විනිශ්චයකරුවෝ
5 ඒ දිනයේදී දෙබොරා+ හා අබිනොවම්ගේ පුත්+ බාරාක්+ මෙම ගීය ගැයුවෝය.+
2 “ඊශ්‍රායෙල් සෙනඟ සිය කැමැත්තෙන්ම+ දෙවිට වූ භාරය ඔප්පු කිරීම* සඳහා
එඩිතරව යුද්ධයට ගියෝය.
එහෙයින් යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+
3 මම යෙහෝවා දෙවිට ගී ගයන්නෙමි.+
ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි+ වන යෙහෝවාව පසසන්නෙමි.
රජවරුනි! අසන්න.+ අධිපතියෙනි! සවන් දෙන්න.
4 යෙහෝවා දෙවියනි, ඔබ සේයිර් සිට පිටත්ව යන විටත්+
ඒදොම් සිට නික්මෙන විටත්+
පොළොව දෙදරුම් කෑවේය.+ අහසින් වැසි ඇද හැළුණේය.+
වලාගැබෙන් දිය වෑස්සුණේය.
5 යෙහෝවා දෙවි ඉදිරියේ කඳු දිය වී යන්නේය.+
අර පෙනෙන සීනයි කන්ද+ පවා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි+ වන යෙහෝවා ඉදිරියේ කිසිත් නැති තරම්ය.+
6 අනාත්ගේ පුත් ෂම්ගර්ගේ දවස්වලදීද+
යායෙල්ගේ දවස්වලදීද+ මංමාවත් පාළුව හිස්ව තිබුණේය.
මඟීන් ගමන් කළේ අතුරු මාවත්වලය.+
7 දෙබොරා වන මා+ ඊශ්‍රායෙල් දේශයේ මවක් මෙන් කටයුතු කරන තුරු+
එහි ගම්මානවල කිසි වැසියෙක් වාසය නොකළේය.+
8 ඊශ්‍රායෙල් සෙනඟ වෙනත් දෙවිවරුන්ව තෝරාගත්තෝය.+
එවිට යුද්ධය දොරටු අබියසටම පැමිණියේය.+
හතළිස්දහසක් වූ ඔවුන්ගේ අතෙහි
පලිහක්වත් හෙල්ලයක්වත් නොතිබුණේය.+
9 කැමැත්තෙන්ම ඉදිරියට ආ හමුදාපතීන්ට+
මාගේ මුළු හදවතින්ම අගය ප්‍රකාශ කරන්නෙමි.+
මම යෙහෝවා දෙවිව පසසන්නෙමි.+
10 ගිනි පැහැයෙන් යුත් බූරුදෙනුන් පිට නැඟී යන්නෙනි,+
අගනා බුමුතුරුණු මත සැතපී සිටින්නෙනි,
මඟ තොටේ ගමන්ගන්නෙනි,
මේ ගැන සිතන්න.+
යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ ක්‍රියා ගැන කතා කරති.+
ඊශ්‍රායෙල් දේශයේ වැසියන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා ගැනද ඔවුහු කතා කරති.
එවිට යෙහෝවා දෙවිගේ සෙනඟ නුවරේ දොරටු වෙත ගමන් කරති.
12 අවදි වන්න, දෙබොරා අවදි වන්න!+
අවදි වී ගීයක් ගයන්න!+
නැඟිටින්න, අබිනොවම්ගේ පුත්+ බාරාක්, නැඟිටින්න!+ ඔබ අල්ලාගත් අයව රැගෙන යන්න!
13 ඉතුරු වූ අය බලවතුන් ළඟට ආවෝය.
සතුරන්ට විරුද්ධව සටන් කිරීමට යෙහෝවා දෙවිගේ සෙනඟ මා ළඟට ආවෝය.
14 සටන සඳහා එෆ්රායිම්වරුද තැනිතලාවට ආවෝය.+
ඔවුහු බෙන්ජමින්වරුන් පසුපස පියමැන්නෝය.
මාකීර්ගෙන්+ ආඥාපතීහුද
සෙබ්යූලන්ගෙන් ලිපිකරුවෝද ඒ සමඟ ආවෝය.+
15 ඉසකාර්ගෙන් අධිපතීහුද+ දෙබොරා සමඟ ආවෝය.
