විලාප ගී
5 අනේ යෙහෝවා දෙවියනි, අපව අමතක කරන්න එපා.+ අප විඳින නින්දාව දෙස බලන්න.+
2 අපේ උරුමය වෙනත් ජාතීන්ටත් අපේ නිවෙස් විදේශිකයන්ටත් අයිති වී ඇත.+
3 අප පියා නැති දරුවන් මෙනි.+ අපේ මව්වරු වැන්දඹුවන් මෙනි.+
4 අප අපේම වතුර ටික ලබාගන්නේ මුදලටය.+ අපේ දර අපිටම විකුණනු ලැබේ.
5 අපිට මහත් වෙහෙසක් දැනෙයි. විඩාව නිවාගන්නවත් අපිට නොහැකිය.+ මන්ද අපේ සතුරෝ අප පසුපස ලුහුබැඳ එති. ඔවුහු අප අසලටම පැමිණ සිටිති.+
6 අපි කෑම ඉල්ලා ඊජිප්තුව දෙසටත්+ ඇසිරියාව දෙසටත්+ දෑත් දිගු කළෙමු.+
7 පව් කළේ අපේ මුතුන්මිත්තන්ය.+ නමුත් ඔවුහු දැන් නැත. ඔවුන්ගේ පව්වලට වන්දි ගෙවීමට සිදු වී ඇත්තේ අපටය.+
8 කලින් දාසයන්ව සිටි අය දැන් අපව පාලනය කරති.+ ඔවුන්ගෙන් අපව ගලවාගැනීමට කිසිවෙක් නැත.+
9 කඩුගත් සතුරෝ පාළුකරයේ සිටින නිසා අපට කෑම සොයා යෑමට සිදු වී ඇත්තේ අපේ ජීවිත පරදුවට තබමිනි.+
10 දරාගත නොහැකි කුසගින්න නිසා අපේ මුළු ගතම උදුනක් මෙන් රත් වී ඇත.+
11 සියොන්හි ස්ත්රීහුද යූදාහි නගරවල සිටි කන්යාවෝද ලැජ්ජාවට පත් වූහ.+
12 සතුරෝ අපේ අධිපතීන්ව අත්වලින් එල්ලා තැබුවෝය.+ වැඩිහිටි අයටවත් ඔවුහු කිසි ගෞරවයක් නොපෙන්වූවෝය.+
13 අපේ තරුණයන්ට පවා ඇඹරුම් ගලේ වැඩ කිරීමට සිදු වී ඇත.+ පිරිමි දරුවෝ දර මිටි උසුලාගෙන වැටි වැටී යති.+
14 නගරයේ දොරටු අසල දැන් වැඩිමහල්ලෝ පෙනෙන්නට නැත.+ සංගීත භාණ්ඩ අතැති තරුණයෝද එහි නැත.+
15 කලින් තිබූ සිතේ සතුට දැන් පහ වී ගොසින්ය. නැටුම් ගැයුම් දැන් වැලපීමකට පෙරළී ඇත.+
16 අප අද්දකින වේදනාව මොන තරම්ද! හිස පැළඳි කිරුළ දැන් අපෙන් පහව ගොසිනි.+ මන්ද අපි බොහෝ සෙයින් පව් කළෙමු.+
17 සිදු වූ දේවල් නිසා අපේ හදවත් සෝදුකින් පිරී ඇත.+ දෙනෙත් මලානික වී ඇත.+
18 සියොන් කන්ද දැන් පාළුවට ගොස් ඇත.+ එය හිවලුන්ට තෝතැන්නක් වී ඇත.+
19 යෙහෝවා දෙවියනි, ඔබ සදාකාලයෙන් සදාකාලයටම රජුය.+ ඔබේ රජකම පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේය.+
20 ඔබ සදහටම අපව අමතක කළෙහිද?+ මෙතරම් දිගු කාලයකට ඔබ අපෙන් ඈත්ව සිටින්නේ මන්ද?+
21 අනේ යෙහෝවා දෙවියනි, නැවත ඔබ වෙතට ළං වීමට අපට ඉඩ දෙන්න.+ අතීතයේදී මෙන් නැවතත් අපට හොඳ කාලයක් උදා කර දෙන්න.+
22 ඔබ අපව අත්හැරියෙහිය.+ ඔබ අපත් සමඟ බොහෝ සෙයින් උදහස් වී සිටින්නෙහිය.+