ගලාති
5 ක්‍රිස්තුස් අපව නිදහස් කළේ එවැනි නිදහසක් ලබා දීමටය.+ එහෙයින් ස්ථිරව සිට+ නැවතත් දාසයන් වී වියගහක් යටතට නොයන්න.+
2 ඇත්තෙන්ම පාවුල් වන මා ඔබට කියන්නේ ඔබ චර්මච්ඡේදනය වුවහොත්+ ක්‍රිස්තුස් ඔබ වෙනුවෙන් කර ඇති සෑම දෙයකින්ම ඔබට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන බවය. 3 මීට අමතරව මා එකහෙළාම පවසන්නේ කෙනෙක් චර්මච්ඡේදනය වුවහොත් නීතියේ තිබෙන සෑම දෙයක්ම ඉටු කිරීමට ඔහු බැඳී සිටින බවය.+ 4 යම් කෙනෙක් නීතිය පිළිපැදීමෙන් ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ වීමට උත්සාහ කළොත්+ ඔහු ක්‍රිස්තුස්ගෙන් ඈත් වෙයි. එවැනි කෙනෙක් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාවෙන්ද ඉවත් වී යයි.+ 5 අපත් මහත් උනන්දුවකින් බලා සිටින්නේ දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ වීමටයි. ඒ සඳහා අප තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක විය යුතු අතර අපට විශ්වාසයද තිබිය යුතුයි.+ 6 ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අයට චර්මච්ඡේදනය වීම හෝ චර්මච්ඡේදනය නොවීම වැදගත් වන්නේ නැත.+ වැදගත් වන්නේ ප්‍රේමයෙන් පෙලඹී+ විශ්වාසයක් ඇතුව සිටීමය.+
7 ඔබ සත්‍ය මාර්ගයෙහි ගමන් කළ* ආකාරය පැසසිය යුතුයි.+ සත්‍යයට කීකරු වී සිටීමට ඔබට බාධාවක් වුණේ කවුද?+ 8 මෙලෙස ක්‍රියා කිරීමට ඔබව පෙලඹවූයේ කවුද? ඔබව කැඳවූ තැනැත්තාණන් එවැනි පෙලඹීමක් ඔබ තුළ ඇති කළේ නැත.+ 9 මුහුන් ටිකකින් මුළු පිටි පිඩම පිපෙයි.+ 10 කෙසේවෙතත් ඔබ අතරේ ස්වාමීන් සමඟ එකට බැඳී සිටින අය+ වෙනස් ආකාරයකින් නොසිතන බව මට විශ්වාසයි.+ නමුත් ඔබ අතරේ ප්‍රශ්න ගැටලු ඇති කරන තැනැත්තා+ කවරෙකු වුවත් ඔහුට අනිවාර්යයෙන්ම විනිශ්චයක් ලැබේ.+ 11 සහෝදරයෙනි, මා තවමත් චර්මච්ඡේදනය ගැන දේශනා කරනවා නම් මට පීඩා විඳින්න සිදු වී තිබෙන්නේ මන්ද? ඇත්තෙන්ම මා තවමත් චර්මච්ඡේදනය ගැන දේශනා කරමින් සිටිනවා නම් මා ක්‍රිස්තුස්ගේ වධකණුව+ ගැන කතා කිරීම සම්බන්ධයෙන් කෙනෙක් කෝප වීමට*+ අවශ්‍ය වන්නේ නැත.+ 12 ඔබව වියවුල් කිරීමට උත්සාහ කරන අය+ චර්මච්ඡේදනය වීමේ නාමයෙන් තම අවයවයන් කපා ඉවත් කර දැමුවොත් වඩාත් හොඳයි කියා සිතමි.+
13 සහෝදරයෙනි, ඔබව කැඳවනු ලැබුවේ නිදහස් අය ලෙස සිටීමටය.+ නමුත් ඒ නිදහස ඔබේම ආශාවන් පිනවීමට භාවිත නොකරන්න.+ ඒ වෙනුවට ප්‍රේමයෙන් එකිනෙකා වෙනුවෙන් වෙහෙස මහන්සි වී සේවය කරන්න.+ 14 මන්ද නීතියේ සඳහන් සියල්ල, “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න”+ යන වචන ස්වල්පය පිළිපැදීමෙන් ඉටු කළ හැකිය.+ 15 නමුත් ඔබ එකිනෙකාව රිදවමින් එකිනෙකාට නින්දා කරනවා නම්+ එකිනෙකාව නැති කර දැමීමේ අවදානමක ඔබ සිටින නිසා පරෙස්සම් වන්න.+
16 මා ඔබට පවසන්නේ දිගටම දෙවි තම බලයෙන් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වන්න+ කියාය. ඔබ එසේ කළොත් ඔබේම පව්කාර ආශාවන්ට අනුව ක්‍රියා කරන්න ඔබ පෙලඹෙන්නේ නැත.+ 17 මන්ද පව්කාර ආශාවන් දෙවිගේ බලයට විරුද්ධව ක්‍රියා කරන ආකාරයටම+ දෙවිගේ බලයද පව්කාර ආශාවන්ට විරුද්ධව ක්‍රියා කරයි. ඒවා නිතරම එකිනෙකට විරුද්ධව ක්‍රියා කරන නිසා ඔබ කිරීමට කැමති වන දේ කිරීමට ඔබට හැකි වන්නේ නැත.+ 18 නමුත් ඔබ දෙවිගේ බලයට යටත් වෙනවා+ නම් නීතිය යටතේ සිටීමට ඔබට අවශ්‍ය වන්නේ නැත.+
19 කෙනෙක් තම පව්කාර ආශාවන්වලට අනුව ක්‍රියා කරන විට ඔහු හැසිරෙන ආකාරය පැහැදිලිය.+ වේශ්‍යාකම,*+ අපවිත්‍රකම,* නින්දිත හැසිරීම,*+ 20 රූප වන්දනාව, භූතවාදය,+ සතුරුකම්, අඬදබර, ඊර්ෂ්‍යාව, හදිසි කෝපය, විවාද, භේද, නිකායන්, 21 කුඩුකේඩුකම, බේබදුකම,+ ඝෝෂාකාරී උත්සවවලට හවුල් වීම යනාදි දේවල් ඔහු තුළ දක්නට ලැබේ. මීට කලින් මා ඔබට අනතුරු ඇඟවූ ලෙසම මා දැනුත් ඔබට අනතුරු අඟවන්නේ එවැනි දේවල් කරන* අයට+ දෙවිගේ රාජ්‍යය උරුම නොවන බවය.+
22 අනික් අතට කෙනෙකු තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට+ ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම,+ විශ්වාසය, 23 මෘදුකම, තමාව පාලනය කරගැනීම+ යන ගුණාංග* සියල්ල ඔහු තුළ දැකගත හැකියි. එවැනි දේවල් වැරදියි කියා කිසි නීතියක සඳහන් වී නැත.+ 24 මීට අමතරව ක්‍රිස්තුස් යේසුස්ට අයිති අය තම වැරදි ආශාවන්, තමන් තුළ ඇති වන තණ්හාව මෙන්ම තෘෂ්ණාව සහමුලින්ම නැති කර දමා ඇත.*+
25 දෙවි තම බලයෙන් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුව අප ජීවත් වෙනවා නම් දිගටම එසේ කිරීමට උත්සාහ කරමු.+ 26 අපි අහංකාරකමින් ක්‍රියා නොකරමු. එකිනෙකා අතරේ තරඟකාරිත්වයක් ඇති කරමින්+ එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරමු.+