ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි.
40 මම යෙහෝවා දෙවි කෙරෙහි පමණක් බලාපොරොත්තු තැබුවෙමි.+
ඔහු මා වෙතට කන් යොමා, උපකාරය පතා මා කළ මොරගැසීමට සවන් දුන්නේය.+
2 ඔහු මාව ගැඹුරු වතුර වළකින්ද+
මඩ වගුරකින්ද ගොඩට ගෙන+
පර්වතයක් මත තැබුවේය.+
ඔහු මාව ස්ථිර ලෙස පිහිටෙව්වේය.+
3 අපේ දෙවිට ප්‍රශංසා කිරීම සඳහා
අලුත් ගීතිකාවක් ඔහු මාගේ දෙතොලේ තැබුවේය.+
බොහෝ අය එය දැක, යෙහෝවා දෙවිට ගරුබිය දක්වමින්+
ඔහු කෙරෙහි විශ්වාසය තබන්නෝය.+
4 යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා සන්තෝෂවත්ය.+
මුරණ්ඩු ලෙස ක්‍රියා කරන්නන්ව ඇසුරු නොකරන්නාවූ
බොරුකාරයන්ගේ මාර්ගයේ නොයන්නාවූ තැනැත්තා සන්තෝෂවත්ය.+
5 යෙහෝවා මාගේ දෙවියනි, ඔබ පුදුමාකාර දේවල් බොහොමයක් අප වෙනුවෙන් කළෙහිය.+
ඔබ බොහෝ දේවල් අප වෙනුවෙන් සැලසුම් කළෙහිය.+
කිසිවෙකුව ඔබට සමාන කළ නොහැක.+
ඔබ කළ දේවල් ගැන මම කතා කිරීමට උත්සාහ කළෙමි.
නමුත් ඒවා ගණන් කිරීමට බැරි තරම් බොහෝය.+
6 පූජාවලටත් යාගවලටත් ඔබ ප්‍රසන්න වූයේ නැත.+
ඔබ මාගේ දෙසවන් පෑදූ නිසා ඔබේ වදන් දැන් මට පැහැදිලිව ඇසේ.+
දවන පූජා හා පාප පූජා ඔබ ඉල්ලුවේ නැත.+
9 ඔබේ ධර්මිෂ්ඨකම පිළිබඳ ශුභාරංචිය මම විශාල සමූහයක් මැදදී ප්‍රකාශ කළෙමි.+
මාගේ තොල් එය පැවසීමෙන් වළක්වා නොගත්තෙමි.+
යෙහෝවා දෙවියනි, ඔබ ඒ බව හොඳින් දන්නෙහිය.+
10 ඔබ ධර්මිෂ්ඨ බව මම නොසඟවා ප්‍රකාශ කළෙමි.+
ඔබේ විශ්වාසවන්තකම ගැනත් ඔබ ලබා දෙන ගැලවීම ගැනත් මම දැන්වූවෙමි.+
ඔබ සැබෑ කෙනෙක් බවත් ඔබ පෙන්වන මහත් ප්‍රේමය* ගැනත් මම විශාල සමූහයක් අතරේ නොසඟවා පැවසුවෙමි.”+
11 යෙහෝවා දෙවියනි, ඔබේ අනුකම්පාව මට පෙන්වන්න.+
ප්‍රේමයෙන්* පිරුණු සැබෑ දෙවි ඔබයි. එබැවින් නිරතුරුවම මාව ආරක්ෂා කරන්න.+
12 ගණන් කිරීමට නොහැකි තරම් දුක් කරදර මා වට කරගත්තේය.+
හිස එසවීමට බැරි තරම් මා කළ වැරදි මා පිට පැමිණියේය.+
ඒවා මාගේ හිසේ කෙස්වලටත් වඩා වැඩිය.+
මම බොහෝ සෙයින් අධෛර්යයට පත් වුණෙමි.+
13 අනේ යෙහෝවා දෙවියනි, මාව ගලවාගන්න.+ ඔබේ සිතේ කැමැත්තෙන්ම එසේ කරන්න.
යෙහෝවා දෙවියනි, ඉක්මනින්ම මාගේ උපකාරයට පැමිණෙන්න.+
14 මාගේ ජීවිතය නැති කර දැමීමට මාන බලන සියල්ලන්ව+ වියවුල් කර
ලැජ්ජාවට පත් කරන්න.+
මාගේ දුකේදී සතුටු වන්නන්ව අවමානයට ලක් කරන්න. ඔවුන්ව පලවාහරින්න.+
15 මට සිනාසෙමින් සරදම් කරන අයව ලැජ්ජාවට පත් කරන්න.+
තමන් අද්දකින ලැජ්ජාව නිසා ඔවුහු පුදුමයට පත් වෙත්වා!+