2 රාජාවලිය
5 ඒ කාලයේ සිරියාවේ රජුගේ හමුදාපති හැටියට සේවය කළේ නාමන්+ නමැති තැනැත්තෙකි. යෙහෝවා දෙවි ඔහු මාර්ගයෙන් සිරියාවට ජයග්රහණය අත් කර දී තිබූ නිසා+ රජ ඔහුගේ සේවය ඉතා අගේ කොට සැලකුවේය. ඔහු යුද්ධයට දක්ෂ, එඩිතර පුද්ගලයෙකු වූ නමුත් ඔහුට ලාදුරු රෝගය වැලඳී තිබුණේය. 2 සිරියාවේ හමුදාවෙන් පිටත් කර යැවූ කොල්ලකරුවෝ+ ඊශ්රායෙල් දේශයෙන් කුඩා දැරියකව රැගෙන ආවෝය.+ ඇයව නාමන්ගේ බිරිඳට සේවිකාවක් ලෙස දෙන ලදි. 3 දවසක් එම දැරිය ඇයට මෙසේ කීවාය.+ “මගේ ස්වාමියා සමාරියේ ඉන්න අනාගතවක්තෘවරයාව+ මුණගැහෙන්න ගියොත් ඔහුට පුළුවන් මගේ ස්වාමියාගේ ලාදුරු රෝගය සුව කරන්න.”+ 4 පසුව ඊශ්රායෙල් දේශයෙන් ගෙනා ඒ දැරිය කී දේ සිරියාවේ රජුට පවසනු ලැබීය.+
5 එබැවින් සිරියාවේ රජ, නාමන්ට මෙසේ කීවේය. “මම ඊශ්රායෙල්හි රජුට ලිපියක් දෙන්නම්. ඔබ ඒ ලිපියත් රැගෙන එහෙට යන්න.” නාමන්, රිදී තලෙන්ත* දහයක්ද රන් ෂෙකෙල්* හයදහසක්ද+ ඇඳුම් කට්ටල දහයක්ද+ රැගෙන පිටත් විය.+ 6 සිරියාවේ රජු ඊශ්රායෙල්හි රජුට ඉදිරිපත් කළ එම ලිපියේ+ මෙසේ සඳහන් වී තිබිණ. “මේ ලිපිය රැගෙන එන තැනැත්තා මගේ සේවක නාමන්ය. ඔහුගේ ලාදුරු රෝගය සුව කර එවන්න.” 7 නමුත් ඊශ්රායෙල්හි රජ ඒ ලිපිය කියවා තම පිට වස්ත්රය ඉරාගනිමින්+ මෙසේ කීවේය. “මිනිසෙකුගේ ලාදුරු රෝගය සුව කරන්න කියා මට කියන්නේ මම දෙවි කියලා හිතාගෙනද?+ කෙනෙකුව ජීවත් කරන්න හෝ මරණයට පත් කරන්න අයිතිය තිබෙන්නේ දෙවිට නොවේද?+ සිරියාවේ රජු උත්සාහ කරන්නේ මා සමඟ ආරවුලක් ඇති කරගන්නයි.”+
8 ඊශ්රායෙල්හි රජු තම පිට වස්ත්ර ඉරාගත් බව+ සැබෑ දෙවිගේ අනාගතවක්තෘවරයා වන එලිෂාට ආරංචි වූ විගස ඔහු රජුට පණිවිඩයක් යවා මෙසේ දැන්වූවේය. “රජතුමනි, ඔබ පිට වස්ත්ර ඉරාගත්තේ ඇයි? ඔහුව මා වෙතට එවන්න. එවිට ඊශ්රායෙල්හි අනාගතවක්තෘවරයෙක් සිටින බව ඔහුට දැනගන්න ලැබේවි.”+ 9 නාමන් තම අශ්වයන් හා අශ්ව රථ සමඟ එලිෂාගේ නිවසේ දොරකඩට පැමිණියේය. 10 එවිට එලිෂා පණිවිඩකරුවෙක් ලවා ඔහුට මෙසේ දැන්වූවේය. “ගොස් යොර්දාන් ගඟෙන් හත් වතාවක්+ නාන්න.+ එවිට ඔබේ සම සුව වී+ ඔබ පවිත්ර වෙයි.” 