මලාකි
4 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. “සියල්ල දවා දමන ගිනි උදුනක් මෙන් ඒ දවස පැමිණෙන්නේය.+ ඒ දවසේදී අහංකාරයෙන් ඉදිමී සිටින සියලුදෙනාද දුෂ්ටකම් කරන සියලුදෙනාද පිදුරු මෙන් දැවී යන්නෝය.+ ඒ දවසේදී ගසක මුල් සමඟ එහි කඳ විනාශ කරන්නාක් මෙන් ඒ සියලුදෙනාම සහමුලින්ම විනාශ වී යන්නෝය.+ 2 නමුත් මාගේ නාමයට ගරුබිය දක්වමින් ජීවත් වන ඔබේ තත්වය ඊට වඩා වෙනස් වන්නේය. ඔබ ඉදිරියේ ධර්මිෂ්ඨකම නමැති හිරු උදා වී එහි රැස් විහිදුවනු ඇත.+ ඒ හිරු රැස් දහරාවලින් සුවයක් ලැබෙනු ඇත.+ ඔබ තර වස්සෙකු මෙන් සතුටින් දුව පැන යන්නෙහිය.”+
3 “මා විනාශයක් ගෙනෙන ඒ දවසේදී, ඔබ දුෂ්ටයන්ව පාගා දමන්නෙහිය. ඔවුහු ඔබේ පයට පෑගෙන දූවිලි මෙන් වන්නෝය”+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.
4 “හොරෙබ් කන්දේදී මගේ සේවකයා වන මෝසෙස් මාර්ගයෙන් මා මුළු ඊශ්‍රායෙල් සෙනඟට දුන් නීතිය සිහි කරන්න. එහි සඳහන් නියෝග හා ආඥා පිළිපදින්න.+
5 “යෙහෝවා දෙවි වන මාගේ විනිශ්චය ප්‍රකාශ කරන, බිය උපදවන ඒ භයානක දවස පැමිණීමට පෙර+ මම අනාගතවක්තෘ එලියාව ඔබ වෙතට එවන්නෙමි.+ 6 මා ඇවිත් පොළොව සම්පූර්ණයෙන්ම විනාශ නොකරන පිණිස, ඔහු පියවරුන්ගේ සිත් දරුවන්ගේ සිත් මෙන් වීමටද දරුවන්ගේ සිත් පියවරුන්ගේ සිත් මෙන් වීමටද සලස්වන්නේය.”+
(හෙබ්‍රෙව් සහ ඇරමයික යන භාෂාවලින් ලියැවුණු ශුද්ධ ලියවිල්ලේ පරිවර්තනය මෙතැනින් අවසන් වෙයි. මීළඟට තිබෙන්නේ ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ පරිවර්තනයයි.)