ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙතය. ගිටිත් ඇතුව ගායනා කිරීම සඳහාය.+ කෝරාගේ පුත්‍රයන් රචනා කළ ගීතයකි.
2 යෙහෝවා දෙවිගේ කූඩාරමේ මළුව වෙතට පැමිණීමට මම මහත් ආශාවකින් සිටින්නෙමි.+
මාගේ ගතත් සිතත් ජීවමාන දෙවිට ප්‍රීති ඝෝෂා නඟයි.+
3 මාගේ රජුද මාගේ දෙවිද වන ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවියනි,
ඔබේ ශ්‍රේෂ්ඨ පූජාසනය අසල
කිරිල්ලියට නිවහනක්ද
වැහිළිහිණියට ඇගේ පැටවුන් තැබීමට කැදැල්ලක්ද ඇත.
5 ඔබේ ශක්තිය මත රඳා සිටින්නෝ සන්තෝෂවත්ය.+
ඔබේ ගෘහයට යන මඟෙහි ගමන් කිරීමට මහත් ආශාවකින් බලා සිටින්නෝ සන්තෝෂවත්ය.+
6 බේකා පඳුරු+ ඇති වියළි තැනිතලාව හරහා ඔවුන් ගමන් කළත්
එය දිය දහරා ගලා බසින මාවතක් සේ ඔවුහු සලකති.
ඔවුන් කරන ප්‍රශංසාවලින් ඔවුන්ගේ උපදේශකයා වටව සිටින්නේය.+
7 ඔවුහු දිගු ගමනක යෙදුණත් විඩාවට පත් නොවී තව තවත් ශක්තිමත් වෙති.+
මන්ද සියොන්හිදී ඔවුන්ට දෙවි ඉදිරියේ පෙනී සිටීමට හැකි බව ඔවුහු දනිති.+
8 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවියනි, මාගේ යාච්ඤාව අසන්න.+
යාකොබ්ගේ දෙවියනි, මට සවන් දෙන්න.+ සීලාහ්.
10 වෙනත් තැනක දවස් දහසක් ගත කරනවාට වඩා ඔබේ කූඩාරමේ මළුවෙහි එක දවසක් ගත කිරීමට ලැබීම මට අගනේය.+
දුෂ්ටයන්ගේ කූඩාරම්වල ගැවසෙනවා වෙනුවට+
මාගේ දෙවිගේ ගෘහයේ දොරකඩ ළඟ සිටීමට මම තෝරාගත්තෙමි.+
11 මන්ද යෙහෝවා දෙවි සූර්යයා මෙනි.+ ඔහු පලිහක් මෙනි.+
ඔහු නිර්දෝෂ අයට සෑම යහපත් දෙයක්ම ලබා දෙන්නේය.+
යෙහෝවා දෙවි ඔවුන්ට තම අනුමැතිය ලබා දී ඔවුන්ව ගෞරවයට පත් කරන්නේය.+
12 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා සන්තෝෂවත්ය.+