යෙරෙමියා
39 යූදාහි රජු වූ ශෙදකියා රජකම් කළ නවවන අවුරුද්දේ දහවන මාසයේදී+ බැබිලෝනියේ රජු වූ නෙබුකද්රෙෂර් ඔහුගේ මුළු යුධ හමුදාව සමඟ පැමිණ යෙරුසලම වැටලුවෝය.+
2 ශෙදකියා රජකම් කළ එකළොස්වන අවුරුද්දේ හතරවන මාසයේ නවවන දිනයේදී නගරයේ පවුර බිඳ දමන ලදි.+ 3 ඉන්පසු නේර්ගල්-ෂරෙෂෙර්, සම්ගර්-නෙබෝ, සර්සෙකිම්, රබ්සාරිස්* හා රබ්මග්* යන තනතුර දැරූ නේර්ගල්-ෂරෙෂෙර් යන අධිපතීන්ද ඇතුළුව බැබිලෝනියේ රජුගේ අධිපතීහු සියලුදෙනා යෙරුසලමට ඇතුල් වී මැද දොරටුව අසල හිඳගත්තෝය.+
4 යූදාහි රජු වූ ශෙදකියාත් මුළු යුධ හමුදාවත් ඔවුන්ව දැක, රජුගේ උයන අසල පිහිටි+ තාප්ප දෙක අතරේ තිබූ දොරටුවෙන් පිට වී රාත්රියේදී පලා ගියෝය.+ ඔවුන් එසේ පලා ගියේ අරබා නිම්නය+ වෙතට යන මාර්ගයේය. 5 නමුත් කල්දිවරුන්ගේ භට පිරිසක් ඔවුන් පසුපස ලුහුබැඳ ගොස්+ යෙරිකෝවේ පාළුකරයේදී ශෙදකියා රජුව අල්ලාගත්තෝය.+ ඉන්පසු ඔවුහු හමාත් දේශයේ+ රිබ්ලාහි සිටි බැබිලෝනියේ රජු වූ නෙබුකද්රෙෂර් වෙතට ඔහුව ගෙන ගියෝය.+ ඔවුන් එසේ කළේ ඔහු සම්බන්ධයෙන් රජුගෙන් තීන්දුවක් ගන්නා පිණිසය.+ 6 බැබිලෝනියේ රජ ශෙදකියාගේ පුත්‍රයන්ව රිබ්ලාහිදී ශෙදකියා රජු ඉදිරියේම+ මරා දැමුවේය.+ යූදාහි වංශවත් සියලුදෙනාවද මරා දැමුවේය.+ 7 ඉන්පසු ඔහු, ශෙදකියා රජුගේ ඇස් අන්ධ කර,+ තඹ විලංගු දමා ඔහුව බැබිලෝනියට ගෙන ගියේය.
8 ශෙදකියා රජුගේ මාලිගාවද සෙනඟගේ ගෙවල් දොරවල්ද කල්දිවරු ගිනි තබා විනාශ කර දැමුවෝය.+ යෙරුසලමේ පවුරද ඔවුහු සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමුවෝය.+ 9 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූ+ නෙබුෂරදාන්,+ නගරයේ ඉතුරු වී සිටි සෙනඟවද කල්දිවරුන්ට භාර වූ සෙනඟවද ඉතුරු වී සිටි අනික් සියලුදෙනාවද බැබිලෝනියට වහලුන් ලෙස ගෙන ගියේය.+
10 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූ නෙබුෂරදාන් යූදා දේශයේ රැඳී සිටීමට ඉඩහැරියේ අසරණව සිටි සාමාන්‍ය ජනතාවට පමණය.+ ඔහු එදින ඔවුන්ට වැඩ නියම කර බලා කියා ගැනීම සඳහා මිදිවතුද භාර දී ගියේය.+
11 බැබිලෝනියේ රජු වූ නෙබුකද්රෙෂර්, යෙරෙමියාට මෙසේ කරන ලෙස ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූ නෙබුෂරදාන්ට අණ කළේය. 12 “ඔබ යටතේම ඔහුව තබාගෙන ඔහුට හොඳින් සලකන්න. ඔහුට කිසිම කරදරයක් වෙන්න ඉඩ තියන්න එපා.+ ඔහු ඔබෙන් ඉල්ලා සිටින දේවල් ඔහුට ඉටු කර දෙන්න.”+
13 එබැවින් ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූ නෙබුෂරදාන්ද+ රබ්සාරිස් නම් තනතුර දැරූ නෙබුෂෂ්බාන්ද රබ්මග් නම් තනතුර දැරූ නේර්ගල්-ෂරෙෂෙර්ද බැබිලෝනියේ රජු යටතේ සිටි ප්‍රධානියෝ සියලුදෙනාද 14 මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක සිර කර සිටි යෙරෙමියාව ගෙන්වාගෙන+ ෂාපාන්ගේ පුත්‍රයා වූ+ අහිකාම්ගේ පුත්+ ගෙදලියාට භාර දුන්නෝය.+ ඔවුන් එසේ කළේ ගෙදලියා සමඟ ඔහුගේ නිවසට ගොස් තම සෙනඟ සමඟ ජීවත් වීමට යෙරෙමියාට හැකි වන පිණිසය.
15 යෙරෙමියාව මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක සිර කර සිටි කාලයේදී යෙහෝවා දෙවිගෙන් මෙම පණිවිඩය ඔහුට ලැබිණ.+ 16 “ඔබ ගොස් ඉතියෝපිය ජාතික ඒබෙද්-මෙලෙක්ට+ මේ දේ පවසන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. “මෙම නගරය පිටට යහපත නොව විපත්ති ගෙනෙන බව මම පැවසුවෙමි. ඒ වදන් මම එලෙසම ඉටු කරන්නෙමි.+ මා පැවසූ සෑම දෙයක්ම ඒ දවසේදී ඔබ බලා සිටියදීම සිදු වනු ඇත.”’+
17 “‘යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “නමුත් ඒ දවසේදී මම ඔබව ගලවාගන්නෙමි.+ ඔබ භයෙන් සිටින මිනිසුන්ගේ අතට ඔබව හසු වීමට මම ඉඩ නොදෙන්නෙමි.”’+
18 “‘“ඔබ කඩුවෙන් විනාශ වන්නේ නැත. ඔබට ගැලවී යෑමට මාර්ගයක් මම සලසා දෙන්නෙමි. ඔබ මා කෙරෙහි විශ්වාසය තැබූ නිසා+ ඔබේ ජීවිතය ආරක්ෂා වන්නේය”’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.”