1 කොරින්ති
14 එකිනෙකාට ප්‍රේමය පෙන්වන්න උපරිම උත්සාහයක් දරන්න. ඒ අතරතුර නොකඩවාම උද්යෝගයෙන් දෙවිගෙන් ලැබෙන දීමනා ලබාගැනීමට වෑයම් කරන්න.+ එම දීමනා අතරින් අනාවැකි කීමේ දීමනාව ලබාගැනීමට ඔබ උත්සාහ කරනවා නම් වඩාත් හොඳය.+ 2 මන්ද වෙනත් භාෂාවකින් කතා කිරීමේ දීමනාව ඇති තැනැත්තා කතා කරන්නේ මිනිසුන්ට නොව දෙවිටයි. ඔහු දෙවිගේ බලයෙන් පරිශුද්ධ රහස් හෙළි කළත්+ ඔහු පවසන දේ කිසිවෙකුට වැටහෙන්නේ නැත.+ 3 නමුත් අනාවැකි කියන තැනැත්තා තමා පවසන දෙයින් මිනිසුන්ව ගොඩනංවයි,+ දිරිගන්වයි, සනසවයි. 4 වෙනත් භාෂාවකින් කතා කරන තැනැත්තා ගොඩනංවන්නේ තමාව පමණයි. නමුත් අනාවැකි කියන තැනැත්තා මුළු සභාවම ගොඩනංවයි. 5 ඔබ සියලුදෙනාම වෙනත් භාෂාවලින් කතා කරනවාට මා කැමති වුවත්+ මා වැඩි කැමැත්තක් දක්වන්නේ ඔබ අනාවැකි කියනවා දැකීමටය.+ ඇත්තෙන්ම අනාවැකි පවසන තැනැත්තා වෙනත් භාෂාවලින් කතා කරන තැනැත්තාට වඩා උතුම් දෙයක් කරයි.+ මන්ද වෙනත් භාෂාවලින් කතා කරන තැනැත්තා තමා පවසන දේ තේරුම් කර දෙන්නේ නැත්නම් එයින් සභාවට ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැත. 6 සහෝදරයෙනි, මා යම් එළිදරව් වීමක්+ හෝ ආශ්චර්යවත් ලෙස යම් දැනුමක්+ හෝ යම් අනාවැකියක් හෝ යම් ඉගැන්වීමක් හෝ ලබාගෙන ඒ ගැන කතා කරන්නේ නැතුව වෙනත් භාෂාවලින් පමණක් කතා කළොත් ඔබට මගෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?
7 නිදසුනකට යම් නාදයන් නිකුත් කරන+ නළාව සහ වීණාව යන සංගීත භාණ්ඩ ගැන සිතන්න. එම සංගීත භාණ්ඩවලින් නිකුත් වන නාදයන් පැහැදිලිව ඇසෙන්නේ නැත්නම් වාදනය කරන්නේ කුමන භාණ්ඩයද කියා පැහැදිලිව හඳුනාගත හැක්කේ කෙසේද? 8 එලෙසම හොරණෑවෙන් පැහැදිලි ශබ්දයක් නිකුත් වන්නේ නැත්නම් යුද්ධයට සූදානම් විය යුතු බව දැනගන්නේ කෙසේද?+ 9 ඔබත් පහසුවෙන් තේරුම්ගත හැකි වචනවලින් කතා කරන්නේ නැත්නම්+ ඔබ කියන දේ තේරුම්ගත හැකි වන්නේ කාටද? ඔබ පවසන දේ තේරුම්ගත නොහැකි නම් ඔබ සුළඟට කතා කරනවා හා සමානය.+ 10 ලොව පුරා භාෂාවන් රාශියක් තිබුණත් ඒ ඒ භාෂාව ගැන දැනුමක් තිබෙන අයට ඒ භාෂාව පැහැදිලිව වටහාගත හැක. 11 යමෙකු කියන දේ මට තේරෙන්නේ නැත්නම් ඔහු මාව සලකන්නේ විදේශිකයෙකු ලෙසය.+ එලෙසම මාද ඔහුව සලකන්නේ විදේශිකයෙකු ලෙසය. 12 ඔබත් සභාවේ අයට දිරිගැන්වීමක් දිය හැකි දීමනා ලබාගැනීමට උත්සාහ කරන්න.+ මා එසේ කියන්නේ දෙවිගෙන් ලැබෙන දීමනා ලබාගැනීමට ඔබ මහත් උද්යෝගයකින් කටයුතු කරන නිසාය.+
