ගීතාවලිය
ගෘහය කැප කිරීමේදී+ ගැයූ, දාවිත් රචනා කළ ගීතයකි.
30 යෙහෝවා දෙවියනි, මම ඔබට ප්රශංසා කරන්නෙමි.
මන්ද ඔබ මා විපතින් බේරාගෙන+ මාගේ සතුරන්ට සතුටු වීමට ඉඩ නොදුන්නෙහිය.+
2 යෙහෝවා මාගේ දෙවියනි, මා ඔබේ පිහිට පතා මොරගැසූ විට ඔබ මට සහනයක් දුන්නෙහිය.+
4 යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටින සියල්ලෙනි, ඔහුට ගී ගයන්න.+
සදා නොමැකෙන ඔහුගේ ශුද්ධ නාමයට ප්රශංසා කරන්න.+
5 ඔහුගේ කෝපය සුළු මොහොතකට පමණය.+
නමුත් ඔහුගේ කරුණාව ජීවිතාන්තය දක්වාය.+
7 යෙහෝවා දෙවියනි, ඔබ මට කරුණාව පෙන්වා මාගේ කන්ද ශක්තිමත්ව පිහිටෙව්වෙහිය.+
ඔබ මා වෙතින් ඔබේ මුහුණ ඉවතට හරවාගත්තෙහිය. මම කැලඹුණෙමි.+
8 යෙහෝවා දෙවියනි, මම ඔබට නොකඩවා හඬගැසුවෙමි.+
යෙහෝවා දෙවියනි, කරුණාව ඉල්ලා මම ඔබට දිගින් දිගටම ආයාචනා කළෙමි.+
9 මා මිය ගියොත් එයින් ඔබට ඇති ප්රයෝජනය කුමක්ද?+
දූවිල්ල ඔබට ප්රශංසා කරනු ඇද්ද?+ ඔබේ විශ්වාසවන්තභාවය ගැන පවසනු ඇද්ද?+