ගණන් කතාව
26 වසංගතය අවසන් වූ පසු+ යෙහෝවා දෙවි මෝසෙස්ට හා පූජක ආරොන්ගේ පුත්‍රයා වන එලියාසර්ට මෙසේ කීවේය. 2 “ඊශ්‍රායෙල්හි හමුදාවට බඳවාගත හැකි වයස අවුරුදු විස්සක් හෝ ඊට වැඩි සියලුදෙනාවම තම තමන්ගේ පෙළපතට අනුව ගණන් කරන්න.”+ 3 යොර්දාන් ගඟ හා යෙරිකෝව+ අසල තිබෙන මෝවබ් පාළුකරයේදී+ මෝසෙස් හා පූජක එලියාසර්+ ඔවුන්ට මෙසේ කීවෝය. 4 “සෙනඟ අතරේ සිටින වයස අවුරුදු විස්සක් හෝ ඊට වැඩි සියලුදෙනාවම ගණන් කරන්න. යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙස කරන්න.”+
ඊජිප්තු දේශයෙන් පිටතට ආ ඊශ්‍රායෙල් සෙනඟගේ නම් මේවාය. 5 රූබෙන් ඊශ්‍රායෙල්ගේ කුලුඳුල් පුත්‍රයාය.+ රූබෙන්ගේ පුත්‍රයෝ මොවුහුය. හනොක්ගෙන්+ හනොක් නම් පවුල බිහි විය. පල්ලූගෙන්+ පල්ලූ නම් පවුල බිහි විය. 6 හෙස්රොන්ගෙන්+ හෙස්රොන් නම් පවුල බිහි විය. කාමීගෙන්+ කාමී නම් පවුල බිහි විය. 7 රූබෙන්ගේ පුත්‍රයන්ගේ නම්වලින් බිහි වූ පවුල් ඒවාය. ඔවුන්ගේ පවුල්වල ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හතළිස්තුන්දහස් හත්සිය තිහක් විය.+
8 පල්ලූගේ පුත්‍රයා එලියාබ්ය. 9 එලියාබ්ගේ පුත්‍රයෝ නම් නෙමුවෙල්, දාතාන් සහ අබිරාම්ය. දාතාන්+ හා අබිරාම්+ කාරණා සාකච්ඡා කිරීම සඳහා නිතරම කැඳවනු ලැබූ කීර්තිමත් මනුෂ්‍යයෝ වූහ. නමුත් කෝරාගේ+ සෙනඟ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැසූ අවස්ථාවේදී ඔවුහුද ඔවුන්ට එකතු වී මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධව මැසිවිලි නැඟුවෝය.
10 ඒ අවස්ථාවේදී පොළොව එහි කට ඇර ඔවුන්ව ගිලගත්තේය.+ දෙවි ගින්නක් එවා කෝරාවද ඔහු සමඟ සිටි මනුෂ්‍යයන් දෙසිය පනස්දෙනාවද විනාශ කළේය.+ එම සිද්ධිය ඊශ්‍රායෙල් සෙනඟට අනතුරු ඇඟවීමක් විය.+ 11 නමුත් කෝරාගේ පුත්‍රයෝ ඔවුන් සමඟ මිය ගියේ නැත.+
12 සිමියොන්ගේ+ පුත්‍රයෝ මොවුහුය. නෙමුවෙල්ගෙන්+ නෙමුවෙල්* නම් පවුල බිහි විය. යාමින්ගෙන්+ යාමින් නම් පවුල බිහි විය. යාකින්ගෙන්+ යාකින් නම් පවුල බිහි විය. 13 සේරාගෙන් සේරා* නම් පවුල බිහි විය. ෂාවුල්ගෙන්+ ෂාවුල් නම් පවුල බිහි විය. 14 සිමියොන්ගේ පුත්‍රයන්ගේ නම්වලින් බිහි වූ පවුල් ඒවාය. ඔවුන්ගේ පවුල්වල ලියාපදිංචි කළ අයගේ මුළු ගණන විසිදෙදහස් දෙසියයක් විය.+
15 ගාද්ගේ+ පුත්‍රයෝ මොවුහුය. ෂෙපොන්ගෙන්* ෂෙපොන් නම් පවුල බිහි විය. හග්ගීගෙන් හග්ගී නම් පවුල බිහි විය. ෂුනීගෙන් ෂුනී නම් පවුල බිහි විය. 16 ඔෂ්නීගෙන්* ඔෂ්නී නම් පවුල බිහි විය. ඒරීගෙන් ඒරී නම් පවුල බිහි විය. 17 අරොද්ගෙන් අරොද් නම් පවුල බිහි විය. අරේලීගෙන්+ අරේලී නම් පවුල බිහි විය. 18 ගාද්ගේ පුත්‍රයන්ගේ නම්වලින් බිහි වූ පවුල් ඒවාය. ඔවුන්ගේ පවුල්වල ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හතළිස්දහස් පන්සියයක් විය.+