13 වෙනත් භාෂාවකින් කතා කරන තැනැත්තා තමා පවසන දේ තේරුම් කර දීමට හැකියාව ලබා දෙන මෙන්ද ඉල්ලමින් යාච්ඤා කළ යුතුයි.+ 14 මා වෙනත් භාෂාවකින් යාච්ඤා කරන විට මා යාච්ඤා කරන්නේ දෙවිගේ බලයෙන් මට ලැබුණු දීමනාව නිසාය.+ නමුත් මටද එය තේරුම්ගත නොහැකිය. 15 එසේනම් මා කුමක් කළ යුතුද? දෙවිගේ බලයෙන් ලැබෙන දීමනාව උපකාරයෙන් මම යාච්ඤා කරන්නෙමි. එලෙසම මට තේරෙන භාෂාවෙන්ද යාච්ඤා කරන්නෙමි. දෙවිගේ බලයෙන් ලැබෙන දීමනාව උපකාරයෙන් ප්‍රශංසා ගී ගයන්නෙමි.+ එලෙසම මට තේරෙන භාෂාවෙන්ද ප්‍රශංසා ගී ගයන්නෙමි.+ 16 එසේ කළේ නැත්නම් කුමක් සිදු වෙයිද? ඔබ දෙවිගේ බලයෙන් ලැබුණු දීමනාවෙන් ප්‍රයෝජන ගෙන වෙනත් භාෂාවකින් දෙවිට ස්තුති ප්‍රශංසා කරනවා කියා සිතන්න. එවිට එතැන ඉඳගෙන සිටින සත්‍යය ගැන අවබෝධයක් නැති සාමාන්‍ය පුද්ගලයෙකුට ඔබ කළ ස්තුති ප්‍රශංසාව වෙනුවෙන් “ආමෙන්”*+ කියා පැවසිය හැකිද? ඔහුට එසේ පැවසිය නොහැක්කේ ඔබ පවසන දේ ඔහුට නොතේරෙන නිසාය. 17 ඔබ කොතරම් හොඳින් දෙවිට ස්තුති ප්‍රශංසා කළත් එම පුද්ගලයාට ඉන් කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැත.+ 18 දෙවිට ස්තුතිවන්ත වෙන්න මට ඔබ සියලුදෙනාට වඩා වැඩි භාෂා ගණනකින් කතා කිරීමට හැකියාව තිබේ.+ 19 නමුත් සභාවක සිටින විට වෙනත් භාෂාවකින් වචන දසදහසක් කතා කරනවාට වඩා හැමෝටම තේරෙන භාෂාවෙන් වචන පහක් හෝ කතා කර ඔවුන්ට යම් උපදෙස් ලබා දීමට මම කැමැත්තෙමි.+
20 සහෝදරයෙනි, කාරණා තේරුම්ගැනීමට නොහැකි කුඩා දරුවන් මෙන් නොවන්න.+ ඒ වෙනුවට වැඩිහිටියෙකු මෙන් තේරුම්ගැනීමේ හැකියාව ඇතුව කටයුතු කරන්න.+ නමුත් නපුරු දේවල් ගැන අවබෝධයක් නැති පුංචි දරුවන් හා සමාන වන්න.+ 21 නීතියෙහි මෙසේ ලියා තිබේ. “‘විදේශිකයන්ගේ දිවෙන්ද නාඳුනන අයගේ තොල්වලින්ද+ මම මේ ජනයාට කතා කරන්නෙමි.+ එසේ කළත් ඔවුහු මට සවන් නොදෙන්නෝය’ කියා යෙහෝවා දෙවි පවසයි.”+ 22 ඉන් පැහැදිලි වන්නේ වෙනත් භාෂාවලින් කතා කිරීමේ හැකියාව ලකුණක් ලෙස දී තිබෙන බවයි.+ එය දී තිබෙන්නේ යේසුස් ගැන විශ්වාසයක් ඇති අය වෙනුවෙන් නොව විශ්වාසයක් නැති අය වෙනුවෙනි.+ නමුත් අනාවැකි පවසනු ලබන්නේ විශ්වාසයක් නැති අය වෙනුවෙන් නොව යේසුස් ගැන විශ්වාසයක් ඇති අය වෙනුවෙන්ය.+ 23 එහෙයින් මුළු සභාව එක තැනකට රැස් වී සියලුදෙනාම වෙනත් භාෂාවලින් කතා කරන්න පටන්ගත්තොත්+ ඔවුන් අතරට පැමිණෙන සාමාන්‍ය ජනයා හෝ දෙවි ගැන විශ්වාසයක් නැති අය සිදු වන දේ දැක ඔබට සිහිවිකල් වී ඇති බව පවසන්නේ නැද්ද? 24 නමුත් ඔබ සියලුදෙනා අනාවැකි කියමින් සිටියදී විශ්වාසයක් නැති කෙනෙක් හෝ සාමාන්‍ය පුද්ගලයෙක් එතැනට පැමිණියොත් ඔබ පවසන දේවලින් ඔහු හික්මවීමක් ලබන අතර+ තමාවම සෝදිසි කර බැලීමටත් ඔහු තුළ පෙලඹීමක් ඇති වනු ඇත. 25 එවිට ඔහුගේ සිතෙහි සැඟවී තිබෙන දේවල් ඔහුටම වැටහෙන නිසා,+ “ඇත්තෙන්ම දෙවි ඔබ අතර සිටිනවා”+ කියා ප්‍රකාශ කරමින් ඔහු දණින් වැටී දෙවිට නමස්කාර කරනු ඇත.
