ද්විතීය කතාව
7 “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට උරුම කර දෙන දේශය ඔබට අනිවාර්යයෙන්ම ලැබෙයි.+ එහි සිටින හිත්තීවරුන්,+ ගිර්ගාෂිවරුන්,+ අමෝරිවරුන්,+ කානානිවරුන්,+ පෙරිස්සිවරුන්,+ හිවීයවරුන්+ සහ යෙබූසිවරුන්+ යන ඔබට වඩා බලවත් ජාතීන් හතම+ දෙවි ඔබේ ඇස් පනාපිටම ඉවත් කර ඔබට ඒ දේශය උරුම කර දෙයි.+ 2 යෙහෝවා දෙවි ඒ ජාතීන්ව නිසැකවම ඔබේ අතට හසු කර දෙන නිසා ඔවුන්ව පරාජය කරන්න ඔබට පුළුවන් වෙයි.+ ඔබ ඔවුන්ව සහමුලින්ම විනාශ කළ යුතුයි.+ ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගන්නවත් ඔවුන්ට කිසි අනුකම්පාවක් පෙන්වන්නවත් එපා.+ 3 ඔබ ඔවුන් සමඟ විවාහ සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. ඔබේ දූවරුන්ව ඔවුන්ගේ පුතුන්ට විවාහ කර දෙන්නවත් ඔබේ පුතුන්ව ඔවුන්ගේ දූවරුන්ට විවාහ කර දෙන්නවත් එපා.+ 4 ඔබ එවැනි දෙයකට ඉඩ දුන්නොත් ඔබේ දූපුතුන් දෙවිගෙන් ඈත් වී වෙනත් දෙවිවරුන්ට වන්දනාමාන කරන්න පටන්ගනියි.+ එවිට යෙහෝවා දෙවිගේ උදහස ඔබට විරුද්ධව ඇවිළී, ඔහු ඔබව වහාම විනාශ කර දමයි.+
5 “ඒ ජාතීන් නමස්කාරය සඳහා ඉදි කර ඇති පූජාසන,+ කණු+ හා කුලුනු+ ඔබ කඩා බිඳ විනාශ කර දැමිය යුතුයි.+ ඔවුන් සාදා ඇති රූප ගින්නෙන් දවා දැමිය යුතුයි.+ 6 එසේ කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ඔබ ශුද්ධ සෙනඟක් වන නිසයි.+ මේ පොළොවේ සිටින සියලුම ජාතීන් අතරින් තමාට විශේෂ සෙනඟක් ලෙස යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙන්නේ ඔබව පමණක් බව නිතරම මතක තබාගන්න.+
7 “යෙහෝවා දෙවි ඔබට ඇලුම් කළේ සියලු ජාතීන් අතරින් ඔබ බලවත්ම ජාතිය වූ නිසා නොවෙයි.+ ඇත්තටම ඉතා කුඩාම ජාතියව සිටියේ ඔබයි.+ 8 යෙහෝවා දෙවි ඔබව තෝරාගත්තේ ඔහු ඔබට ප්‍රේම කළ නිසයි.+ යෙහෝවා දෙවි තම මහත් බලය+ පාමින් ඔබව වහලුන් ලෙස තබාගත් ඊජිප්තුවේ රජු වන පාරාවෝගේ අතින් ඔබව නිදහස් කළේ+ ඔබේ මුතුන්මිත්තන්ට ඔහු දිවුරා කළ පොරොන්දුව නිසයි.+ 9 ඔබේ දෙවි වන යෙහෝවා සැබෑ දෙවි බව ඔබ දන්නවා.+ ඔහු තමාට ප්‍රේම කරන හා තමා අණ කරන දේට කීකරු වන අයගේ පරම්පරා දහසකට වුණත් මහත් ප්‍රේමයක්* පෙන්වමින්+ විශ්වාසවන්තව+ තම ගිවිසුමට එකඟව+ කටයුතු කරන බවත් ඔබ හොඳින්ම දන්නවා. 10 නමුත් දෙවි තමාට වෛර කරන අයගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙමින් ඔවුන්ව විනාශ කර දමනවා.+ එසේ කරන්න දෙවි කිසිවිටෙක පසුබට වෙන්නේ නැහැ. 11 ඒ නිසා අද මම ඔබට කියා දෙන මෙම අණපනත් හා තීන්දු පිළිපැදීමට ඔබ වගබලා ගත යුතුයි.+
