එස්තර්
2 අහෂ්වේරොෂ් රජුගේ+ කෝපය නිවී කලක් ගත වූ පසු ඔහුට වෂ්ටී බිසවවත්+ ඇය කළ දේත්+ ඈට විරුද්ධව ගත් තීරණයත් සිහි විය.+ 2 එවිට රජුගේ සේවකයෝ+ රජුට මෙසේ කීවෝය. “රජ්ජුරුවනි, රූමත්, තරුණ කන්‍යාවන්ව+ සොයා ඔබ වෙතට ගෙනෙන ලෙස+ නියෝගයක් නිකුත් කරන්න. 3 ඒ සඳහා රාජධානියේ සෑම පළාතකටම+ නිලධාරීන්ව පත් කරන්න. ඔවුන් සොයාගන්නා රූමත්, තරුණ කන්‍යාවන්ව ෂූෂන් මාලිගාවේ+ හෙගයි+ නමැති නිලධාරියා+ භාරයේ තිබෙන ස්ත්රීන්ගේ නිවසට රැගෙන එන ලෙස අණ කරන්න. එහිදී ඒ තරුණියන්ගේ රුව වඩවන පිණිස තෙල් ආලේප කර සම්බාහනය කරන ලෙසටත් නියම කරන්න. 4 රජතුමනි, ඔවුන් අතරින් ඔබේ සිත්ගන්නා තරුණියව තෝරාගෙන වෂ්ටී බිසව වෙනුවට+ ඇයව අගබිසව ලෙස පත් කරන්න.” ඔවුන්ගේ අදහස ගැන සතුටු වූ රජ ඊට එකඟව ක්‍රියා කළේය.
5 ඒ කාලයේදී මොර්දෙකයි+ නමැති යුදෙව් ජාතිකයෙක් ෂූෂන් මාලිගාවේ+ සිටියේය. ඔහු යායිර්ගේ පුත්‍රයාය. ඔහුගේ සීයා බෙන්ජමින් ජාතික+ කිෂ්ගේ පුත් ෂිමෙයිය. 6 බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්,+ යූදාහි රජු වූ යෙකොනියා+ සමඟ යෙරුසලමේ සිට වහල්භාවයට+ රැගෙන ගිය සෙනඟ අතරේ ඒ පෙළපතට අයත් අයද සිටියේය. 7 මොර්දෙකයිගේ පියාගේ සහෝදරයාට+ හදස්සා නම් දියණියක් සිටියාය. ඇගේ දෙමාපියන් මිය ගිය පසු මොර්දෙකයි තමාගේම දියණියක ලෙස ඇයව හදා වඩා ගත්තේය.+ එස්තර් යන නමින්ද හඳුන්වන ඇය, ඉතා රූමත්+ තරුණියක් වූවාය. 8 රජුගේ නියෝගය දේශය පුරා පැතිර ගිය පසු තරුණියන් බොහෝදෙනෙකුව ෂූෂන්+ මාලිගාවට කැඳවාගෙන එන ලදි. එසේ කැඳවාගෙන ආ තරුණියන් අතරේ එස්තර්ද සිටියාය. ඇයව රජුගේ නිවසට ගෙන ගොස් ස්ත්රීන්ගේ නිවස භාරව සිටි හෙගයිට+ භාර දෙන ලදි.
9 හෙගයිට එස්තර් ගැන පැහැදීමක් ඇති වූ අතර ඔහු ඇයට කරුණාවන්තව*+ සැලකුවේය. එහෙයින් ඔහු ඇයට නියමිත සම්බාහන ඇතුළුව+ විශේෂිත ආහාර පාන ලබා දීමට ඉක්මනින්ම සැලසුම් කළේය. රජුගේ නිවසේ සේවය කළ ස්ත්‍රීන් අතරින් තෝරාගත් තරුණියන් හත්දෙනෙකුවද ඇගේ සහයට ලබා දුන්නේය. එපමණක්ද නොව ඔහු ඇයටත් ඇගේ සහයට සිටි ඒ තරුණියන්ටත් ස්ත්රීන්ගේ නිවසේ හොඳම ස්ථානයෙහි නවාතැන් ලබා දුන්නේය. 10 එස්තර් තමාගේ සෙනඟ+ ගැනවත් තමාගේ ඥාතීන් ගැනවත් කිසිවෙකුට නොකීවාය. මන්ද ඒ ගැන කිසිවක් නොකියන ලෙස මොර්දෙකයි ඇයට අණ කර තිබුණේය.+ 11 එස්තර්ගේ සැප සනීප හා ඇයට කුමක් සිදු වේදැයි දැනගැනීමට මොර්දෙකයි ස්ත්රීන්ගේ නිවසෙහි මළුව ඉදිරියෙන් දිනපතා ගමන් කළේය.
