ගණන් කතාව
19 යෙහෝවා දෙවි මෝසෙස්ට හා ආරොන්ට මෙසේ කීවේය. 2 “යෙහෝවා දෙවි දුන් නීතියට ඇතුළත් මේ පනත සෙනඟට දන්වන්න. ‘කිසි දවසක වියගහක් නොදැරූ,+ නිකැළැල්,+ රත් පැහැයට හුරු එළදෙනකව රැළෙන් තෝරාගෙන ඔබට ගෙනැවිත් දෙන්න කියා ඊශ්‍රායෙල් සෙනඟට කියන්න. 3 ඔබ එම එළදෙනව පූජක එලියාසර්ට දුන් පසු ඔහු ඌව කඳවුරෙන් පිටතට ගෙන යා යුතුයි. ඉන්පසු ඔහු ඉදිරියේ ඌව මැරිය යුතුයි. 4 පූජක එලියාසර් ඔහුගේ ඇඟිල්ලෙන් උගේ ලේ ස්වල්පයක් ගෙන සම්මුඛ වීමේ කූඩාරම දෙසට හත් වරක් ඉසිය යුතුයි.+ 5 එළදෙනව පූජක එලියාසර් ඉදිරිපිටම පිලිස්සිය යුතුයි. උගේ හමද මාංසයද ලෙයද ගොමද පුලුස්සා දැමිය යුතුයි.+ 6 පූජකයා දේවදාර අතුද+ හිසොප්ද*+ තද රතු පාට රෙදිද+ ගෙන දැවෙමින් තිබෙන සතා මතට වීසි කළ යුතුයි. 7 පසුව ඔහු තම වස්ත්‍ර සෝදා, නාගෙන කඳවුරට පැමිණිය යුතුයි. නමුත් ඔහු හවස් වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන්ව සිටිය යුතුයි.
8 “‘සතාව පිලිස්සූ තැනැත්තාද තම වස්ත්‍ර සෝදාගත් පසු නාගෙන+ හවස් වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන්ව සිටිය යුතුයි.
9 “‘පවිත්‍රව සිටින කෙනෙකු එළදෙනගේ අළු+ එකතු කර කඳවුරෙන් පිටත පවිත්‍ර ස්ථානයක තැබිය යුතුයි. ඊශ්‍රායෙල් පුත්‍රයන් එම අළු තබාගත යුත්තේ පවිත්‍ර කිරීමට භාවිත කරන වතුර+ සමඟ මිශ්‍ර කරන පිණිසය. එය පාප පූජාවකි. 10 අළු එකතු කරන තැනැත්තාද තම වස්ත්‍ර සෝදාගෙන හවස් වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන්ව සිටිය යුතුයි.+
“‘ඊශ්‍රායෙල් සෙනඟ හා ඔවුන් සමඟ ජීවත් වන විදේශිකයන් බොහෝ කාලයක් පුරා එම පනත පැවැත්විය යුතුයි.+ 11 මළ සිරුරක් ස්පර්ශ කරන කවරෙකු වුණත්+ දවස් හතක් ගත වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන්ව සිටිය යුතුයි.+ 12 එලෙස අපවිත්‍ර වූ කෙනෙකු තුන්වෙනි දවසේදී අළු මිශ්‍ර වතුරෙන් තමන්ව පවිත්‍ර කරගත යුතුයි.+ එවිට හත්වෙනි දවසේදී ඔහුව පවිත්‍ර කෙනෙකු ලෙස සලකනු ලබන්නේය. නමුත් තුන්වෙනි දවසේදී ඔහු තමන්ව පවිත්‍ර කර නොගත්තොත් හත්වෙනි දවසේදී ඔහුව පවිත්‍ර කෙනෙකු ලෙස සලකනු නොලබන්නේය. 13 යමෙකු මළ සිරුරක් ස්පර්ශ කළොත් පවිත්‍ර කිරීමට භාවිත කරන වතුර+ ඔහු මත ඉසිය යුතුයි. ඔහු එලෙස තමන්ව පවිත්‍ර කර නොගත්තොත් ඔහු දිගටම අපවිත්‍ර තත්වයක සිටින බැවින්+ ඔහු යෙහෝවා දෙවි වන මාගේ ශුද්ධ කූඩාරම දූෂ්‍ය කරන්නේය.+ ඒ නිසා ඔහුව මරා දැමිය යුතුයි.+
