හිතෝපදේශ
5 මාගේ පුත්‍රය, මා උගන්වන දේට සවන් යොමු කර මා දෙන ප්‍රඥාව ලබාගන්න.+ මට සවන් දී වටහාගැනීමේ හැකියාවද දියුණු කරගන්න.+ 2 එවිට ඔබේ සිතීමේ හැකියාව ආරක්ෂා වනු ඇත.+ ඔබ කතා කරන විට සත්‍ය කාරණා හැර වෙන කිසිවක් කතා නොකිරීමට වගබලා ගන්න.*+
3 දුරාචාර* ස්ත්‍රියකගේ තොල් මීවදයකින් වෑස්සෙන මිහිරි පැණි මෙනි.+ ඇගේ මුඛයෙන් පිට වන වචන වශී කරවනසුලුය.*+ 4 එහෙත් ඇගේ ඇසුරට යන තැනැත්තාට අවසානයේදී අත් වන්නේ ඉතා තිත්ත ප්‍රතිඵලය.+ දෙමුවහත් කඩුවකින් ඇනගන්නාක් මෙන් ඔහු බොහෝ වේදනා විඳින්නේය.+ 5 ඇගේ දෙපා මරණයට පියමං කරයි.+ ඇය පියවර තබන්නේ මිනී වළ වෙතටයි.+ 6 ඇය ජීවනයේ මාවත සොයන්නේ නැත.+ ඇය මංමුළා වී ඒ මේ අත ඇවිදින්නීය. ඇය යන මඟ ඇයවත් දන්නේ නැත.+ 7 ඉතින් මාගේ පුත්‍රයෙනි, මට ඇහුම්කන් දෙන්න.+ මාගේ වදන්වලට පිටු නොපාන්න.+ 8 ඇගෙන් ඈත්ව සිටින්න. ඇගේ දොරකඩ ළඟටවත් නොයන්න.+ 9 ඔබ ඇගෙන් ඈත් නොවුණොත් ඔබ නින්දාවට පත් වන්නහුය.+ ජීවිත කාලය පුරාවටම ඉතා කටුක අද්දැකීම්වලට මුහුණ දෙන්න ඔබට සිදු වන්නේය.+ 10 අන් අය ඔබේ සවිශක්තිය සූරා කමින් තෘප්තියට පැමිණෙනු ඇත.+ ඔබ වෙහෙස මහන්සි වී උපයාගත් දේ නාඳුනන කෙනෙකුගේ නිවසකට උරුම වන්නේය.+ 11 බොහෝ වේදනා විඳිමින් කෙඳිරිගාමින්+ ඔබ අකල් මරණයකට ගොදුරු වන්නහුය.+ 12 එවිට ඔබට මෙසේ කීමට සිදු වෙයි. “අනේ, මා හික්මවීමට කොතරම් ද්වේෂ කළාද?+ අවවාදය කොතරම් සුළු කළාද?+ 13 මාගේ උපදේශකයන්ගේ හඬට මා සවන් දුන්නේ නැත.+ මාගේ ගුරුවරුන් කියූ දේ ගණනකටවත් ගත්තේ නැත.+ 14 මා සෑම වැරදි ක්‍රියාවකටම පැටලී+ රැස්ව සිටින මුළු සභාව ඉදිරියේම නින්දාවට පත් වුණේ ඒ නිසාය.”+
15 ඔබේම පොකුණෙන්ද ඔබේම ළිඳෙන්ද වතුර බොන්න.+ 16 ඔබේ දිය උල්පත් ඔබේ නිවසින් පිටට+ හෝ ඔබේ දිය දහරා මංසන්ධිවලට හෝ ගලා යෑමට ඉඩ දෙන්නේ කුමකටද? 17 ඒවා ඔබට පමණක්ම වේවා! ඔබ වෙනත් අය සමඟ ඒවා බෙදා නොගන්න.+ 18 ඔබේ දිය උල්පතට ආශීර්වාද ලැබේවා!+ ඔබ යොවුන් වියේදී විවාහ කරගත් බිරිඳ සමඟ ප්‍රීති වන්න.+ 19 ඇය ආදරණීය මුවදෙනක මෙනි. ප්‍රියකරු මුව පැටවෙකු* මෙනි.+ ඇගේ පියයුරුවලින් තෘප්තිමත් වන්න.+ ඇගේ ප්‍රේමයෙන් සැමදා ප්‍රීති ප්රමෝදයට පත් වන්න.+ 20 ඉතින් මාගේ පුත්‍රය, දුරාචාර ස්ත්‍රියකගෙන් ඔබේ ආශාවන් පිනවාගන්නේ කුමටද? එවැනි ස්ත්‍රියකගේ ළය වැලඳගන්නේ මන්ද?+ 21 මිනිසාගේ සෑම ක්‍රියාවක්ම යෙහෝවා දෙවි දකින්නේය.+ ඔහු ඒ සියල්ල ගැන විමසිල්ලෙන් සිටින්නේය.+ 22 දුෂ්ටයා කරන වැරදි ඔහුටම උගුලක් වේ.+ පාපය නමැති උගුලට හසු වී සිටින ඔහුට එයින් මිදී යෑමට කිසි මඟක් නොමැත.+ 23 ඔහු තමාගේ අධික මෝඩකම නිසා නොමඟ යනු ඇත.+ හික්මවීම නොපිළිගත් බැවින් ඔහු මරණයට පත් වනු ඇත.+