12 රජු ඉදිරියේ පෙනී සිටීමට සූදානම් වීම සඳහා තරුණියන්ට මාස දොළහක් නියම කර තිබිණ. ඒ කාලය තුළදී සුවඳ ලාටු තෛලය+ හයමාසයක්ද බෝල්සම් තෛලය+ හා වෙනත් ආලේපන හයමාසයක්ද සම්බාහනය සඳහා භාවිත කරන ලදි. මාස දොළහකින් යුත් ඒ කාලය නිම වූ පසු තරුණියන්ට අහෂ්වේරොෂ් රජු ඉදිරියට යෑමේ වාරය පැමිණියේය. 13 එලෙස ස්ත්රීන්ගේ නිවසේ සිට රජු ඉදිරියට යෑමට පෙර තමන්ට කැමති ඕනෑම දෙයක් ඉල්ලීමට ඒ තරුණියන්ට අවසර තිබිණ. රජු ඉදිරියට තරුණියක පැමිණියේ මෙලෙසය.+ 14 ඇය සවස් වරුවේ රජු ඉදිරියට ගොස් පසුවදා උදෑසන රජුගේ උපභාර්යාවන්ගේ රැකවලා වූ ෂයෂ්ගාස් නම් නිලධාරියාගේ+ භාරයේ තිබූ ස්ත්රීන්ගේ නිවසට ගියාය. රජු යම් තරුණියකට කැමති වී, ඇගේ නම කියා ඇයව කැඳෙව්වොත් මිස+ ඇයට රජු වෙතට නැවත යෑමට අවස්ථාව ලැබෙන්නේ නැත.
15 මොර්දෙකයි තමාගේම දියණියක ලෙස හදා වඩා ගත්,+ ඔහුගේ පියාගේ සහෝදරයා වූ අබිහයිල්ගේ දියණිය වූ එස්තර්ටද රජු වෙතට යෑමේ වාරය පැමිණියේය. තරුණියන්ව රැකබලා ගැනීමට පත් කර සිටි හෙගයි+ ඇයට ලබා දුන් දේ හැර වෙන කිසිවක් ඇය ඉල්ලුවේ නැත.+ (ඒ කාලය අතරතුර එස්තර් සියලුදෙනාගේ කරුණාව දිනාගත්තාය.)+ 16 අහෂ්වේරොෂ් රජු පාලනය කළ හත්වන අවුරුද්දේ+ දහවන මාසයේදී එනම්, ටීබෙත් මාසයේදී එස්තර්ව රජු වෙතට ගෙන යන ලදි. 17 රජ අන් සියලු තරුණියන්ට වඩා ඇයට ආදරේ කළේය. ඒ නිසා අන් සියලුම තරුණියන්ට වඩා රජුගේ ප්‍රේමයත්* විශේෂ සැලකිල්ලත් ඇයට හිමි විය.+ රජ, රාජකීය හිස් පළඳනාව ඇයට පළඳවා වෂ්ටී බිසව වෙනුවට ඇයව තම බිසව කරගත්තේය.+ 18 රජ, එස්තර් බිසව වෙනුවෙන් මහා භෝජන සංග්‍රහයක් සූදානම් කර ඒ සඳහා ඔහුගේ අධිපතීන්ටත් ඔහුගේ සේවකයන්ටත් ආරාධනා කළේය. රජ තමා යටතේ තිබූ සියලු පළාත්වලට රාජ්‍ය නිදහසක් ප්‍රකාශ කර+ බොහෝ තෑගිබෝගද බෙදා දුන්නේය.
19 දෙවන වතාවට කන්‍යාවන්ව+ එක් රැස් කරන අවස්ථාවේදී මොර්දෙකයි, රජුගේ දොරටුව+ අසල හිඳගෙන සිටියේය. 20 එස්තර්, මොර්දෙකයිගේ+ රැකවරණය යටතේ සිටියදී ඔහුට කීකරු වූ ලෙසම දිගටම ඔහුට කීකරුව සිටියාය.+ එහෙයින් ඔහු ඇයට අණ කළ ලෙස+ ඇය තමාගේ සෙනඟ ගැනවත් තමාගේ ඥාතීන් ගැනවත් කිසිවෙකුට නොකීවාය.+
21 දිනක් මොර්දෙකයි, රජුගේ දොරටුව අසල හිඳගෙන සිටියදී දොරටු පාලකයන් වූ රජුගේ නිලධාරීන් දෙදෙනෙකු වන බිග්තාන් හා තෙරෙෂ්, අහෂ්වේරොෂ් රජු සමඟ කෝප වී ඔහුව මරා දැමීමට කුමන්ත්‍රණ කළෝය.+ 22 ඔවුන්ගේ ඒ කුමන්ත්‍රණය මොර්දෙකයි දැනගත් විගස ඔහු ඒ ගැන එස්තර් බිසවට දැන්වූවේය.+ එස්තර් බිසවද ඒ ගැන රජුට දැන්වූවාය. එමෙන්ම තමාට එය දැනගන්න ලැබුණේ මොර්දෙකයි මාර්ගයෙන් බව ඇය රජුට පැවසුවාය.+ 23 රජු ඒ කාරණය ගැන සොයා බැලූ විට එය සත්‍යයක් බව හෙළි විය. එහෙයින් ඒ මනුෂ්‍යයන් දෙදෙනාව කණුවක+ එල්ලා මරා දැමීය.+ ඒ සිද්ධිය ගැන රජු ඉදිරිපිටදීම රජවරුන්ගේ ඉතිහාසය ඇතුළත් ලියවිල්ලෙහි+ සටහන් කරන ලදි.