1 තිමෝති
6 දාසයන් ලෙස* සිටින සියලුදෙනා තම අයිතිකරුවන්ව පූර්ණ ගෞරවයක් ලැබීමට වටිනා අය ලෙස සැලකිය යුතුයි.+ එසේ කිරීමෙන් දෙවිගේ නාමය සහ සත්‍ය ඉගැන්වීම් කිසි ලෙසකින්වත් දෝෂාරෝපණයට ලක් වන්නේ නැත.+ 2 ඇතැම් දාසයන්ගේ අයිතිකරුවන් දෙවිට නමස්කාර කරන අය නම්+ ඔවුන් සහෝදරයන් වන නිසා+ ස්වාමියෙකුට දිය යුතු ගෞරවය ඔවුන්ට දීම අවශ්‍ය නැතැයි කියා සිතීමෙන් වැළකී සිටිය යුතුයි.+ ඒ වෙනුවට ඔවුන් කරන සේවයෙන් ප්‍රයෝජන ලබන අය දෙවිට සේවය කරන ප්‍රේමණීය සහෝදරයන් වන නිසා ඔවුන් වැඩි කැමැත්තකින් සේවය කළ යුතුයි.
එවැනි දේවල් ගැන දිගටම උගන්වමින්+ හා උනන්දු කරමින් සිටින්න. 3 යමෙක් මීට වඩා වෙනස් දේවල් උගන්වමින්+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් වදන් සහ දෙවිට ගෞරවය ගෙන+ දෙන ඉගැන්වීම් පිළිගන්නේ නැත්නම්,+ 4 ඔහු අහංකාරයෙන් ඉදිමී සිටින,+ නිසි අවබෝධයකින් කටයුතු නොකරන කෙනෙකි.+ ඔහු නිතරම වචන ගැන මතභේද ඇති කරමින් වාදවිවාදවලට පැටලෙන කෙනෙකි.+ එසේම එවැනි කෙනෙකු හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කරන පුද්ගලයෙකු නොවේ.+ ඒ දේවලින් ඊර්ෂ්‍යාව,+ අඬදබර, නින්දිත+ කතා හා ඉතා නින්දාසහගත සැකයන් යනාදිය හටගන්නා අතර, 5 සුළු සුළු කාරණා ගැන උණුසුම් විවාදද ඇති වෙයි. එවැනි විවාද ඇති වන්නේ දූෂිත මනස් ඇති,+ සත්‍යයෙන් දුරස් වී ඇති+ මිනිසුන් නිසාය. ඔවුන්ගේ අදහස වන්නේ දෙවිට භක්තියෙන් සේවය කළොත් තමාට එයින් යම් වාසි ප්‍රයෝජන ලබාගත හැකි බවය.+ 6 ඇත්තෙන්ම දෙවිට භක්තියෙන් සේවය කරන විට+ ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැකියි.+ නමුත් ඒ සඳහා කෙනෙකු තමාට තිබෙන දේවලින් සෑහීමට පත්ව සිටිය යුතුයි.+ 7 මන්ද අප මෙලොවට කිසිවක් ගෙනාවේ නැත. එයින් කිසිවක් ගෙන යෑමටවත් නුපුළුවන.+ 8 එහෙයින් අපට කෑම බීම, ඇඳුම්පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් අපි ඒ දේවලින් සෑහීමට පත් වෙමු.+
9 නමුත් පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය වැරදි දේවල් කිරීමට පෙලඹෙනු ඇත.+ ඔවුන් හසු වන්නේ උගුලකටය. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් තුළ කිසි තේරුමක් නැති, හානිකර ආශාවන් බොහොමයක් හටගන්නා අතර+ එයින් බොහෝදෙනෙකුගේ ජීවිත සම්පූර්ණයෙන්ම නාස්ති වී යයි.+ 10 මන්ද සෑම හානිකර දෙයකටම+ මුල් වන්නේ+ මුදල්වලට තිබෙන දැඩි ආශාවය.+ සමහරුන් ඒ ආශාව පසුපස හඹා ගොස් ඇති නිසා ඔවුන් සත්‍ය මාර්ගයෙන් පවා අහක්ව ගොස් ඇති අතර තමාටම පිහියකින් ඇනගත් විට ඇති වන වේදනාවට සමාන බොහෝ වේදනා අද්දැකීමට ඔවුන්ට සිදු වී ඇත.+
