යොහන්
10 “ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, බැටළු ගාලට දොරටුවෙන් ඇතුල් නොවී+ වෙන තැනකින් ඇතුල් වන තැනැත්තා සොරෙක්ද කොල්ලකරුවෙක්ද වන බවයි.+ 2 දොරටුවෙන්+ ඇතුල් වන්නේ බැටළුවන්ගේ+ එඬේරායි.+ 3 දොරටු පාලකයා+ ඔහුට දොර අරියි. බැටළුවන්+ ඔහුගේ හඬට කීකරු වෙනවා. ඔහු තම බැටළුවන්ට නම් කියා හඬගසා උන්ව පිටතට ගෙන යයි. 4 තමන්ට අයිති සියලුදෙනාවම පිටතට ගත් පසු ඔහු උන්ට ඉදිරියෙන් ගමන් කරයි. බැටළුවන් ඔහුගේ හඬ හඳුනන නිසා+ උන් ඔහු පසුපස යනවා.+ 5 උන් නාඳුනන කෙනෙක් පසුපස කොහොමටවත් යන්නේ නැහැ. නාඳුනන කෙනෙක්ගේ හඬ හඳුනන්නේ නැති නිසා+ උන් ඔහුගෙන් පලා යනවා.”+ 6 යේසුස් එම උදාහරණය ඔවුන්ට පැවසුවත් ඔහු පැවසූ දේවල අර්ථය ඔවුන්ට තේරුණේ නැත.+
7 යේසුස් නැවතත් ඔවුන්ට මෙසේ කීවේය. “ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, බැටළුවන් ඇතුල් වන දොරටුව මම+ බවයි. 8 වෙස් වලාගෙන පැමිණ ඒ මමයි කියා පෙන්වන්න හදන සියලුදෙනා සොරුන් හා කොල්ලකරුවන්.+ නමුත් බැටළුවන් ඔවුන්ට කීකරු වන්නේ නැහැ.+ 9 දොරටුව මමයි.+ මා තුළින් ඇතුල් වන අයට ගැලවීම ලැබෙයි. ඔවුන් ඇතුළටත් පිටතටත් යන අතර ඔවුන්ට සරු තණබිම් හමු වෙයි.+ 10 සොරා+ එන්නේ බැටළුවන්ව සොරකම් කරන්නත් උන්ව මරා විනාශ කරන්නත් පමණයි.+ මා ඇවිත් සිටින්නේ ඔවුන්ට ජීවනය එනම්, සදහටම ජීවත් වීමේ අවස්ථාව ලබා දෙන්නයි. 11 උතුම් එඬේරා මමයි.+ මම මගේ ජීවිතය බැටළුවන් උදෙසා දෙනවා.+ 12 කුලියට වැඩ කරන+ තැනැත්තා එඬේරෙක් නොවෙයි. බැටළුවන් ඔහුට අයිති නැහැ. ඒ නිසා ඔහු වෘකයෙක් එනවා දැක්කොත් බැටළුවන් අත්හැර පලා යයි. එවිට වෘකයා ඇවිත් උන්ව අල්ලාගනියි. මුළු රැළම ඒ මේ අත විසිර යයි.+ 13 ඒ වගේ දෙයක් සිදු වන්නේ ඔහු කුලියට වැඩ කරන්නෙක්+ වන නිසයි. ඔහුට බැටළුවන් ගැන කිසි තැකීමක් නැහැ.+ 14 උතුම් එඬේරා මමයි. මම මගේ බැටළුවන්ව හඳුනනවා.+ මගේ බැටළුවනුත් මාව හඳුනනවා.+ 15 එය හරියට පියාණන් මාවත් මම පියාණන්වත් හඳුනාගෙන සිටිනවා+ හා සමානයි. මම මගේ ජීවිතය වුණත් බැටළුවන් උදෙසා දෙනවා.+
16 “මේ ගාලට අයිති නැති+ වෙනත් බැටළුවන්ද+ මට සිටිනවා. මම උන්ටද මඟ පෙන්විය යුතුයි. එවිට උන් මගේ හඬට කීකරු වෙනවා.+ උන් සියලුදෙනාම එක එඬේරෙක් යටතේ සිටින එක රැළක් වෙයි.+ 17 මගේ පියාණන් මට ප්‍රේම කරන්නේ+ මම මගේ ජීවිතය වුණත් දෙන්න කැමති නිසයි.+ නමුත් මට එය නැවත ලැබෙයි. 18 කිසි මිනිසෙක් මගේ ජීවිතය මගෙන් උදුරාගන්නේ නැහැ. මම එය දෙන්නේ මගේම කැමැත්තෙනුයි. එසේ කිරීමට මට අයිතියක් තිබෙනවා. ඒ වගේම එය නැවත ලබාගන්නත් මට අයිතියක් තිබෙනවා.+ එසේ කිරීමට මට ආඥා කර තිබෙන්නේ+ මගේ පියාණන්.”
19 යේසුස් පැවසූ ඒ දේවල් නිසා නැවතත් යුදෙව්වන් අතරේ මතභේදයක් ඇති විය.+ 20 බොහෝදෙනෙක්, “ඔහුට සවන් දෙන්නේ ඇයි? ඔහුට භූතයෙකු වැහිලා.+ ඔහුගේ සිහිවිකල් වෙලා” කියා පැවසූහ. 21 නමුත් තවත් සමහරු, “භූතයෙක් ආවේශ වී සිටින කෙනෙක් කොහොමද මේ වගේ දේවල් උගන්වන්නේ? භූතයෙකුට පුළුවන්ද අන්ධයන්ට පෙනීම ලබා දෙන්න” කියා කීවෝය.