ඉසකාර් ගෝත්‍රයෙන් බාරාක්ද ඔවුන් සමඟ ආවේය.+
ඔහුද තැනිතලාවට බැස ගියේය.+
නමුත් රූබෙන්වරුන් සිටියේ සිතේ දෙගිඩියාවෙනි.+
16 ඔබ බඩු මලු අතරේ සැඟවී සිටින්නේ මන්ද?
එඬේරුන්ගේ නළා හඬ අසන්නද?+
රූබෙන්වරුනි, ඔබ සිටියේ සිතේ දෙගිඩියාවෙනි.+
17 ගිලියද්හි වැසියෝ යොර්දාන් ගඟෙන් එතෙරට වී සිටියෝය.+
දාන්, ඇයි ඔබ නැව්වල ලැගුම් ගෙන සිටියේ?+
ආෂෙර්වරුද මුහුදු වෙරළේ නිකරුණේ කාලය ගත කරමින්,
තොටුපොළවල් අතරේ වාසය කළෝය.+
19 රජවරු ඇවිත් සටන් කළෝය.
මෙගිද්දෝ+ ජල ධාරා ළඟ තයනක්හිදී+
කානාන්හි රජවරු සටන් කළෝය.+
නමුත් රිදී ඔවුන්ට නොලැබුණේය.+
21 ඉපැරණි කීෂොන් නදියේ දිය පහරට ඔවුහු ගසාගෙන ගියෝය.+
මම බලසම්පන්න සතුරන්ගේ ශක්තිය බෙලහීන කළෙමි.+
22 අශ්වයන්ගේ කුර පොළොවේ ගැටෙන හඬ දසත විහිදී ගියේය.+
මන්ද අශ්වයෝ පිම්මේ දිව ගියෝය.
23 ‘මේරොෂ්ට ශාප වේවා!+ එහි වැසියන්ට සදා ශාප වේවා’
කියා යෙහෝවා දෙවිගේ දේවදූතයා+ කීවේය.
මන්ද ඔවුහු යෙහෝවා දෙවිගේ සහයට නොපැමිණියෝය.
ඔවුහු යෙහෝවා දෙවිට සහය වූ බලවන්තයන්ට අතහිත නොදුන්නෝය.
24 කේනීය ජාතික හෙබෙර්ගේ බිරිඳ වූ+ යායෙල්+ ස්ත්‍රීන් අතරින් බොහෝ ආශීර්වාද ලත් තැනැත්තියකි.
කූඩාරම්වල වෙසෙන තැනැත්තියන් අතර ඇය ආශීර්වාද ලද්දියකි.+
25 ඔහු ඇගෙන් වතුර ඉල්ලුවේය. ඇය ඔහුට බීමට කිරි දුන්නාය.
මුදවාපු කිරි ඇය රන් තැටියක ඔහුට පිළිගැන්වූවාය.+
26 ඇය දකුණතට මිටියක්ද අනික් අතට කූඤ්ඤයක්ද ගෙන,+
සිසෙරාගේ හිස පසාරු කරගෙන යන ලෙස ගැසුවාය.+
ඇය ඔහුගේ නළල දෙපළු කළාය.
28 සිසෙරාගේ මව, ‘ඔහුගේ රථ පෙළ පමා වන්නේ මන්ද?+
ඔහුගේ අශ්වයන්ගේ කුර හඬ තවමත් නෑසෙන්නේ මන්ද’+
කියමින් කවුළු අතරින් එබී බැලුවාය.+
29 එවිට ඇයට ගුරුහරුකම් දුන් අය+ පිළිතුරු දුන්නෝය.
ඇයද තමාටම මෙසේ කියාගත්තාය.
30 ‘ඔවුන් කොල්ලය එකතු කරගන්නවා ඇති.+
තම තමන්ට කාන්තාවන් එක් කෙනෙක් හෝ දෙන්නෙක් සොයනවා ඇති.+
සිසෙරා සඳහා වැඩ දැමූ වර්ණවත් වස්ත්‍රයක්ද
කොල්ලය ලබාගන්නා අය සඳහා ගෙල පළඳනාද සොයනවා ඇති.’
31 යෙහෝවා දෙවියනි! ඔබේ සියලු සතුරෝ විනාශ වෙත්වා!+
දෙවිට ප්‍රේම කරන්නෝ+ දීප්තියෙන් බැබළෙන හිරු මෙන් වෙත්වා!”+
එතැන් පටන් වසර හතළිහක් පුරා දේශයේ සාමකාමී වාතාවරණයක් පැවතිණ.+