යෙසායා
54 “දරුවන් බිහි නොකළ වඳ ස්ත්‍රිය, ප්‍රීති වන්න!+ ප්‍රසව වේදනා නොවින්ද තැනැත්තිය,+ හඬ නඟා සතුටු ගී ගයන්න!+ මන්ද ස්වාමිපුරුෂයෙකු සිටින ස්ත්‍රියට වඩා අත්හරිනු ලැබූ ස්ත්‍රියට බොහෝ දරුවෝ සිටිති”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. 2 “ඔබේ කූඩාරම තවත් විශාල කරගන්න.+ ඔබේ තේජවත් කූඩාරමේ තිර රෙදි දිගහැර හැකි තාක් දුරට එහි සීමා පුළුල් කරන්න. එහි ලණු දික් කර කූඤ්ඤද සවිමත් ලෙස පොළොවේ ගසන්න.+ 3 මන්ද ඔබේ වැසියෝ දකුණටත් වමටත් පැතිර යති.+ ඔබේ දරුවෝ වෙනත් ජාතීන්ගේ දේශයන් අයිති කරගෙන+ පාළුවට ගිය නුවරවල පදිංචි වෙති.+ 4 භය නොවන්න.+ මන්ද ඔබව ලැජ්ජාවට පත් වීමට මම ඉඩ නොදෙන්නෙමි.+ ඔබ නින්දාවට පත් වන්නේවත් ඔබේ බලාපොරොත්තු සුන් වන්නේවත් නැත.+ මන්ද තරුණ කාලයේදී ඔබ අද්දුටු ලැජ්ජාවද ඔබ බොහෝ කලක් වැන්දඹුවක් ලෙස වින්ද නින්දාවද ඔබට යළි සිහි නොවනු ඇත.”+
5 “මන්ද ඔබේ ශ්‍රේෂ්ඨ සැදුම්කරු+ වන මා ඔබේ ස්වාමිපුරුෂයාය.+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වන මා ඔබේ මිදුම්කරුවාය.+ මාව ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ලෙස හඳුන්වනු ලබයි.+ එමෙන්ම මුළු පොළොව කෙරෙහි අධිපතිකම් කරන දෙවි ලෙසද මාව හඳුන්වනු ලැබෙයි.+ 6 තරුණ වියේදීම එපා කරනු ලැබූ, අත්හැර දමා+ ගිය භාර්යාවක+ සේ ඔබ මහත් සිත් වේදනාවකින්+ සිටියදී යෙහෝවා දෙවි වන මම ඔබට හඬගැසුවෙමි.” එසේ පවසන්නේ ඔබේ දෙවිය.
7 “මම කෙටි කලකට ඔබව සම්පූර්ණයෙන්ම අත්හැර ගියෙමි.+ නමුත් මම ඔබට මහත් සේ අනුකම්පා කර ඔබව නැවත මා ළඟට ගන්නෙමි.+ 8 මම බොහෝ සෙයින් උදහස් වී මාගේ මුහුණ ඔබෙන් ඉවතට හරවාගතිමි.+ එහෙත් ඔබ කෙරෙහි මට තිබෙන සදාතනික ප්‍රේමය* නිසා මම ඔබට දයාව පෙන්වමි”+ යයි ඔබේ මිදුම්කරු+ වන යෙහෝවා දෙවි පවසන්නේය.
9 “මේ කාලයත් නෝවාගේ කාලය හා සමානය.+ නෝවාගේ දවස්වලදී ඇති වූ ජලගැල්මට සමාන ජලගැල්මක් නැවත පොළොවට නොගෙනෙන බවට පොරොන්දු වුණාක් මෙන්+ මම නැවත කිසිදා ඔබ සමඟ උදහස් වන්නේවත් ඔබට තරවටු කරන්නේවත් නැති බව දැන් පොරොන්දු වෙමි.+ 10 කඳු පෙරළා දමයි. හෙල්ද කඩා වැටෙයි.+ එහෙත් ඔබ කෙරෙහි මට තිබෙන ප්‍රේමය* කිසිදා නැති නොවෙයි.+ මා ඔබ සමඟ ඇති කරගත් සමාදානයේ ගිවිසුමද කිසිදා නැති නොවෙයි.”+ එසේ පවසන්නේ ඔබට දයාව පෙන්වන යෙහෝවා දෙවිය.+
11 “දුක් පීඩා විඳින්නාවූ+ තැනැත්තිය, කුණාටුවකට හසු වී කැලඹී සිටින+ ඔබට කිසිවෙකුගෙන් සැනසීම නොලැබුණේය.+ එහෙත් මම ශක්තිමත් බදාමයකින් ඔබේ ගල් බඳිමි.+ ඔබේ අත්තිවාරම+ සඳහා මම නීල මාණික්‍ය+ යොදාගන්නෙමි. 12 ඔබේ පවුරු රතු කැටවලින්ද ඔබේ දොරටු ගින්නක් වැනි වූ දීප්තිමත් ගල්වලින්ද+ ඔබේ සියලු මායිම් අලංකාර ගල්වලින්ද මම සාදමි. 13 ඔබේ සියලු දරුවන්ට+ යෙහෝවා දෙවි වන මම උගන්වන්නෙමි.+ ඔවුහු නිමක් නැති සමාදානයක් භුක්ති විඳිනු ඇත.+ 14 ධර්මිෂ්ඨකම රජයන නුවරක් ලෙස ඔබව ස්ථිර ලෙස පිහිටුවනු ඇත.+ ඔබ හිංසා පීඩා අද්දකින්නේ නැත.+ ඔබ කිසිම දෙයකට භය වන්නේවත් තැතිගන්නේවත් නැත.+ 15 කවරෙකු හෝ ඔබට පහර දුන්නොත් එය මාගේ අණ පිට නොවෙයි.+ කවරෙකු හෝ ඔබට පහර දුන්නොත් ඔහු ඔබ නිසාම වැටෙනු ඇත.”+
16 “ගිනි අඟුරු+ අවුළුවා+ ආයුධ තනන කම්මල්කරුවාටත් කඩා බිඳ දමා විනාශ කරන තැනැත්තාටත්+ පණ දුන්නේ මමයි. 17 ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත.+ ඔබට චෝදනා කරන සියලුදෙනාම දුෂ්ටයන් බව ඔබ ඔප්පු කරනු ඇත.+ යෙහෝවා දෙවිගේ සේවකයන්ට ලැබෙන උරුමය එයයි.+ එමෙන්ම ඔවුන් ධර්මිෂ්ඨ සෙනඟක් වී සිටින්නේ මා නිසාය” කියා යෙහෝවා දෙවි පවසයි.+