11 නමුත් නාමන්, ඔහු කී දේ ගැන උදහස් වී+ එතැනින් පිටත්ව යන අතරතුර මෙසේ කීවේය. “මම හිතුවේ,+ ‘ඔහු මා ළඟටම ඇවිත් ඔහුගේ දෙවි වන යෙහෝවාගෙන් උපකාරය ඉල්ලා, මගේ තුවාලය මත ඔහුගේ අත තබා මාව සුව කරයි’ කියායි. 12 දමස්කයේ+ තිබෙන අබානා ගඟ සහ ෆාපර් ගඟ ඊශ්රායෙල්හි තිබෙන සියලු ගංගාවලට වඩා හොඳ නැද්ද?+ මට ඒ ගඟක නා පවිත්ර වෙන්න බැරිද?”+ එසේ කියා ඔහු කෝපයෙන් හැරී ගියේය.+
13 එවිට ඔහුගේ සේවකයෝ ඔහු ළඟට පැමිණ මෙසේ කීවෝය. “පියාණෙනි,+ අනාගතවක්තෘවරයා මීට වඩා අමාරු දෙයක් කරන්න කියා පැවසුවා නම් ඔබ එය කරන්නේ නැද්ද? ඔහු ඔබට කිව්වේ, ‘දිය නා පවිත්ර වෙන්න’ කියායි. එය සුළු දෙයක් නෙවෙයිද?” 14 එබැවින් නාමන්, යොර්දාන් ගඟට ගොස් සැබෑ දෙවිගේ අනාගතවක්තෘවරයා කී ලෙස හත් වතාවක් ගඟේ ගිලී නෑවේය.+ එවිට ඔහුගේ සම කුඩා දරුවෙකුගේ සම මෙන් මෘදු වී+ ඔහු සම්පූර්ණයෙන්ම සුව වුණේය.+
15 පසුව නාමන් තම මුළු හමුදාවත් සමඟ සැබෑ දෙවිගේ අනාගතවක්තෘවරයා වෙතට ආපසු ගොස්+ ඔහුට මෙසේ කීවේය. “ඊශ්රායෙල්හි මිස පොළොවේ වෙන කොතැනකවත් දෙවි කෙනෙක් නැති බව දැන් මම ස්ථිර වශයෙන්ම දන්නවා.+ දැන් ඔබේ සේවකයාගේ අතින් මේ තෑග්ග පිළිගන්න.”+ 16 එහෙත් එලිෂා මෙසේ කීවේය. “මා සේවය කරන ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරා කියන්නේ,+ මට මේ තෑග්ග පිළිගන්න බැහැ.”+ නාමන් එය පිළිගන්නා ලෙස ඔහුට පෙරැත්ත කළත් ඔහු එය ප්රතික්ෂේප කළේය. 17 අවසානයේදී නාමන් මෙසේ කීවේය. “ඔබ තෑග්ග පිළිගන්නේ නැත්නම් කොටළුවන් දෙදෙනෙකුට ඉසිලිය හැකි ප්රමාණයට පස් ටිකක් ඔබේ සේවකයා වන මට දෙන්න.+ ඔබේ සේවකයා මෙතැන් පටන් යෙහෝවා දෙවිට මිස වෙන කිසි දෙවි කෙනෙකුට දවන පූජාවක්වත් වෙනත් පූජාවක්වත් ඔප්පු කරන්නේ නැහැ.+ 18 නමුත් මේ කාරණයේදී ඔබේ සේවකයාට සමාව දෙන්න කියා මම යෙහෝවා දෙවිගෙන් ඉල්ලනවා. මගේ ස්වාමියා රිම්මොන්ට නමස්කාර කරන්න දේවාලයට යනවා.+ ඔහු මගේ අතට හේත්තු වී+ රිම්මොන්ට වැඳ වැටෙද්දී මටත් ඒ දේවාලයේ වැඳ වැටෙන්න සිදු වෙනවා.+ ඒ නිසා ඔබේ සේවකයා වන මට ඒ කාරණයේදී සමාව දෙන්න කියා මම යෙහෝවා දෙවිගෙන් ඉල්ලනවා.”+ 19 එවිට එලිෂා, “සමාදානයෙන් යන්න”+ යයි ඔහුට කීවේය. නාමන් ඔහු වෙතින් පිටත් වී සෑහෙන දුරක් ගමන් කළේය.
