ගීතාවලිය
දාවිත් රචනා කළ ගීතයකි.
143 යෙහෝවා දෙවියනි, මාගේ යාච්ඤාවට සවන් දෙන්න.+
මාගේ කන්නලව්වට ඔබේ දෙසවන් යොමු කරන්න.+
ඔබ විශ්වාසවන්ත නිසාත් ධර්මිෂ්ඨ නිසාත් මට පිළිතුරු දෙන්න.+
2 විනිශ්චයකරුවෙකු ඉදිරියට කැඳවන්නාක් මෙන් ඔබේ සේවකයාව ඔබ ඉදිරියට නොකැඳවන්න.+
මන්ද කිසිවෙකුට ඔබ ඉදිරියේ ධර්මිෂ්ඨයෙකු විය නොහැකිය.+
3 මාගේ ජීවිතය විනාශ කිරීමේ අටියෙන් සතුරා මා පසුපස ලුහුබැඳ ආවේය.+
ඔහු මාව බිම හෙළා පාගා දැමුවේය.+
අඳුරු තැන්වල ජීවත් වීමට ඔහු මට සැලැස්වූවේය. මා දැන් සිටින්නේ බොහෝ කාලයකට ඉහතදී මිය ගිය කෙනෙකු මෙනි.+
ඔබේ සියලු ක්‍රියා ගැන ගැඹුරින් කල්පනා කළෙමි.+
ඔබේ මහත් බලය විදහා ඔබ කළ දේවල් ගැන මහත් ආශාවකින් කල්පනා කළෙමි.+
6 මම දෑත් ඔසවා ඔබට යාච්ඤා කළෙමි.+
වියළි දේශයක් දිය පොදක් වැටෙන තෙක් බලා සිටින්නාක් මෙන් ඔබ දෙස බලා සිටිමි.+ සීලාහ්.
7 යෙහෝවා දෙවියනි, පමා නොවී මාගේ උපකාරයට පැමිණෙන්න.+
මන්ද මාගේ ජීවිතය නැති වී යෑමට ආසන්නය.+
දෙවියනි, මා වෙතින් ඔබේ මුහුණ ඉවතට හරවා නොගන්න.+
මන්ද ඔබ එසේ කළොත් මිය යෑමට ආසන්න කෙනෙකුගේ තත්වයට මම පත් වනු ඇත.+
8 ඔබ පෙන්වන ඉමහත් ප්‍රේමය* ගැන උදෑසනින්ම මට ඇසීමට සලස්වන්න.+
මන්ද මා විශ්වාසය තැබුවේ ඔබ කෙරෙහිය.+
දෙවියනි, මා යා යුතු මාර්ගය මට පෙන්වන්න.+
මන්ද මාගේ මුළු ජීවිතයම මම ඔබ වෙනුවෙන් දෙන්නෙමි.+
10 ඔබේ කැමැත්ත කිරීමට මට උගන්වන්න.+
මන්ද ඔබ මාගේ දෙවිය.+
ඔබේ මහත් බලය ඉතා අගනේය.+
අවංකකමේ දේශයේ දිගටම ගමන් කිරීමට එයින් මට මඟ පෙන්වීම ලැබේවා!+