11 නමුත් ඔබ දෙවිට ළැදි මනුෂ්‍යයෙකි. එහෙයින් ඒ දේවලින් පලා යන්න.+ ඒ වෙනුවට ධර්මිෂ්ඨකම, දේවභක්තිය, විශ්වාසය, ප්‍රේමය, විඳදරාගැනීම හා මෘදු ගුණය+ ඇතුව සිටීමට නිරතුරුවම වෑයම් කරන්න. 12 සත්‍ය ඉගැන්වීම්වලට එකඟව විශ්වාසවන්තව කටයුතු කිරීම සඳහා සටන් කරන්න.+ එය යහපත් සටනකි. සදාකාල ජීවනය නමැති ප්‍රස්තාව තදින් අල්ලාගන්න. ඔබව කැඳවනු ලැබුවේ ඒ සඳහාය. මන්ද බොහෝදෙනෙකු ඉදිරියේ ඔබ තුළ තිබෙන විශ්වාසය ගැන ඔබ ඉතා කදිම සාක්ෂියක් ඉදිරිපත් කර තිබෙන බව මතක තබාගන්න.+
13 සියලු දේවලට ජීවනය ලබා දෙන දෙවි ඉදිරියෙහිත් පොන්තියුස් පිලාත් ඉදිරිපිට+ ඉතා කදිම සාක්ෂියක්+ ඉදිරිපත් කළ+ ක්‍රිස්තුස් යේසුස් ඉදිරියෙහිත් ඔබට කාරණා කිහිපයක් ගැන යම් මඟ පෙන්වීම් දීමට කැමැත්තෙමි.+ 14 එනම් අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් පෙනී සිටින තුරු+ මා ඔබට දුන් ආඥා රකිමින් ඔබට කැළැලක් නොවන අයුරින්ද කාගෙවත් චෝදනාවකට ලක් නොවන අයුරින්ද ජීවත් වන්න කියාය. 15 ප්‍රීතියෙන් සිටින බලවත් වූ ඒ එකම පාලකයා+ එසේ පෙනී සිටින්නේ නියමිත කාලයේදීය.+ ඔහු රජවරුන්ගේ රජය,+ ස්වාමිවරුන්ගේ ස්වාමීන්ය.+ 16 අමරණීයභාවය සතු එකම තැනැත්තා ඔහුය.+ කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයක් තුළ ඔහු වාසය කරයි.+ එසේ සිටින ඔහුව කිසි මිනිසෙකු දැක නැති අතර කිසි මිනිසෙකුට ඔහුව දැකීමටද නොහැක.+ ඔහුට ගෞරවය ලැබේවා!+ ඔහුගේ මහත් බලය සදහටම පවතීවා! ආමෙන්.
17 පවතින මේ සමාජයේ ධනය රැස් කරගෙන සිටින අයට+ අහංකාර නොවී+ සිටීමට අවවාද කරන්න. එමෙන්ම අවිනිශ්චිත ධන සම්පත් කෙරෙහි නොව+ අපගේ ප්‍රයෝජනය සඳහා කිසි අඩුවක් නැතුව සෑම දෙයක්ම ත්‍යාගශීලීව සපයා දෙන දෙවි+ කෙරෙහි තම බලාපොරොත්තු තැබීමට ඔවුන්ට මඟ පෙන්වන්න. 18 එමෙන්ම යහපත් දේවල් කිරීමටත්+ යහපත් ක්‍රියාවලින් පොහොසත් වීමටත්+ ත්‍යාගශීලී වීමටත් අනුන් සමඟ බෙදාගැනීමට සූදානම් වී සිටීමටත්+ ඔවුන්ට අවවාද කරන්න. 19 එසේ කිරීමෙන් අනාගතය සඳහා ස්ථිර අඩිතාලමක්+ ගොඩනැඟීමේ කාර්යය වස්තුවක් ලෙස සලකා එය රැකගැනීමට+ ඔවුන්ට හැකි වන අතර සැබෑ ජීවිතය තදින් අල්ලාගැනීමටත් ඔවුන් සමත් වනු ඇත.+
20 ආදරණීය තිමෝති, ඔබට මහත් විශ්වාසයකින් භාර දී ඇති දේවල් රැකගන්න.+ නමුත් ශුද්ධ දේවලට එකඟ නොවන කිසි ප්‍රයෝජනයක් නැති බොරු කතාවලින්ද පරස්පර විරෝධී මතවලින් පිරී තිබෙන බොරු “දැනුමෙන්ද” අහක් වී සිටින්න.+ 21 සමහරුන් එවැනි දැනුමක් ප්‍රදර්ශනය කිරීමට ගොස් සත්‍ය මාර්ගයෙන් පවා අහක්ව ගොස් ඇත.+
ඔබ සියලුදෙනාටම දෙවිගේ මහත් කරුණාව ලැබේවා!