උත්පත්ති 38:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒ නිසා යූදා ඕනාන්ට කතා කර මෙසේ කීවේය. “ඔබේ සහෝදරයාගේ භාර්යාව සමඟ විවාහ වී ඔබේ සහෝදරයාගේ නමින් දරුවන් බිහි කරන්න. ඔබ එසේ කර මස්සිනාගේ යුතුකම් ඉටු කරන්න.”+ ද්විතීය කතාව 25:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “සහෝදරයන් කිහිපදෙනෙකු සිටින පවුලක එක් සහෝදරයෙක් විවාහ වූ පසු දරුවන් නොමැතිව ඔහු මිය ගියායයි සිතන්න. එවැනි අවස්ථාවක ඔහුගේ බිරිඳව වෙනත් පවුලක කෙනෙකුට විවාහ කර නොදිය යුතුයි. ඒ වෙනුවට ඔහුගේ සහෝදරයෙක් මස්සිනාගේ යුතුකම් ඉටු කරමින් ඇයව විවාහ කරගත යුතුයි.+ රූත් 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් නායොමි මෙසේ කීවාය. “අනේ මගේ දරුවෙනි, ආපහු යන්න. මාත් එක්ක එන එකෙන් ඔබ දෙදෙනාට කිසි ප්රයෝජනයක් තියෙනවාද? ඔබ දෙදෙනාට විවාහ කර දෙන්න මගේ කුසෙන් තවත් දරුවන් බිහි කරන්න මට පුළුවන්කමක් තියෙනවාද?+ රූත් 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 අද රෑ ඔබ මෙහෙ ඉන්න. හෙට උදේට මම ඔහු සමඟ කතා කරන්නම්. නෑදෑයෙකු අතින් ඉටු විය යුතු වගකීම ඔබ වෙනුවෙන් ඉෂ්ට කරන්න ඔහු කැමති වුණොත්*+ හොඳයි. නමුත් ඔහු අකමැති වුණොත් මම ඒ වගකීම භාරගන්න බවට ජීවමාන දෙවි වන යෙහෝවාගේ නාමයෙන් දිවුරා පොරොන්දු වෙනවා.+ ඒ නිසා උදේ වෙනකම් මෙහෙ ඉන්න.” මාක් 12:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “ගුරුතුමනි, ‘කෙනෙකු දරුවන් නැතුව මිය ගියොත් ඔහුගේ සහෝදරයා+ ඔහුගේ බිරිඳව විවාහ කරගෙන තම සහෝදරයාගේ නමින්+ දරුවන් බිහි කළ යුතුයි’ කියා මෝසෙස්ට දෙන ලද නීතියේ සඳහන් වී තිබුණා.
8 ඒ නිසා යූදා ඕනාන්ට කතා කර මෙසේ කීවේය. “ඔබේ සහෝදරයාගේ භාර්යාව සමඟ විවාහ වී ඔබේ සහෝදරයාගේ නමින් දරුවන් බිහි කරන්න. ඔබ එසේ කර මස්සිනාගේ යුතුකම් ඉටු කරන්න.”+
5 “සහෝදරයන් කිහිපදෙනෙකු සිටින පවුලක එක් සහෝදරයෙක් විවාහ වූ පසු දරුවන් නොමැතිව ඔහු මිය ගියායයි සිතන්න. එවැනි අවස්ථාවක ඔහුගේ බිරිඳව වෙනත් පවුලක කෙනෙකුට විවාහ කර නොදිය යුතුයි. ඒ වෙනුවට ඔහුගේ සහෝදරයෙක් මස්සිනාගේ යුතුකම් ඉටු කරමින් ඇයව විවාහ කරගත යුතුයි.+
11 නමුත් නායොමි මෙසේ කීවාය. “අනේ මගේ දරුවෙනි, ආපහු යන්න. මාත් එක්ක එන එකෙන් ඔබ දෙදෙනාට කිසි ප්රයෝජනයක් තියෙනවාද? ඔබ දෙදෙනාට විවාහ කර දෙන්න මගේ කුසෙන් තවත් දරුවන් බිහි කරන්න මට පුළුවන්කමක් තියෙනවාද?+
13 අද රෑ ඔබ මෙහෙ ඉන්න. හෙට උදේට මම ඔහු සමඟ කතා කරන්නම්. නෑදෑයෙකු අතින් ඉටු විය යුතු වගකීම ඔබ වෙනුවෙන් ඉෂ්ට කරන්න ඔහු කැමති වුණොත්*+ හොඳයි. නමුත් ඔහු අකමැති වුණොත් මම ඒ වගකීම භාරගන්න බවට ජීවමාන දෙවි වන යෙහෝවාගේ නාමයෙන් දිවුරා පොරොන්දු වෙනවා.+ ඒ නිසා උදේ වෙනකම් මෙහෙ ඉන්න.”
19 “ගුරුතුමනි, ‘කෙනෙකු දරුවන් නැතුව මිය ගියොත් ඔහුගේ සහෝදරයා+ ඔහුගේ බිරිඳව විවාහ කරගෙන තම සහෝදරයාගේ නමින්+ දරුවන් බිහි කළ යුතුයි’ කියා මෝසෙස්ට දෙන ලද නීතියේ සඳහන් වී තිබුණා.