22 මේ අතර යෙරුසලමෙහි කැප කිරීමේ උත්සවය* පවත්වන දවස උදා විය. එය ශීත කාලය විය. 23 එදා යේසුස් දේවමාලිගාවේ සලමොන්ගේ සක්මන් මළුවෙහි*+ ඇවිදිමින් සිටියේය. 24 එවිට යුදෙව්වරු ඔහුව වට කරගෙන, “ඇයි ඔබ කිසිම දෙයක් කෙළින්ම කියන්නේ නැත්තේ? ඔබ ක්‍රිස්තුස් නම්+ ඒ බව කෙළින්ම කියන්න”+ කියා ඔහුට කීවෝය. 25 යේසුස් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “මම මීට කලින් ඔබට ඒ ගැන කිව්වා. ඒත් ඔබ මාව විශ්වාස කළේ නැහැ. මගේ පියාණන්ගේ නාමයෙන් මා කරන දේවල්ම මා වෙනුවෙන් සාක්ෂියක් වෙයි.+ 26 නමුත් ඔබ මගේ බැටළුවන් නොවන නිසා ඔබ මාව විශ්වාස කරන්නේ නැහැ.+ 27 මගේ බැටළුවන්+ මගේ හඬට කීකරු වෙනවා. මම ඔවුන්ව හොඳින් හඳුනනවා. ඔවුන්ද මා අනුව එනවා.+ 28 මම ඔවුන්ට සදාකාල ජීවනය දෙනවා.+ ඔවුන් කිසි කලක විනාශ වෙන්නේ නැහැ.+ ඒ වගේම කිසිම කෙනෙක් ඇවිත් මගේ අතින් ඔවුන්ව උදුරාගෙන යන්නෙත් නැහැ.+ 29 මගේ පියාණන්+ මට භාර දී තිබෙන මේ බැටළුවන් අන් හැම දෙයකටම වඩා මට වටිනවා.+ කිසිම කෙනෙකුට ඔවුන්ව පියාණන්ගේ අතින් උදුරාගන්න බැහැ.+ 30 මගේ පියාණන් සහ මම පූර්ණ එකඟතාවකින් සිටිනවා.”+
31 යුදෙව්වරු නැවතත් ඔහුට ගසන්න ගල් අතට ගත්හ.+ 32 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “පියාණන් මට කරන්න කියා අණ කළ යහපත් ක්‍රියා බොහොමයක් මම ඔබ ඉදිරියේ කළා. දැන් ඔබ මට ගල් ගසන්න හදන්නේ මා කළ මොන ක්‍රියාව නිසාද?” 33 “අප ඔබට ගල් ගසන්නේ ඔබ කළ යහපත් ක්‍රියා නිසා නොවෙයි. ඔබ දෙවිට අපහාස කළ නිසයි.+ ඔබ මිනිසෙක්. නමුත් ඔබ උත්සාහ කරන්නේ දෙවි කෙනෙක් හැටියට පෙනී සිටින්නයි”+ කියා යුදෙව්වරු ඔහුට පිළිතුරු දුන්නෝය. 34 එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඔබේ ශුද්ධ ලියවිලිවල*+ ලියා ඇති දේ ඔබට මතක නැද්ද? එක් අවස්ථාවකදී දෙවි පැවසුවේ, ‘“ඔබ දෙවිවරුය”+ කියා මම කීවෙමි’ කියායි. 35 ශුද්ධ ලියවිල්ලේ සඳහන් දෙයක් කොහොමටවත් ප්‍රතික්ෂේප කරන්න බැහැ.+ එම අවස්ථාවේදී දෙවි, ‘දෙවිවරුන්’+ කියා හැඳින්වූයේ තමා විසින් හෙළාදැක තිබූ අයවයි. 36 නමුත් පියාණන් මාව ශුද්ධ කෙනෙක් හැටියට විශේෂයෙන්ම තෝරාගෙන ලෝකයට එවා තිබෙනවා. එසේනම් මම දෙවිගේ පුත්‍රයා කියා පැවසූ නිසා+ ‘ඔබ දෙවිට අපහාස කරනවා’ කියා ඔබ මට කියන්නේ ඇයි? 37 මම මගේ පියාණන්ගේ ක්‍රියා+ කරන්නේ නැත්නම් මාව විශ්වාස කරන්න එපා. 38 නමුත් මා ඒවා කරනවා නම් ඔබ මාව විශ්වාස නොකළත් අඩුම තරමින් මා කරන ක්‍රියාවත් විශ්වාස කරන්න.+ ඔබ එසේ කළොත් පියාණන් මා සමඟ එකට බැඳී සිටිනවා වගේම මමත් පියාණන් සමඟ එකට බැඳී සිටින බව ඔබට වැටහෙයි.”+ 39 එවිට ඔවුහු නැවතත් ඔහුව අල්ලාගන්න උත්සාහ කළෝය.+ නමුත් යේසුස් ඔවුන් අතින් ගැලවී ගියේය.+
40 ඉන්පසු ඔහු යොර්දාන් ගඟෙන් එගොඩ වී යොහන් මුලින් බව්තීස්ම කරමින් සිටි ස්ථානයට+ ගොස් එහි නැවතී සිටියේය. 41 බොහෝදෙනෙක් ඔහු ළඟට ඇවිත් මෙසේ කීවෝය. “යොහන් එක පුදුම දෙයක්වත් කළේ නැහැ. නමුත් මේ මිනිසා ගැන යොහන් පැවසූ සෑම දෙයක්ම දැන් සැබෑ වෙලා.”+ 42 එහිදී බොහෝදෙනෙක් ඔහු කෙරෙහි විශ්වාසය තැබූහ.+