19 ඒර්+ හා ඕනාන්+ යූදාගේ+ පුත්‍රයෝය. නමුත් ඒර් හා ඕනාන් කානාන් දේශයේදී මිය ගියෝය.+ 20 යූදාගේ පුත්‍රයෝ මොවුහුය. ෂේලාගෙන්+ ෂේලා නම් පවුල බිහි විය. පේරෙස්ගෙන්+ පේරෙස් නම් පවුල බිහි විය. සේරාගෙන්+ සේරා නම් පවුල බිහි විය. 21 පේරෙස්ගේ පුත්‍රයෝ මොවුහුය. හෙස්රොන්ගෙන්+ හෙස්රොන් නම් පවුල බිහි විය. හාමුල්ගෙන්+ හාමුල් නම් පවුල බිහි විය. 22 යූදාගේ+ පුත්‍රයන්ගේ නම්වලින් බිහි වූ පවුල් ඒවාය. ඔවුන්ගේ පවුල්වල ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැත්තෑහයදහස් පන්සියයක් විය.+
23 ඉසකාර්ගේ+ පුත්‍රයෝ මොවුහුය. තෝලාගෙන්+ තෝලා නම් පවුල බිහි විය. පූවාගෙන් පූනි නම් පවුල බිහි විය. 24 යාෂුබ්ගෙන්* යාෂුබ් නම් පවුල බිහි විය. ෂිම්රොන්ගෙන්+ ෂිම්රොන් නම් පවුල බිහි විය. 25 ඉසකාර්ගේ පුත්‍රයන්ගේ නම්වලින් බිහි වූ පවුල් ඒවාය. ඔවුන්ගේ පවුල්වල ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැටහතරදහස් තුන්සියයක් විය.+
26 සෙබ්යූලන්ගේ+ පුත්‍රයෝ මොවුහුය. සෙරෙද්ගෙන් සෙරෙද් නම් පවුල බිහි විය. ඒලොන්ගෙන් ඒලොන් නම් පවුල බිහි විය. යාලෙයෙල්ගෙන්+ යාලෙයෙල් නම් පවුල බිහි විය. 27 සෙබ්යූලන්ගේ පුත්‍රයන්ගේ නම්වලින් බිහි වූ පවුල් ඒවාය. ඔවුන්ගේ පවුල්වල ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැටදහස් පන්සියයක් විය.+
28 යෝසෙප්ගේ+ පුත්‍රයෝ නම් මනස්සේ හා එෆ්රායිම්ය.+ 29 මනස්සේගේ+ පුත්‍රයෝ මොවුහුය. මාකීර්ගෙන්+ මාකීර් නම් පවුල බිහි විය. මාකීර්ගේ පුත්‍රයා ගිලියද්ය.+ ගිලියද්ගෙන් ගිලියද් නම් පවුල බිහි විය. 30 ගිලියද්ගේ පුත්‍රයෝ මොවුහුය. ඊයෙසෙර්ගෙන්+ ඊයෙසෙර් නම් පවුල බිහි විය. හේලෙක්ගෙන් හේලෙක් නම් පවුල බිහි විය. 31 අස්රියෙල්ගෙන් අස්රියෙල් නම් පවුල බිහි විය. ෂෙකෙම්ගෙන් ෂෙකෙම් නම් පවුල බිහි විය. 32 ෂෙමිදාගෙන්+ ෂෙමිදා නම් පවුල බිහි විය. හේෆෙර්ගෙන්+ හේෆෙර් නම් පවුල බිහි විය. 33 හේෆෙර්ගේ පුත්‍රයා වූ ෂෙලොපෙහාද්ට පුත්‍රයෝ සිටියේ නැත. නමුත් ඔහුට දූවරු සිටියෝය.+ ඔවුන්ගේ නම් මේවාය. මාලාහ්, නෝවා, හොග්ලා, මිල්කා හා තිර්ෂාය.+ 34 මනස්සේගේ පුත්‍රයන්ගේ නම්වලින් බිහි වූ පවුල් ඒවාය. ඔවුන්ගේ පවුල්වල ලියාපදිංචි කළ අයගේ මුළු ගණන පනස්දෙදහස් හත්සියයක් විය.+
35 එෆ්‍රායිම්ගේ+ පුත්‍රයෝ මොවුහුය. ෂුතෙලාගෙන්+ ෂුතෙලා නම් පවුල බිහි විය. බෙකෙර්ගෙන් බෙකෙර් නම් පවුල බිහි විය. තහන්ගෙන්+ තහන් නම් පවුල බිහි විය. 36 ෂුතෙලාගේ පුත්‍රයෝ මොවුහුය. ඒරාන්ගෙන් ඒරාන් නම් පවුල බිහි විය. 37 එෆ්‍රායිම්ගේ+ පුත්‍රයන්ගේ නම්වලින් බිහි වූ පවුල් ඒවාය. ඔවුන්ගේ පවුල්වල ලියාපදිංචි කළ අයගේ මුළු ගණන තිස්දෙදහස් පන්සියයක් විය. යෝසෙප්ගේ පුත්‍රයන්ගෙන් පැවත ආ පවුල් ඒවාය.+
