හිතෝපදේශ
22 වස්තු සම්භාරයක් තිබීමට වඩා වටින්නේ හොඳ නමක් ඇතුව සිටීමයි.+ හොඳ නමක් දිනාගැනීම රන් රිදීවලටත් වඩා වටින්නේය.+
2 ධනවතාද දුප්පතාද එක සමානය.+ මන්ද ඔවුන් දෙදෙනාටම ජීවිතය දුන්නේ යෙහෝවා දෙවිය.+
3 බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති.+ නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.+
4 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව යටහත්පහත්ව සිටීමෙන් වස්තුවද ගෞරවයද ජීවනයද ලැබේ.+
5 වංක තැනැත්තාගේ ගමන් මඟෙහි කටු ගස්ද උගුල්ද ඇත.+ එහෙත් තම ජීවිතය රැකගන්නා ඒවායින් ආරක්ෂා වෙයි.+
6 දරුවෙකුට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න.+ එවිට ඔහු වයසට ගිය පසුත් එයින් අහක්ව යන්නේ නැත.+
7 ධනවතා දුප්පතුන්ව පාලනය කරයි.+ ණයගැතියා ණයහිමියාගේ සේවකයෙකි.+
8 අධර්මිෂ්ඨකම වපුරන්නා නරක අස්වැන්නක් නෙළාගනී.+ ඔහුගේ කෲර ආධිපත්‍යය* වැඩි කල් පවතින්නේ නැත.+
9 කරුණාවන්ත තැනැත්තාට ආශීර්වාද කරනු ලැබේ. මන්ද ඔහු තම කෑම පංගුවෙන් දුප්පතාට කන්න දී ඇත.+
10 සමච්චල් කරන්නාව එළවා දමන්න. එවිට රණ්ඩු දබරද පැමිණිලිද නින්දාවද පහව යයි.+
11 සිත පවිත්‍රව තබාගැනීමට කැමැත්තක් දක්වන්නාවූ,+ ප්‍රිය වදන් කතා කරන තැනැත්තා රජුගේ මිතුරෙක් වෙයි.+
12 යෙහෝවා දෙවි දැනුම ඇති අය දෙස බලා ඔවුන්ව ආරක්ෂා කරයි.+ නමුත් ද්‍රෝහිව කටයුතු කරන අයගේ වචන ඔහු නිෂ්ඵල කරයි.+
13 “මංසන්ධියේ සිංහයෙක් සිටියි.+ මම එළියට ගියොත් ඌ මාව මරා දමයි” කියා අලසයා පවසයි.+
14 අනාචාරයේ යෙදෙන ස්ත්‍රියකගේ මුඛය ගැඹුරු වළක් මෙනි.+ යෙහෝවා දෙවිගේ උදහසට ලක් වන තැනැත්තා එම වළට වැටෙයි.+
15 මෝඩකම දරුවෙකුගේ සිතෙහි පැළපදියම් වී ඇත.+ හික්මවීම නමැති වේවැල* මගින් එය දුරු කළ හැකිය.+
16 බොහෝ වස්තු රැස් කරගන්නා පිණිස දුප්පතාට වංචා කරන්නාටද+ පොහොසතාට තෑගි දෙන්නාටද අගහිඟකම් ඇති වෙයි.+
17 ප්‍රඥාවන්තයාගේ වදන් දෙසට ඔබේ කන් යොමු කර+ මා දෙන දැනුම සිතට ගන්න.+ 18 මන්ද ඒ කාරණා ඔබේ සිත තුළම තබාගෙන+ නිතරම ඒ ගැන කතා කරන්නෙහි නම් ඔබ ප්‍රීතියක් ලබන්නෙහිය.+
19 ඔබ යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන පිණිස+ මම අද ඔබව දැනුවත් කළෙමි.
20 මම ඔබට උපදෙස් හා දැනමුතුකම් ලියා දුන්නෙමි.+ 21 එසේ කළේ මේ සැබෑ කියමන් කෙරෙහි ඔබේ විශ්වාසය ගොඩනංවන පිණිසය. දැන් නැවත ඔබව එවූ තැනැත්තා වෙතට ගොස් මේ සත්‍යයන් ඔහු සමඟ බෙදාගන්න.+
22 දුප්පතාගේ අසරණකම වාසියට ගෙන ඔහුගෙන් සොරකම් නොකරන්න.+ නුවර දොරටුව අසලදී පීඩිත වූවන්ට හිරිහැර නොකරන්න.+ 23 මන්ද යෙහෝවා දෙවිම ඔවුන් වෙනුවෙන් පෙනී සිට ඔවුන්ට සාධාරණය ඉටු කර දෙන්නේය.+ ඔවුන්ගෙන් සොරකම් කරන අයගේ ජීවිත පැහැරගන්නේය.+
24 ඉක්මනින් කෝප වන තැනැත්තෙකු සමඟ මිත්‍ර නොවන්න.+ හදිසි කෝපයෙන් ක්‍රියා කරන්නෙකු සමඟ ඇසුරු නොකරන්න. 25 ඔහුව ඇසුරු කළොත් ඔබ ඔහුගේ මාර්ගවලට හුරු වී උගුලකට හසු වනු ඇත.+
26 යමෙකුට අතට අත දී ගිවිසුමක් ඇති කරගෙන+ ණයකට ඇප නොවන්න.+ 27 ඇපය ගෙවීමට ඔබට හැකියාවක් නැත්නම් ඔහු ඔබේ නිදන ඇඳ රැගෙන යයි. ඔබ ඒ තත්වයට පත් විය යුත්තේ මන්ද?
28 පුරාණයේදී ඔබේ මුතුන්මිත්තන්ට උරුම වූ ඉඩම්වල මායිම් වෙනස් නොකරන්න.+
29 මිනිසෙක් තමා කරන වැඩය දක්ෂ ලෙස කරන්නෙහි නම් ඔහු රජවරුන් ඉදිරියට යන්නේය.+ ඔහු සාමාන්‍ය අය අතරේ නොසිටිනු ඇත.