26 එසේනම් සහෝදරයෙනි, ඔබ කුමක් කළ යුතුද? ඔබ එකට රැස් වන විට එක් කෙනෙක් ගීතිකාවක් කියයි. තවත් කෙනෙක් උගන්වයි. වෙන කෙනෙක් තමාට එළිදරව් කළ දෙයක් ගැන පවසයි. එලෙසම තවත් කෙනෙක් වෙනත් භාෂාවකින් කතා කරයි. තවත් කෙනෙක් ඒ පැවසූ දෙයෙහි අර්ථය තේරුම් කර දෙයි.+ එලෙස ඔබ කුමන දෙයක් කළත් ඒ සියලු දේ එකිනෙකාව දිරිගැන්වීමේ අරමුණින් කළ යුතුයි.+ 27 යමෙක් වෙනත් භාෂාවලින් කතා කරන්න කැමති නම් එහි වරදක් නැත. නමුත් දෙදෙනෙකුට හෝ තුන්දෙනෙකුට වඩා වැඩි පිරිසක් එසේ නොකළ යුතුයි. එසේම ඔවුන් සියලුදෙනාම එකවර කතා නොකළ යුතුයි. එක් වතාවකදී එක් කෙනෙක් පමණක් කතා කළ යුතු අතර තවත් කෙනෙක් ඒ දේවල් තේරුම් කර දිය යුතුයි.+ 28 නමුත් එසේ තේරුම් කර දීමට කෙනෙක් නැත්නම් ඔවුන් සභාවේ නිහඬව සිටීම වඩාත් හොඳය. එවැනි අයට පෞද්ගලිකව තම සිතින් දෙවිට කතා කළ හැකිය.+ 29 මීට අමතරව අනාගතවක්තෘවරුන් දෙදෙනෙකුට හෝ තුන්දෙනෙකුට කතා කළ හැකිය.+ පැවසූ දේවල අර්ථය වටහාගැනීමට අන් අයට පුළුවන.+ 30 නමුත් යමෙක් අනාවැකි කියමින් සිටින විට එහි ඉඳගෙන සිටින කෙනෙකුට යම් එළිදරව් වීමක් ලැබුණොත්+ අනාවැකි කියමින් සිටි තැනැත්තා නිහඬ විය යුතුයි. 31 මන්ද සියලුදෙනාට ඉගෙනගැනීම සඳහාත් සියලුදෙනාව දිරිගැන්වීම සඳහාත්+ එකිනෙකා මාරුවෙන් මාරුවට කතා කරමින් සියලුදෙනාටම අනාවැකි පැවසිය හැක.+ 32 අනාවැකි පැවසීමේ දීමනාව ඇති අය දෙවිගේ බලයෙන් අනාවැකි පවසන විට එය මනා පිළිවෙළකින් කළ යුතුයි. 33 මන්ද දෙවි අවුල්සහගත දෙවි කෙනෙකු නොව+ සමාදානයේ දෙවි කෙනෙක්ය.+
ශුද්ධ තැනැත්තන් සිටින සෑම සභාවකම සිදු වන ලෙස, 34 ස්ත්‍රීන් සභාවන්වලදී නිහඬව සිටිය යුතුයි.+ මන්ද ඔවුන්ට එහිදී කතා කිරීමට අවසර දී නැත. නීතියේ පවා කියා තිබෙන ලෙස+ ඔවුන් යටත් වී සිටිය යුතුයි.+ 35 එහෙයින් යමක් දැනගැනීමට ඔවුන්ට අවශ්‍ය නම් නිවසේදී තම ස්වාමිපුරුෂයාගෙන් ඒ ගැන අසා දැනගැනීමට ඔවුන්ට පුළුවන. මන්ද සභාවක් අමතා කතා කිරීම ස්ත්‍රියකට ලැජ්ජාවකි.+
36 ඇත්තෙන්ම දෙවි තොරතුරු හෙළි කරන්නේ ඔබ මාර්ගයෙන්ද?+ එසේ නැත්නම් එම තොරතුරු ලැබුණේ ඔබට පමණක්ද?
37 තමා අනාගතවක්තෘවරයෙකු බවත් දෙවිගේ බලය නමැති දීමනාව තමාට ඇති බවත් ඇතැම් අයට සිතිය හැක. කෙසේවෙතත් මා ඔබට ලියන මේ දේවල් ඔවුන්ද පිළිගත යුතුයි. මන්ද මා පවසන මේ දේවල් ස්වාමීන්ගේ ආඥාවන් වේ.+ 38 නමුත් යමෙක් මේ දේවල් පිළිගන්නේ නැත්නම් ඔහුට සිදු වන්නේ දිගටම නොදැනුවත්කමින් සිටීමටය. 39 එහෙයින් මාගේ සහෝදරයෙනි, අනාවැකි කීමේ දීමනාව ලබාගැනීමට උද්යෝගයෙන් උත්සාහ කරන්න.+ නමුත් වෙනත් භාෂාවලින් කතා කිරීම තහනම් නොකරන්න.+ 40 සෑම දෙයක්ම ඔබිනා ලෙසත් පිළිවෙළකටත් සිදු විය යුතුයි.+