38 බෙන්ජමින්ගේ+ පුත්‍රයෝ මොවුහුය. බෙලාගෙන්+ බෙලා නම් පවුල බිහි විය. අෂ්බෙල්ගෙන්+ අෂ්බෙල් නම් පවුල බිහි විය. අහිරාම්ගෙන්* අහිරාම් නම් පවුල බිහි විය. 39 ෂෙපූපාම්ගෙන්* ෂප්පිම් නම් පවුල බිහි විය. හූෆාම්ගෙන්*+ හූෆාම් නම් පවුල බිහි විය. 40 බෙලාගේ පුත්‍රයන්ගේ නම් මේවාය. අර්ද් හා නාමන්ය.+ ඒ දෙදෙනාගේ නම්වලින්ද පවුල් බිහි විය. 41 බෙන්ජමින්ගේ+ පුත්‍රයන්ගේ නම්වලින් බිහි වූ පවුල් ඒවාය. ඔවුන්ගේ පවුල්වල ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හතළිස්පන්දහස් හයසියයක් විය.+
42 දාන්ගෙන්+ පැවතෙන්නෝ මොවුහුය. ෂුහාම්ගෙන්* ෂුහාම් නම් පවුල බිහි විය. දාන්ගේ+ පුත්‍රයාගේ නමින් බිහි වූ පවුල එයයි. 43 ෂුහාම්ගේ පුත්‍රයාගේ නමින් බිහි වූ පවුලේ ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැටහතරදහස් හාරසියයක් විය.+
44 ආෂෙර්ගේ+ පුත්‍රයෝ මොවුහුය. ඉම්නාහ්ගෙන්+ ඉම්නාහ් නම් පවුල බිහි විය. ඉෂ්වීගෙන්+ ඉෂ්වී නම් පවුල බිහි විය. බෙරීයාගෙන් බෙරීයා නම් පවුල බිහි විය. 45 බෙරීයාගේ පුත්‍රයෝ මොවුහුය. හෙබෙර්ගෙන් හෙබෙර් නම් පවුල බිහි විය. මල්කියෙල්ගෙන්+ මල්කියෙල් නම් පවුල බිහි විය. 46 ආෂෙර්ගේ දියණියගේ නම සෙරාය.+ 47 ආෂෙර්ගේ+ පුත්‍රයන්ගේ නම්වලින් බිහි වූ පවුල් ඒවාය. ඔවුන්ගේ පවුල්වල ලියාපදිංචි කළ අයගේ මුළු ගණන පනස්තුන්දහස් හාරසියයක් විය.+
48 නෆ්තලීගේ+ පුත්‍රයෝ මොවුහුය. යාෂෙයෙල්ගෙන්+ යාෂෙයෙල් නම් පවුල බිහි විය. ගුනීගෙන්+ ගුනී නම් පවුල බිහි විය. 49 යේෂෙර්ගෙන්+ යේෂෙර් නම් පවුල බිහි විය. ෂිල්ලෙම්ගෙන්+ ෂිල්ලෙම් නම් පවුල බිහි විය. 50 නෆ්තලීගේ+ පුත්‍රයන්ගේ නම්වලින් බිහි වූ පවුල් ඒවාය. ඔවුන්ගේ පවුල්වල ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හතළිස්පන්දහස් හාරසියයක් විය.+
51 ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හයලක්ෂ එක්දහස් හත්සිය තිහක් විය.+
52 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. 53 “නම් වශයෙන් ලියාපදිංචි කළ අයගේ ගණනට අනුව දේශයේ ඉඩම් කොටස්වලට බෙදා උරුමයක් ලෙස ඔවුන්ට දෙන්න.+ 54 විශාල පවුල්වලට විශාල කොටසක් දෙන්න. කුඩා පවුල්වලට කුඩා කොටසක් දෙන්න.+ එක් එක් පවුල්වල ලියාපදිංචි කළ අයගේ ගණනට ප්‍රමාණවත් වන ලෙසින් උරුමය ලබා දෙන්න. 55 දේශයේ ඉඩම් බෙදා දිය යුත්තේ දාදු දැමීමෙන්ය.+ එක් එක් පවුල් අයිති වන්නේ කුමන ගෝත්‍රයටද කියා සොයා බලා ඒ අනුව ඔවුන්ගේ උරුමය තීරණය කරන්න. 56 දාදු දමා විශාල පවුල්වලට හා කුඩා පවුල්වලට ලබා දිය යුතු කොටස තීරණය කළ යුතුයි.”
