ද්විතීය කතාව
21 “යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශයේ තිබෙන යම් කෙතක කෙනෙක්ව මරා දමා තිබුණොත් ඔබ කළ යුත්තේ මෙයයි. ඒ තැනැත්තාව මරා දැමුවේ කවුද කියා කිසිම කෙනෙක් දන්නේ නැත්නම්+ 2 එම තැනැත්තා මිය ගොස් සිටින ස්ථානයේ සිට ඊට නුදුරින් පිහිටි සියලු නුවරවලට ඇති දුර ප්‍රමාණය මැනීමට ඔබේ වැඩිමහල්ලන් හා විනිශ්චයකරුවන්+ පියවර ගත යුතුයි. 3 මරා දැමූ තැනැත්තා වැටී සිටින ස්ථානයට වඩාත්ම කිට්ටුවෙන් පිහිටි නුවර කුමක්ද කියා තීරණය කරන්න එයින් ඔබට හැකි වෙයි. ඉන්පසු කිට්ටුවෙන්ම පිහිටි ඒ නුවරේ වැඩිමහල්ලන් කිසිම වැඩකට නොයෙදූ, කවදාවත් බරක් ඇද නැති එළදෙනක්ව තෝරාගෙන, 4 දිය පහරක් ගලා යන නිම්නයකට රැගෙන යා යුතුයි. එය බීජ වපුරා හෝ වෙනත් කිසිම වගාවක් කර හෝ නැති නිම්නයක් විය යුතුයි. එහිදී නුවරේ වැඩිමහල්ලන් එළදෙනගේ බෙල්ලට පහර දී ඌව මරා දමයි.+
5 “ඉන්පසුව ලෙවී ගෝත්‍රයෙන් පැවතෙන පූජකයන් කිහිපදෙනෙකුව කැඳවන්න. මන්ද ඔබේ දෙවි වන යෙහෝවා තමාට සේවය කරන්නත්+ යෙහෝවා නම් වූ තම නාමයෙන් සෙනඟට ආශීර්වාද කරන්නත්+ යම් දරුණු අපරාධයක් සිදු වී ඇති අවස්ථාවක ඒ ගැන තීන්දුවක් දෙන්නත්+ පත් කර තිබෙන්නේ ඔවුන්වයි. 6 මළ සිරුර තිබුණ තැනට කිට්ටුවෙන්ම පිහිටි නුවරේ සියලුම වැඩිමහල්ලන් ඒ තැනිතලාවේදී මරා දැමූ එළදෙනට ඉහළින් තම අත් සෝදාගත යුතුයි.+ 7 ඉන්පසුව ඔවුන් මෙසේ කිව යුතුයි. ‘මේ මිනිසාගේ ලේ හැළුවේ අපි නොවෙයි. එය කළ තැනැත්තාවත් අපි දුටුවේ නැහැ.+ 8 යෙහෝවා දෙවියනි, ඔබ නිදහස් කරගෙන ආ ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්+ පිට මේ නිදොස් තැනැත්තාගේ ලේ වැගිරීමේ වරද තබන්න එපා.’+ එවිට ඒ වරදින් නිදහස් වෙන්න ඔවුන්ට හැකි වෙයි. 9 නිදොස් ලේ වැගිරීමේ වරදින් නිදහස් වීමට ඔබ පියවර ගත යුත්තේ එයාකාරයටයි.+ එසේ කිරීමෙන් යෙහෝවා දෙවි ඉදිරියේ නිතරම හරි දේ කරන්න ඔබට හැකි වෙයි.+
10 “ඔබේ දෙවි වන යෙහෝවා ඔබේ සතුරන්ව ඔබේ අතට පත් කර ඇති නිසා+ ඔවුන්ව වහල්කමට ගන්න ඔබට අවසර තිබෙනවා.+ එම සතුරන්ට විරුද්ධව යුද්ධ කර ඔවුන්ව වහල්කමට ගත් අවස්ථාවකදී, 11 ඒ වහලුන් අතරේ සිටින ඉතා රුවැති තරුණියකට ඔබේ සිත ඇදී ගියොත්+ ඇයව විවාහ කරගන්න ඔබට පුළුවන්. 12 ඔබ ඇයව ඔබේ නිවසට ගෙන ගිය පසු, ඇය මුලින්ම තම හිස බූ ගා+ තම නියපොතු කපා දැමිය යුතුයි. 13 ඇයව වහල්කමට ගන්නා අවස්ථාවේදී ඇය ඇඳ සිටි වස්ත්‍රත් ඇය ඉවත දැමිය යුතුයි. ඉන්පසුව ඔබේ නිවසේ ජීවත් වෙන්න ඇයට පුළුවන්. මිය ගිය තම පියා හා මව ගැන වැලපෙන්න ඇයට මාසයක්+ කල් දෙන්න. ඉන්පසුව අඹුසැමියන් ලෙස ජීවත් වෙන්න ඔබට හැකියි. 14 කලක් ගත වූ පසු ඔබට ඇයව එපා වුණොත් ඇයට කැමති තැනකට යන්න අවසර දිය යුතුයි.+ නමුත් ඇයව මුදල්වලට විකුණන්න නම් ඔබට කිසිම අවසරයක් නැහැ. ඔබ ඇයව බලෙන් විවාහ කරගත් පසුව ඒ වගේ කුරිරු ආකාරයකින්+ ඇයට සලකන්න ඔබට කිසිසේත් නොහැකියි.
