ඔබට ආශීර්වාද කිරීමට මම ඔහුව පෙලඹුවා.+ එලෙස මම ඔහුගෙන් ඔබව බේරාගත්තා.+
15 ඔවුන් හරි මඟ අත්හැර නොමඟ ගොස් ඇත. ඔවුන් අනුගමනය කරන්නේ වැරදි දේවල් කර ලාභ ලබාගැනීමට ප්‍රිය කළ+ බෙයොර්ගේ පුත් බාලාම්ගේ ක්රියාකලාපයයි.+
14 “‘නමුත් ඔබේ යම් වැරදි ගැන ඔබට කිව යුතුයි. ඔබ අතරෙහි බාලාම් ඉගැන්වූ දේවලට ඇලී සිටින අය සිටිති.+ ඔහු ඊශ්‍රායෙල්වරුන්ව වරදට පෙලඹවීම සඳහා කළ යුතු දේ බාලාක්ට+ ඉගැන්වූ ආකාරය ඔබට මතක් විය යුතුයි. ඔහු කළ දේ නිසා ඊශ්‍රායෙල්වරු රූපවලට පූජා කළ දේවල් ආහාරයට ගනිමින් වේශ්‍යාකම්* කළෝය.+