57 ලෙවීවරුන්ගේ+ පෙළපත් මේවාය. ගේර්ෂොන්ගෙන්+ ගේර්ෂොන්වරුද කෝහාත්ගෙන්+ කෝහාත්වරුද මෙරාරීගෙන්+ මෙරාරීවරුද බිහි වූහ. ඒ සියලුදෙනාවම ලියාපදිංචි කරනු ලැබීය. 58 ලෙවීවරුන්ගේ පෙළපත්වලට අයත් ලිබ්නි,+ හෙබ්‍රොන්,+ මාලී,+ මූෂී+ හා කෝරා+ යන අයගේ නම්වලින් එක් එක් පවුල්ද බිහි විය.
කෝහාත්ට+ අම්රාම්+ නම් පුත්‍රයෙක් සිටියේය. 59 අම්රාම්ගේ භාර්යාවගේ නම යොකෙබෙද්ය.+ ඇය ලෙවීගේ දුවක්ය. ඇය ඉපදුණේ ඊජිප්තු දේශයේදීය. අම්රාම් හා යොකෙබෙද්ගේ දරුවෝ වූයේ ආරොන්, මෝසෙස් හා ඔවුන්ගේ සහෝදරිය වූ මිරියම්ය.+ 60 නාදාබ්, අබිහු,+ එලියාසර් හා ඉතමාර්+ ආරොන්ගේ පුත්‍රයෝ වූහ. 61 නමුත් යෙහෝවා දෙවිගේ නීතියට පටහැනිව දෙවි ඉදිරියේ ගින්නක් ඔප්පු කළ නිසා නාදාබ් හා අබිහු මිය ගියෝය.+
62 මාසයක් හෝ ඊට වඩා වැඩි වයසැති ලෙවී පුරුෂයන්ගේ ලියාපදිංචි කළ මුළු ගණන විසිතුන්දහසක් විය.+ ඊශ්‍රායෙල් සෙනඟට මෙන් ඔවුන්ට දේශයේ උරුමයක් ලැබුණේ නැති නිසා+ ලෙවීවරුන්ව ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ලියාපදිංචි කළේ නැත.+
63 මෝසෙස් හා පූජක එලියාසර් යොර්දාන් හා යෙරිකෝව+ අසල තිබෙන මෝවබ් පාළුකරයේදී ලියාපදිංචි කළ අය ඔවුහුය. 64 සීනයි පාළුකරයේදී මෝසෙස් හා පූජක ආරොන් ලියාපදිංචි කළ අයගෙන් එක් කෙනෙක්වත් මෝවබ් පාළුකරයේදී ලියාපදිංචි කළ සෙනඟ අතරේ සිටියේ නැත.+ 65 මන්ද ඔවුන් අනිවාර්යයෙන්ම පාළුකරයේදී මිය යන බව යෙහෝවා දෙවි කලින් පවසා තිබිණ.+ එබැවින් යෙෆුන්නෙගේ පුත්‍රයා වන කාලෙබ් හා නූන්ගේ පුත්‍රයා වන යොෂුවා හැර කලින් ලියාපදිංචි කරනු ලැබූ අයගෙන් වෙන කිසිවෙක් ඔවුන් අතරේ සිටියේ නැත.+