ගීතාවලිය 49:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔහු ජීවිත කාලය පුරාම තමන්වම වර්ණනා කරගන්නේය.+(යමෙකු බොහෝ වස්තු රැස් කරමින් දිනෙන් දින දියුණු වන විට මිනිස්සුද ඔහුව පැසසුමට ලක් කරති.)+ දේශනාකාරයා 11:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 තරුණය, ඔබේ යෞවන කාලය සතුටින් ගත කරන්න.+ යොවුන් වියේදී ප්රීති වන්න. ඔබේ සිතේ ආශාවන් ඉටු කරගන්න. ඔබේ ඇස්වලට ප්රිය කරන දේ ලබාගන්න.+ එහෙත් ඔබ කරන සෑම දෙයක් ගැනම සැබෑ දෙවිට ගණන් දිය යුතු බව අමතක නොකරන්න.+ ලූක් 16:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “එක්තරා ධනවත් මිනිසෙක්+ සිටියා. ඔහු පුරුදු වී සිටියේ මිල අධික දම් පැහැති වස්ත්ර හා ලිනන් රෙදිවලින් මැසූ ඇඳුම් අඳින්නයි. සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ ඔහු දිනපතාම කල් ගෙව්වේ මහත් ප්රීතියකින්.+ යාකොබ් 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “අද නැත්නම් හෙට අප අහවල් නුවරට ගොස් එහි අවුරුද්දක් ගත කර, වෙළඳාම් කර ලාභ ලබාගමු” කියා පවසන ඔබ මේ දේට සවන් දෙන්න.+ යාකොබ් 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ මෙලොවෙහි ගත කර තිබෙන්නේ ඉතා සැපවත් ජීවිතයකි. ඔබ නිතරම ඔබේම ආශාවන් තෘප්තිමත් කරගැනීමට උත්සාහ දරා ඇත.+ මස් සඳහා තර කරන සතුන් හා සමානව ඔබේ හදවත් තර වී ඇත.+
18 ඔහු ජීවිත කාලය පුරාම තමන්වම වර්ණනා කරගන්නේය.+(යමෙකු බොහෝ වස්තු රැස් කරමින් දිනෙන් දින දියුණු වන විට මිනිස්සුද ඔහුව පැසසුමට ලක් කරති.)+
9 තරුණය, ඔබේ යෞවන කාලය සතුටින් ගත කරන්න.+ යොවුන් වියේදී ප්රීති වන්න. ඔබේ සිතේ ආශාවන් ඉටු කරගන්න. ඔබේ ඇස්වලට ප්රිය කරන දේ ලබාගන්න.+ එහෙත් ඔබ කරන සෑම දෙයක් ගැනම සැබෑ දෙවිට ගණන් දිය යුතු බව අමතක නොකරන්න.+
19 “එක්තරා ධනවත් මිනිසෙක්+ සිටියා. ඔහු පුරුදු වී සිටියේ මිල අධික දම් පැහැති වස්ත්ර හා ලිනන් රෙදිවලින් මැසූ ඇඳුම් අඳින්නයි. සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ ඔහු දිනපතාම කල් ගෙව්වේ මහත් ප්රීතියකින්.+
13 “අද නැත්නම් හෙට අප අහවල් නුවරට ගොස් එහි අවුරුද්දක් ගත කර, වෙළඳාම් කර ලාභ ලබාගමු” කියා පවසන ඔබ මේ දේට සවන් දෙන්න.+
5 ඔබ මෙලොවෙහි ගත කර තිබෙන්නේ ඉතා සැපවත් ජීවිතයකි. ඔබ නිතරම ඔබේම ආශාවන් තෘප්තිමත් කරගැනීමට උත්සාහ දරා ඇත.+ මස් සඳහා තර කරන සතුන් හා සමානව ඔබේ හදවත් තර වී ඇත.+