20 එවිට සැබෑ දෙවිගේ අනාගතවක්තෘවරයා වන එලිෂාගේ+ සේවක ගෙහාසී+ මෙසේ සිතුවේය. “මගේ ස්වාමියා මේ සිරියානු ජාතික නාමන්+ ගෙනා දේ පිළිගන්නේ නැතුව ඔහුට යන්න හැරියා. ජීවමාන දෙවි වන යෙහෝවාගේ නාමයෙන් මම මේ කියන්නේ,+ මම ඔහු පසුපස දුව ගොස් ඔහුගෙන් මොනව හරි ඉල්ලගන්නවා.”+ 21 එසේ කියා ගෙහාසී, නාමන් පසුපස දිව ගියේය. යමෙක් තමා පසුපස දිව එනවා නාමන් දුටු විට ඔහු වහාම තම අශ්ව රථයෙන් බැස, “ඔබට කුමක් හෝ කරදරයක්ද” කියා ඇසුවේය.+ 22 එවිට ගෙහාසී මෙසේ පිළිතුරු දුන්නේය. “නැහැ, කරදරයක් නැහැ. ඔබට මෙසේ කියන්න කියා මගේ ස්වාමියා+ පැවසුවා.+ ‘එෆ්රායිම් කඳුකර පළාතේ සිට අනාගතවක්තෘවරුන්ගේ පුත්රයන් දෙන්නෙක් මගේ ගෙදරට දැන් ආවා.+ ඔවුන්ට රිදී තලෙන්තයකුයි ඇඳුම් කට්ටල දෙකකුයි දෙන්න පුළුවන්ද?’”+ 23 එවිට නාමන්, “තලෙන්ත දෙකක්ම ගන්න” යයි කීවේය. නාමන් එසේ ඔහුට පෙරැත්ත කර+ රිදී තලෙන්ත දෙකක් මලු දෙකක ඔතා, ඒ මලුවලට ඇඳුම් කට්ටලයක් බැගින් දැමුවේය. ඉන්පසු ඔහුගේ සේවකයන් දෙදෙනෙකුට ඒ මලු දෙක දී ඒවා ගෙහාසීට පෙරටුවෙන් උසුලාගෙන යන ලෙස ඔවුන්ට අණ කළේය.
24 ගෙහාසී, ඕෆෙල් නම් ප්රදේශයට පැමිණි විට ඒ භාණ්ඩ සේවකයන් දෙදෙනා අතින් ගෙන නිවසේ තබා+ ඔවුන්ව ආපසු පිටත් කර හැරියේය. 25 ඉන්පසු ඔහු තම ස්වාමියා ළඟට ආවේය.+ එවිට එලිෂා, “ගෙහාසී, ඔබ කොහේද ගියේ” කියා ඔහුගෙන් ඇසුවේය. ඔහුද, “ඔබේ සේවකයා කොහේවත් ගියේ නැහැ” කියා කීවේය.+ 26 එවිට එලිෂා ඔහුට මෙසේ කීවේය. “ඒ මිනිසා ඔබට කතා කරන්න අශ්ව රථයෙන් බහිද්දිම කුමක්ද සිදු වුණේ කියා මම දැනගත්තා. රිදීවත් ඇඳුම්වත් ඔලීවවතුවත් මිදිවතුවත් බැටළුවන්වත් ගොනුන්වත් සේවක සේවිකාවන්වත් තෑගි හැටියට පිළිගන්න මෙය සුදුසු අවස්ථාවක් කියා ඔබ හිතනවාද ගෙහාසී?+ 27 ඔබ කළ මේ දේ නිසා නාමන්ට වැලඳී තිබූ ලාදුරු රෝගය+ දැන් ඔබට වැලඳෙනවා. එම රෝගය වැලඳුණු කෙනෙක් හැමදාටම ඔබේ පවුල තුළ ඉදීවි.”+ එය ඇසූ විගස ගෙහාසී එතැනින් පිටත්ව ගියේය. ඔහු පිටත්ව යන විට ලාදුරු රෝගය වැලඳී ඔහුගේ ශරීරය හිම මෙන් සුදු විය.+