12 “ඔබ මෙම නීතිරීති සිතට ගෙන ඒවා දිගටම පිළිපැද්දොත්+ යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන් සමඟ ඇති කරගත් ගිවිසුමට විශ්වාසවන්තව සිට+ මහත් ප්‍රේමයෙන් ඔබ සමඟ කටයුතු කරයි.+ 13 එසේම ඔබට දෙවිගේ ප්‍රේමය හා ආශීර්වාද නොඅඩුව ලැබෙයි.+ දෙවි ඔබට බොහෝ දරු සම්පත් දී ආශීර්වාද කරයි.+ ඔබේ වගාවේ පලදාවටද+ ඔබේ ධාන්‍ය අස්වැන්නටද ඔබේ අලුත් වයින් හා තෙල්වලටද ඔබේ එළදෙනුන්ට හා එළු බැටළුවන්ටද උන්ගේ පැටවුන්ටද+ දෙවි අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි. දෙවි ඔබේ මුතුන්මිත්තන්ට දීමට පොරොන්දු වූ ඒ දේශයේදී මේ සියල්ල ඔබ අද්දකියි.+ 14 ඔබ වෙන කිසිම ජාතියකට වඩා ආශීර්වාද ලබන ජාතියක් බවට පත් වෙයි.+ දරුවන් නැති කිසි කෙනෙක් ඔබ අතරේ සොයාගන්නවත් බැරි වෙයි. ඔබේ සතුන් අතරේ පැටවුන් නැති එක සතෙක්වත් සිටින්නේ නැහැ.+ 15 යෙහෝවා දෙවි ඔබේ සියලු ලෙඩ දුක් තුරන් කර දමයි. ඒ නිසා ඔබ ඊජිප්තු දේශයේ දුටු කිසිම දරුණු රෝගයක්+ ඔබට වැලඳෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙනුවට දෙවි ඒ රෝගවලින් ඔබේ සතුරන්ට පහර දෙයි. 16 යෙහෝවා දෙවි ඔබේ අතට හසු කර දෙන සෑම ජාතියක්ම ඔබ සහමුලින්ම විනාශ කර දැමිය යුතුයි.+ ඔවුන්ට කිසිම අනුකම්පාවක් පෙන්වන්න එපා.+ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්නත් එපා.+ ඔබ එසේ කළොත් එය ඔබේ විනාශයට මඟ පාදයි.+
17 “‘මේ ජාතීන් අපට වඩා බලවත්. අපි ඔවුන්ව දේශයෙන් පන්නා දමන්නේ කොහොමද’ කියා ඔබට සිතෙන්න පුළුවන්.+ 18 එහෙත් ඔබ ඔවුන්ට බිය නොවිය යුතුයි.+ යෙහෝවා දෙවි පාරාවෝටත් මුළු ඊජිප්තුවටත් කළ දේ මතක් කරගන්න.+ 19 යෙහෝවා දෙවි ඔවුන්ව සෝදිසි කර බැලූ ආකාරයත්+ තම මහත් බලයෙන්+ පුදුමසහගත ක්‍රියාවන් හා ආශ්චර්යයන්+ කරමින් ඔබව නිදහස් කළ ආකාරයත්+ ඔබට මතකද? ඔබේ දෙවි වන යෙහෝවා ඒ සියලු ජාතීන්ට කරන්නෙත් ඒ දේමයි. ඒ නිසා ඔවුන්ට භය වෙන්න හේතුවක් නැහැ.+ 20 යෙහෝවා දෙවිගේ ක්‍රියා දැක ඔවුන් තුළ මහත් භයක් ඇති වෙයි.+ ඔවුන් ඔබෙන් සැඟවී සිටින්න වෑයම් කළත් දෙවි ඔවුන් සියලුදෙනාව සහමුලින්ම විනාශ කර දමයි.+ 21 ඒ නිසා ඔවුන්ට භය වෙන්න එපා. ඔබේ උපකාරයට සිටින ඔබේ දෙවි වන යෙහෝවා+ බිය උපදවන ක්‍රියා කරන බලවත් දෙවි කෙනෙක් බව මතක තබාගන්න.+
22 “නමුත් ඔබ ඒ ජාතීන්ව එකවරම විනාශ කළොත් වනසත්තු විශාල සංඛ්‍යාවක් බෝ වී ඔබට හානියක් කරන්න ඉඩ තිබෙනවා. ඒ නිසා යෙහෝවා දෙවි ඒ ජාතීන්ව එකවර විනාශ කර දමන්න ඔබට ඉඩ දෙන්නේ නැහැ.+ 23 යෙහෝවා දෙවි ඔබේ සතුරන්ව අන්ත පරාජයට පත් කර ඔවුන්ව දේශයෙන් සහමුලින්ම තුරන් කර දමයි.+ 24 දෙවි ඔවුන්ගේ රජවරුන්ව ඔබේ අතට හසු කර දෙයි.+ ඔබ ඔවුන්ගේ නම් සම්පූර්ණයෙන්ම මැකී යන ලෙස ඔවුන්ගේ මුළු පරම්පරාවම විනාශ කර දැමිය යුතුයි.+ ඔබට විරුද්ධව නැඟී සිටින කිසිවෙකු සාර්ථක වෙන්නේ නැහැ.+ ඔබ ඔවුන්ව දේශයෙන් තුරන් කර දමයි.+ 25 ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප සම්පූර්ණයෙන්ම දවා දමන්න.+ ඒවා සෑදීමට භාවිත කළ රන්වලටවත් රිදීවලටවත් ආශා නොකරන්න.+ ඒවා ගත්තොත්+ ඒවා ඔබට උගුලක් මෙන් වෙයි.+ ඒ දේවල් ඔබේ දෙවි වන යෙහෝවාට පිළිකුල්+ බව මතක තබාගන්න. 26 යමෙක් විනාශ කළ යුතු ඒ පිළිකුල්සහගත දේවලින් එක දෙයක් හරි ඔහුගේ නිවසට රැගෙන ආවොත් ඔහුත් විනාශයට සුදුස්සෙක් වෙයි. ඒවා විනාශ කර දැමිය යුතු+ පිළිකුල් දේවල් නිසා ඔබ ඒවා සම්පූර්ණයෙන්ම හෙළාදැකිය යුතුයි.+