යෝබ්
38 යෙහෝවා දෙවි සැඩ සුළඟ මැදින් කතා කර+ යෝබ්ට මෙසේ පිළිතුරු දුන්නේය.
2 “කිසි අවබෝධයක් නොමැතිව+ කතා කරමින්,
මා ගත් තීරණ විවේචනයට ලක් කරන* මේ තැනැත්තා කවුද?
5 පොළොවේ දිග පළල නියම කළේ කවුද?
ඒ හරහා මනින ලණුවක් ගෙන ගියේ කවුද? ඔබ දන්නවා නම් කියන්න.
6 එහි අත්තිවාරම් සවිමත්ව රඳා තිබෙන්නේ කුමක් මතද?+
එහි ප්‍රධාන ගල තැබුවේ කවුද?
7 ඒ අවස්ථාවේදී පහන් තාරකා+ එක්ව ප්‍රීතියෙන් ගී ගැයූ ආකාරයත්
දෙවිගේ සියලු පුත්‍රයෝ+ සතුටු සිතින් ප්‍රශංසා කළ ආකාරයත් ඔබ දුටුවාද?
8 මහ මුහුද පොළෝගැබ කඩාගෙන පිටතට ආ විට
ඊට අගුලු දමා එහි සීමා නියම කළේ කවුද?+
9 මම එය වලාකුළුවලින් වැසුවෙමි.
බිලිඳෙකුව රෙදිකඩකින් ඔතන්නාක් මෙන් මම එය ඝන අන්ධකාරයෙන් වෙළුවෙමි.
10 මම එයට නියෝගයක් පනවමින් දොරගුලු දමා,+
11 මෙසේ කීවෙමි. ‘ඔබට මේ සීමාවෙන් එහාට පැමිණිය නොහැක.+
ඔබේ චණ්ඩ රළ මෙතැනින් නතර විය යුතුය.’+
12 ඔබ උපන් දා සිට මේ වන තුරු අලුත් දිනක් උදා වෙන්න කියා අණ දී තිබෙනවාද?+
අලුයමට කාලයක් නියම කළේ ඔබද?
13 අලුයම් ආලෝකය පොළොවේ සතර කොනෙන්
විහිදී දුෂ්ටයන්ව එයින් පන්නා දමන්නේය.+
14 එවිට පොළොවත් මුද්‍රාවක් යට තිබෙන මැටි වෙනස් වන්නාක් මෙන් වෙනස් වන්නේය.+
ඒ මත තිබෙන සියල්ල අලංකාර වස්ත්‍රයක් පැළඳ සිටින්නාක් මෙන් දිස් වන්නේය.
19 ආලෝකයේ නිවහනට යන මඟ ඔබ දන්නවාද?+
අන්ධකාරය වසන්නේ කොතැනද කියා ඔබට කිව හැකිද?
20 එසේනම් එහි නිවහන වෙතට ගොස්
එහි සීමාව වෙතට එය රැගෙන යන්න.
21 ඔබ උපත ලැබුවේ මේ සියල්ල සිදු වූ කාලයේදීද?+
ඔබ අප්‍රමාණ කාලයක් ජීවත් වී තිබෙනවාද? ඔබ මේ සියල්ල ගැන දන්නේ ඒ නිසාද?
22 ඔබ හිම කැට ගබඩා කළ ස්ථාන ඇතුළට ගොස් තිබෙනවාද?+
එසේත් නැත්නම්, හිම කැට ගබඩා කළ තැන් ඔබ දුටුවාද?+
23 මා ඒ සියල්ල ගබඩා කර තිබෙන්නේ විපත්ති දවස උදෙසාය.
යුද්ධ සහ කෝලහල ඇති වන දවස සඳහාය.+
24 ආලෝකය පොළොව පුරා විහිදී යන්නෙත්
නැඟෙනහිරෙන් හමා එන සුළඟ+ පොළොව පුරා පැතිර යන්නෙත් කොහොමද කියා ඔබ දන්නවාද?
25 වර්ෂාවට අගලක් කපා දුන්නේ කවුද?
අකුණු සහිත වැසිවලට මාර්ගයක් සාදා දී+
26 මිනිස් වාසයක් නොමැති දේශ පිටත්
පාළුකරය පිටත් වැසි ඇද හැළෙන්න සලස්වන්නේ කවුද?+
27 වැසි වස්සවා කුණාටුවට හසු වූ පාළු දේශ තෘප්තියට පත් කර
පොළොවෙන් තණකොළ හටගන්න සලස්වන්නේ කවුද?+
31 කයිමා තාරකා මණ්ඩලයේ කඹ සවිමත්ව බැඳ තබන්න ඔබට හැකිද?
එසේත් නැත්නම්, කේසිල් තාරකා මණ්ඩලයේ+ කඹ ලිහා දමන්න ඔබට හැකිද?
32 නියමිත කාලයේදී මස්සරොත් තාරකා මණ්ඩලය පිටතට කැඳවන්න ඔබට පුළුවන්ද?
ඈෂ් තාරකා මණ්ඩලයටත් එහි පුතුන්ටත් මඟ පෙන්වන්න ඔබට පුළුවන්ද?
35 ඔබ කැමති තැනකට අකුණු සැර යවන්න පුළුවන්ද?
අකුණු ඔබ වෙත පැමිණ, ‘අපි ආවෙමු’ කියා ඔබට පවසනු ඇද්ද?
37 කොතරම් වලාකුළු ප්‍රමාණයක් තිබෙනවාද කියා ගණන් කළ හැකි කෙනෙකු සිටිනවාද?
අහස්තලයේ වතුර භාජන පෙරළිය හැක්කේ කාටද?+
38 දූවිලි මඩ බවට පත් කර උණු කළ ලෝහ මෙන් ගලා යන්න සලස්වා,
පස් පිඩැලි එකිනෙකට බැඳ තබන්නේ කවුද?