15 “පුරුෂයෙකුට භාර්යාවන් දෙදෙනෙකු සිටිනවා කියා සිතන්න. ඉන් එක් කෙනෙකුට ඔහු වැඩියෙන් ආදරය කරනවා විය හැකියි. ඔවුන් දෙදෙනාටම දරුවන් සිටියත් ඔහුගේ කුලුඳුල් පුත්‍රයා ලැබුණේ ඔහු එතරම් ප්‍රිය නොකරන භාර්යාවගෙන් විය හැකියි.+ 16 ඒ කුලුඳුල් පුත්‍රයා ඔහුට ලැබුණේ ඔහු එතරම් ප්‍රිය නොකරන භාර්යාවගෙන් නිසා ඒ පුත්‍රයාට අඩු සැලකිල්ලකුත් තමන් ප්‍රිය කරන භාර්යාවගේ පුත්‍රයාට වැඩි සැලකිල්ලකුත් දක්වන්න ඔහුට අවසර නැහැ. ඔහු තම පුතුන් අතරේ උරුමය බෙදා දෙන විට කුලුඳුල් පුත්‍රයාට හිමි නියම කොටස ඒ අයුරින්ම ලබා දිය යුතුයි.+ 17 ඔහු එතරම් ප්‍රිය නොකරන භාර්යාවගේ පුත්‍රයා වුණත්, මුලින්ම බිහි වූ දරුවා ඔහුයි.+ ඒ නිසා ඔහුට සෑම දෙයකින්ම කොටස් දෙකක්+ දෙමින් කුලුඳුලාට හිමි අයිතිය ලබා දිය යුතුයි.+
18 “යම් කෙනෙකුට ඉතා මුරණ්ඩු හා කැරලිකාර පුත්‍රයෙක් සිටිනවා+ කියා සිතන්න. ඔහු තමාගේ පියා හෝ මව කියන කිසි දෙයක් අහන්නේ නැහැ.+ ඔවුන් ඔහුව යහමඟට ගන්න කොතරම් උත්සාහ කළත් ඉන් කිසි පලක් වී නැහැ.+ 19 එවැනි අවස්ථාවකදී ඔහුගේ දෙමාපියන් ඔහුව නුවරේ දොරටු අසල රැස්ව සිටින වැඩිමහල්ලන් ළඟට රැගෙන යා යුතුයි.+ 20 ඔවුන් එම වැඩිමහල්ලන්ට මෙවැනි දෙයක් පැවසිය යුතුයි. ‘අපට ඉන්නේ කැරලිකාර, මුරණ්ඩු පුතෙක්. අපි කියන කිසිම දෙයක් ඔහු අහන්නේ නැහැ.+ ඔහු හරිම කෑදරයි.+ ඒ මදිවට බේබදුකමටත් වැටිලා.’+ 21 එවිට ඒ නුවරේ සිටින සියලුම පුරුෂයන් එකතු වී ඔහුට ගල් ගසා ඔහුව මරා දැමිය යුතුයි. මෙසේ, දුෂ්ට ලෙස හැසිරෙන කෙනාව ඔබ අතරින් ඉවත් කර දමන්න. එවිට සියලුම ඊශ්‍රායෙල්වරුන්ට ඒ ගැන ආරංචි වී එවැනි දෙයක් කරන්න ඔවුන් තුළ බියක් ඇති වෙයි.+
22 “කෙනෙක් මරණ දණ්ඩනය ලබන්න තරම් සුදුසු වරදක් කළොත් ඔහුව මරා+ ඔහුගේ සිරුර ලී කණුවක එල්ලා තැබිය යුතුයි.+ 23 ඒ තැනැත්තා දෙවිගෙන් ශාප ලැබූ නිසා+ ඔහුගේ මළ සිරුර කණුවක එල්ලා තැබිය යුතුයි. නමුත් ඒ මළ සිරුර මුළු රාත්‍රිය පුරාම ඒ කණුවේ එල්ලා තබන්න එපා.+ ඔහුව ඒ දවස ඇතුළත තැන්පත් කරන්න. මෙලෙස කිරීමෙන් යෙහෝවා දෙවි ඔබට උරුම කර දෙන දේශය පවිත්‍රව තබාගන්න ඔබට හැකි වෙයි.+