එළිදරව්
5 එවිට සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තාගේ+ දකුණතෙහි අකුළන ලද ලියවිල්ලක් තිබෙනවා මම දුටුවෙමි. එම ලියවිල්ලේ දෙපැත්තේම එනම්, ඇතුළත හා පිටත යමක් ලියා තිබුණු අතර+ එය මුද්‍රා හතකින් තදින් මුද්‍රා කර තිබිණ.+ 2 එසේම ශක්තිමත් දේවදූතයෙකු මහත් හඬකින් මෙසේ ප්‍රකාශ කරනවා දුටුවෙමි. “මෙම ලියවිල්ලේ මුද්‍රා කැඩීමටත් එය දිගහැරීමටත් සුදුසු තැනැත්තා කවුද?” 3 නමුත් එම ලියවිල්ල දිගහැරීමටවත් එය බැලීමටවත් හැකි කිසිම කෙනෙක් ස්වර්ගයෙහිත් පොළොවෙහිත් පොළෝගැබෙහිත් සිටියේ නැත. 4 ලියවිල්ල දිගහැරීමටවත් එය බැලීමටවත් සුදුසු කිසිවෙකු සොයාගත නොහැකි වූ නිසා මම බොහෝ සෙයින් හැඬුවෙමි.+ 5 එවිට එක් වැඩිමහල්ලෙක් මට මෙසේ කීවේය. “ඔබේ හැඬීම නවත්වන්න. බලන්න, දාවිත්ගේ+ මුල+ එනම්, යූදා ගෝත්‍රයෙන් පැමිණි+ සිංහයා ජය ගෙන ඇත.+ එහෙයින් ලියවිල්ලේ මුද්‍රා හත කැඩීමටත් එය දිගහැරීමටත් ඔහුට පුළුවන.”
6 එවිට සිංහාසනය හා ජීවීන් හතරදෙනා අසලද+ වැඩිමහල්ලන් මධ්‍යයෙහිද+ බැටළු පැටවෙකු+ සිටගෙන සිටිනවා දුටුවෙමි. එම බැටළු පැටවාගේ පෙනුම මරා දමන ලද බැටළු පැටවෙකුගේ පෙනුමට සමානය.+ ඒ බැටළු පැටවාට අං හතක්ද ඇස් හතක්ද තිබිණ. ඒ ඇස්වලින් නියෝජනය වන්නේ මුළු පොළොව පුරාම යවනු ලැබූ දෙවිගේ බලයන් හතයි.+ 7 බැටළු පැටවා පමා නොවී, සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තාගේ+ දකුණතෙන් ලියවිල්ල ගත්තේය. 8 බැටළු පැටවා අකුළන ලද ලියවිල්ල ගත් විට ජීවීන් හතරදෙනාද වැඩිමහල්ලෝ විසිහතරදෙනාද+ බැටළු පැටවා ඉදිරියෙහි දණින් වැටුණෝය. එම වැඩිමහල්ලන්ට කුඩා වීණාවක් බැගින්ද+ සුවඳ ද්‍රව්‍යයෙන් පිරුණු රන් බඳුනක් බැගින්ද තිබිණ. ඒ සුවඳ ද්‍රව්‍යයෙන්+ නියෝජනය වන්නේ ශුද්ධ තැනැත්තන් ඉදිරිපත් කරන යාච්ඤාය.+ 9 ඔවුහු අලුත් ගීතිකාවක්+ ගයමින් මෙසේ කියති. “ලියවිල්ල ගැනීමටත් එහි මුද්‍රා කැඩීමටත් සුදුසු තැනැත්තා ඔබයි. මන්ද ඔබව මරා දමනු ලැබූ අතර ඔබේ රුධිරයෙන්+ ඔබ සෑම ගෝත්‍රයකින්ම, භාෂාවකින්ම, ජනතාවකින්ම සහ ජාතියකින්ම මිනිසුන්ව දෙවි වෙනුවෙන්+ මිල දී ගත්තෙහිය.+ 10 ඔබ ඔවුන්ට රාජ්‍යයක් ලෙසද+ අපගේ දෙවි සඳහා+ පූජකයන් ලෙසද+ සේවය කිරීමට මඟ විවෘත කළෙහිය. පොළොවේ රජකම+ ඔවුන්ට භාර දීමට නියමිතය.”
11 මා බැලූ විට සිංහාසනයද ජීවීන්ද වැඩිමහල්ලන්ද වටා සිටි දේවදූතයන් බොහෝදෙනෙකුගේ හඬ මට ඇසිණ. ඔවුන්ගේ ගණන දසදහස් වර දසදහසක්ද+ දහස් වර දහසක්ද විය.+ 12 ඔවුහු මහත් හඬින් මෙසේ පවසති. “මරා දමනු ලැබූ බැටළු පැටවා+ සියලු බලයත් ධනයත් ප්‍රඥාවත් ශක්තියත් ගෞරවයත් ප්‍රශංසාවත් ලැබීමට වටින්නේය.”+
13 එවිට ස්වර්ගයෙහිත් පොළොවෙහිත් පොළෝගැබෙහිත්+ මුහුදෙහිත් සිටින සියලු ජීවීන්ද ඒවායෙහි තිබෙන සියල්ලද, “සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තාණන්ටත්+ බැටළු පැටවාටත්+ සදහටම ප්‍රශංසාවත් ගෞරවයත්+ තේජසත් ලැබේවා”+ කියා පවසන ආකාරය මට ඇසිණ. 14 ජීවීන් හතරදෙනාද, “ආමෙන්” කියා පැවසුවෝය. වැඩිමහල්ලෝද+ දණින් වැටී නමස්කාර කළෝය.+