ගීතාවලිය
135 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+
යෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසා කරන්න.+
යෙහෝවා දෙවිගේ සේවකයෙනි, ඔහුට ප්‍රශංසා කරන්න.+
2 යෙහෝවා දෙවිගේ ගෘහයේ සිටින සියල්ලෙනි, ඔහුට ප්‍රශංසා කරන්න.+
අපේ දෙවිගේ ගෘහයේ මළුවෙහි සිටින සියල්ලