යෝබ්
5 මිනිසාගේ ආයු කාලය තීරණය කර ඇත.+
ඔහු ජීවත් වන මාස ගණන ඔබ දන්නෙහිය.
ඔබ ඔහුට සීමාවක් පනවා ඇත. ඒ සීමාවෙන් පිට ඔහුට යා නොහැකිය.
6 එසේනම්, ඔබ මොහොතකට හෝ ඔහු දෙස නොබලා සිටින්නේ නම් යහපත!+
එවිට දවස නිමා වන විට කුලීකරුවෙකු සතුටු වන්නාක් මෙන් ඔහුටද සතුටු විය හැකිය.
8 එහි මුල් බොහෝ කලක් පොළොව යට සැඟවී තිබුණත්
එහි කඳ වියළී ගියත්
9 දිය බිඳක් ලද සැණින් අතු ඉති ලියලා,+
අලුත් ගසක් මෙන් එය හටගන්නේය.+
12 මිනිසාද මිය ගොස් යළි නැඟිටින්නේ නැත.+
අහස නැති වී යන තුරුම ඔවුන් යළි නැඟිටින්නේවත්+
ඔවුන්ව පුබුදුවන්නේවත් නැත.+
15 ඔබ මට අඬගසන්නෙහිය. මමද උත්තර දෙන්නෙමි.+
මන්ද ඔබේ අතින් නිමැවූ දේ දැකගන්න ඔබ මහත් ආශාවෙන් බලා සිටිනු ඇත.
16 එහෙත් දැන් ඔබ මාගේ සෑම පියවරක්ම ගණන් කරන්නෙහිය.+
මා පාපයක් කරන තුරු ඔබ විමසිල්ලෙන් බලා සිටින්නෙහිය.+
18 කන්දක් වුවද පෙරළී පොළොවට සමතලා වනු ඇත.
පර්වතයක් එහි නියමිත ස්ථානයෙන් පහ කරනු ඇත.
19 වතුරට ගල් ගෙවී යන්නේය.
දිය පහරට පොළොවේ පස් සේදී යන්නේය.
ඔබ මිනිසාගේ බලාපොරොත්තු නැති කරන්නෙත් එලෙසය.
21 ඔහුගේ පුත්රයන් ගෞරවයට පාත්ර වුණත් ඔහු එය නොදනියි.+
ඔවුන් අවමානයට ලක් වුණත් ඔහුට ඒ කිසිවක් නොපෙනෙයි.
22 දිවි ඇති තුරාම ඔහුට දැනෙන්නේ ඔහුගේ වේදනාව පමණි.
ඔහු විලාප නඟන්නේ ඔහුගේ දුක ගැන පමණි.’”