හෙබ්‍රෙව්
1 බොහෝ කලකට පෙර දෙවි අනාගතවක්තෘවරුන් මාර්ගයෙන්+ විවිධ අවස්ථාවලදී+ හා විවිධ ආකාරවලින් අපගේ මුතුන්මිත්තන්ට කතා කළේය. 2 මේ අවසාන කාලයේදී+ ඔහු තම පුත්‍රයා මාර්ගයෙන්ද අපට කතා කර ඇත.+ දෙවි ඒ පුත්‍රයාව සියලු දේවලට උරුමකම් කියන තැනැත්තා ලෙස පත් කර ඇති අතර+ විශ්වයේ සියලුම දේ* සෑදුවේ ඔහු මාර්ගයෙනි.+ 3 දෙවිගේ තේජස ඔහු තුළින් පිළිබිඹු වන අතර+ දෙවිගේ ගතිලක්ෂණ සියල්ල ඔහු තුළින් සම්පූර්ණයෙන්ම දැකගත හැක.+ සෑම දෙයක්ම පවතින්නේ ඔහුගෙන් නික්මෙන බලගතු වදන්වලට අනුවය.+ අපව පාපයෙන් පවිත්‍ර කිරීමට පියවර ගැනීමෙන් පසු+ ඔහු ස්වර්ගයෙහි+ සිටින මහෝත්තමයාණන්ගේ දකුණු පැත්තේ අසුන්ගත්තේය.+ 4 දේවදූතයන්ටත් වඩා ශ්‍රේෂ්ඨ නාමයක් ඔහුට හිමි වී ඇති නිසා+ සියලු දේවදූතයන්ටත් වඩා බොහෝ සෙයින් ඔහු උතුම්ය.+
5 උදාහරණයක් ලෙස, “ඔබ මාගේ පුත්‍රයාය. අද පටන් මම ඔබේ පියා වෙමි”+ කියාත් තවත් අවස්ථාවක, “මම ඔහුට පියෙක් වන්නෙමි. ඔහු මට පුත්‍රයෙක් වන්නේය”+ කියාත් දෙවි දේවදූතයන්ගෙන් කිසිවෙකුට කිසිදාක පවසා තිබේද? 6 නමුත් දෙවි තම කුලුඳුලාව+ ජනාවාස වූ මේ පොළොවට ඉදිරියේදී එවන විට, “දෙවිගේ සියලු දූතයෝ+ ඔහු ඉදිරියේ වැඳ වැටිය යුතුයි”+ කියා ඔහු පවසයි.
7 මීට අමතරව දේවදූතයන් ගැන ඔහු* පවසා ඇත්තේ මෙයයි. “ඔහු තම දේවදූතයන්ව බලවත් කරන්නේය. ඔහුගේ සේවකයන් වන ඔවුන්ව ඇවිළෙන ගින්නක් කරන්නේය.”+ 8 නමුත් පුත්‍රයාණන් ගැන පවසා ඇත්තේ මෙයයි. “ඔබට සිංහාසනය සදහටම හිමි කර දෙන්නේ ඔබේ දෙවිය.+ යුක්තිය නමැති රාජ යෂ්ටිය අතැතිව+ ඔබේ රාජ්‍යයේ බලය ඔබට හිමි වේ.+ 9 ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය කර අධර්මිෂ්ඨකමට වෛර කළෙහිය. එහෙයින් ඔබේ දෙවි ප්‍රීතිය නමැති තෛලයෙන් ඔබව අභිෂේක කර+ වෙනත් රජවරුන්ට* වඩා වැඩි ප්‍රීතියක් ඔබට අත් කර දුන්නේය.”+ 10 එලෙසම, “ස්වාමීනි, පටන්ගැන්මේදී ඔබ පොළොවේ අත්තිවාරම් දැමුවෙහිය. ඔබේ දෑත්වලින් අහස නිර්මාණය කළෙහිය.+ 11 ඒ සියල්ල නැති වී ගියත් ඔබ සදහටම පවතිනු ඇත. ඒවා වස්ත්‍රයක් මෙන්+ දිරාපත් වී යන්නේය. 12 ඔබ ඒවා සළුවක් හා වස්ත්‍රයක් මෙන් ඔතන්නෙහිය.+ ඒවා වෙනස් වී යයි. නමුත් ඔබ කිසිදාක වෙනස් නොවන්නෙහිය. ඔබේ පැවැත්මටද කෙළවරක් නැත”+ කියා පවසා තිබේ.
13 “මාගේ දකුණු පැත්තේ ඉඳගන්න. මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු එසේ සිටින්න”+ කියා දෙවි කවදා හෝ කිසි දේවදූතයෙකුට පවසා තිබේද? 14 ඔවුන් සියලුදෙනා ජනයා වෙනුවෙන් සේවය කිරීමට+ යවනු ලැබූ බලවත් දූතයන්+ නොවේද? ඔවුන්ව යවා තිබෙන්නේ ගැලවීම උරුම කරගැනීමට සිටින අය වෙනුවෙන් සේවය කිරීමට+ නොවේද?