14 “‘යමෙකු කූඩාරමක් තුළ මිය ගියොත් මෙසේ කළ යුතුයි. ඔහු මිය ගිය අවස්ථාවේදී කූඩාරම ඇතුළේ සිටි අයද ඉන්පසු කූඩාරම ඇතුළට යන අයද දවස් හතක් යන තෙක් අපවිත්‍ර අය ලෙස වෙන්ව සිටිය යුතුයි. 15 පියන තදින් වසා නොතැබූ* භාජන+ කූඩාරම තුළ තිබුණේ නම් ඒවාද අපවිත්‍රය. 16 එමෙන්ම යමෙකු එළිමහනේ සිටියදී කඩුවෙන් මැරුම් කෑ කෙනෙකුව හෝ වෙන යම් ආකාරයකින් මිය ගිය කෙනෙකුගේ ශරීරය හෝ ඇටකටු+ හෝ මිනී වළක් හෝ ස්පර්ශ කළොත්+ ඔහු දවස් හතක් යන තෙක් අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන්ව සිටිය යුතුයි. 17 එලෙස අපවිත්‍ර වූ තැනැත්තා සඳහා පාප පූජාවට ඔප්පු කළ සතාගේ අළු ටිකක් භාජනයකට ගෙන එයට නැවුම් වතුර එක් කරන්න. 18 ඉන්පසු පවිත්‍රව සිටින කෙනෙකු+ හිසොප්+ මිටියක් ගෙන එම වතුරේ පොඟවා කූඩාරම හා එහි ඇති සියලු භාජන මතද එහි සිටි සියලුදෙනා මතද ඉසිය යුතුයි. මැරුම් කෑ කෙනෙකුව හෝ වෙන යම් ආකාරයකින් මිය ගිය කෙනෙකුගේ ශරීරය හෝ ඇටකටු හෝ මිනී වළක් හෝ ස්පර්ශ කර අපවිත්‍රව සිටින තැනැත්තෙකු සඳහාද එලෙසම කළ යුතුයි. 19 පවිත්‍රව සිටින තැනැත්තා තුන්වෙනි දවසේදී හා හත්වෙනි දවසේදී අපවිත්‍රව සිටින තැනැත්තා මත එම වතුර ඉසිය යුතුයි. හත්වෙනි දවසේදී ඔහුගේ අපවිත්‍රකමින් ඔහුව පවිත්‍ර කළ පසු+ ඔහු තම වස්ත්‍ර සෝදාගෙන නාගත යුතුයි. එදින සවස සිට ඔහුව පවිත්‍ර කෙනෙකු ලෙස සැලකිය යුතුයි.
20 “‘නමුත් අපවිත්‍ර තත්වයක සිටින කෙනෙකු මත පවිත්‍ර කිරීමට භාවිත කරන වතුර ඉස්සේ නැත්නම් ඔහු දිගටම අපවිත්‍ර තත්වයක සිටියි. ඔහු යෙහෝවා දෙවිගේ ශුද්ධ කූඩාරම දූෂ්‍ය කරන බැවින් ඔහුව මරා දැමිය යුතුයි.+
21 “‘අපවිත්‍රව සිටින තැනැත්තාව පවිත්‍ර කරන පිණිස ඔහු මතට වතුර ඉසින තැනැත්තා හා එම වතුර අල්ලන වෙන ඕනෑම කෙනෙකු තම වස්ත්‍ර සෝදාගෙන+ හවස් වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන්ව සිටිය යුතුයි. එය බොහෝ කාලයකට වලංගු වන පනතකි. 22 අපවිත්‍ර තැනැත්තා අල්ලන ඕනෑම දෙයක්ද අපවිත්‍ර වෙයි.+ එලෙසම අපවිත්‍ර වූ යමක් අල්ලන කෙනෙකුද හවස් වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන්ව සිටිය යුතුයි.’”+