118 ජනයෙනි, යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු යහපත්ය.+
ඔහුගේ ඉමහත් ප්‍රේමය සදහටම පවතින්නේය.+
2 ඊශ්‍රායෙල්, මෙසේ කියන්න.
“දෙවිගේ ඉමහත් ප්‍රේමය සදහටම පවතින්නේය.”+
3 ආරොන්ගෙන් පැවතෙන්නෙනි, මෙසේ කියන්න.+
“දෙවිගේ ඉමහත් ප්‍රේමය සදහටම පවතින්නේය.”+
4 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති සෙනඟෙනි, මෙසේ කියන්න.+
“දෙවිගේ ඉමහත් ප්‍රේමය සදහටම පවතින්නේය.”+
5 මම දුකෙන් සිටින විටදී යෙහෝවා දෙවිට කන්නලව් කළෙමි.+
යෙහෝවා දෙවි මට සවන් දී මාව ආරක්ෂිත ස්ථානයකට ගෙනාවේය.+
6 යෙහෝවා දෙවි මාගේ පැත්තේ සිටින බැවින් මම බිය නොවන්නෙමි.+
දූවිලි වැනි මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද?+
7 මට උපකාර කරන්නන් අතරේ යෙහෝවා දෙවිද සිටින්නේය.+
එබැවින් මට වෛර කරන්නන්ගේ වැටීම මාගේ ඇස් දෙකෙන්ම මට දැකගැනීමට හැකි වන්නේය.+
8 මනුෂ්‍යයන් මත රඳා සිටිනවාට වඩා+
යෙහෝවා දෙවිගෙන් ආරක්ෂාව පැතීම යහපත.+
9 වංශවත් අය කෙරෙහි විශ්වාසය තැබීමට වඩා+
යෙහෝවා දෙවිගේ ආරක්ෂාව පැතීම යහපත.+
10 සියලු ජාතීහු මාව වට කළෝය.+
නමුත් යෙහෝවා යන දෙවිගේ නාමය කෙරෙහි විශ්වාසය තබා මම ඔවුන්ට විරුද්ධව සටන් කළෙමි.+
11 ඔවුහු මාව වට කළෝය. එසේය, මම ඔවුන්ගෙන් වට වී සිටියෙමි.+
නමුත් යෙහෝවා යන දෙවිගේ නාමය කෙරෙහි විශ්වාසය තබා මම ඔවුන්ට විරුද්ධව සටන් කළෙමි.
12 මීමැසි රංචුවක් මෙන් ඔවුහු මාව වට කරගත්තෝය.+
නමුත් කටු පඳුරු යායක් දැවී යන්නාක් මෙන් ඔවුහු දැවී ගියෝය.+
යෙහෝවා දෙවිගේ උපකාරයෙන් මම ඔවුන්ට විරුද්ධව සටන් කළෙමි.+
13 ඔවුහු මාව තල්ලු කර වට්ටා දැමීමට තැත් කළෝය.+
නමුත් යෙහෝවා දෙවි මට උපකාර කළේය.+
14 යෙහෝවා දෙවි මාගේ රැකවරණයය. මාගේ ශක්තියය.+
මාගේ ගැලවුම්කරුය.+
15 ධර්මිෂ්ඨයන්ගේ+ කූඩාරම්වලින්+
ප්‍රීති ඝෝෂා හඬ ඇසෙන්නේය.+ මන්ද ඔවුහු ගැලවීම අත් කරගත්තෝය.
යෙහෝවා දෙවි තම දකුණතින් බලවත් දේ කරන්නේය.+
16 යෙහෝවා දෙවිගේ දකුණත උසස් වන්නේය.+
යෙහෝවා දෙවිගේ දකුණතේ ශ්‍රේෂ්ඨත්වය දැකගැනීමට හැකි වන්නේය.+
17 යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන ප්‍රකාශ කරන පිණිස+
මම දිගටම ජීවත් වන්නෙමි.+
18 යෙහෝවා දෙවි මට තදින් තරවටු කළත්+
මට මැරෙන්න ඔහු ඉඩ නොදුන්නේය.+
19 ජනයෙනි, ධර්මිෂ්ඨකමේ දොරටු මට විවෘත කර දෙන්න.+
මම එතැනින් ඇතුල් වී යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නෙමි.+
20 මෙය යෙහෝවා දෙවිගේ දොරටුවය.+
ධර්මිෂ්ඨයෝ එයින් ඇතුල් වන්නෝය.+
21 ඔබ මට පිළිතුරු දුන් නිසා මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+
ඔබ මාව ගලවාගත්තෙහිය.+
22 ඉදි කරන්නන් විසින් ඉවත දැමූ ඒ ගල+
ප්‍රධාන ගල වී ඇත.+
23 එය යෙහෝවා දෙවි විසින් කළ මහත් ක්‍රියාවකි.+
අපේ ඇස්වලට එය අදහාගත නොහැකි තරම්ය.+
24 යෙහෝවා දෙවි උදා කළ දවස මෙයයි.+
අද අපි ප්‍රීතියෙන් පිනා යන්නෙමු.+
25 යෙහෝවා දෙවියනි, දැන් අපව ගලවාගන්න.+
අනේ යෙහෝවා දෙවියනි, අපට ඔබේ උපකාරය හා ආශීර්වාදය ලබා දෙන්න.+
26 යෙහෝවා දෙවිගේ නාමයෙන් පැමිණෙන තැනැත්තාට ආශීර්වාද ලැබේවා!+
යෙහෝවා දෙවිගේ ගෘහයේ සිට අපි ඔබට ආශීර්වාද කළෙමු.+
27 යෙහෝවා අපේ දෙවිය.+
අපට ආලෝකය සපයන්නේ ඔහුය.+
ජනයෙනි, පෙරහැර යන මාර්ගය+ කොළ අතුවලින් සරසන්න.+
අං සවි කර තිබෙන පූජාසනය+ දක්වාම සරසන්න.
28 ඔබ මාගේ දෙවිය. මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+
මාගේ දෙවියනි, මම ඔබව ගෞරවයට පත් කරන්නෙමි.+
29 ජනයෙනි, යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු යහපත්ය.+
ඔහුගේ ඉමහත් ප්‍රේමය සදහටම පවතින්නේය.+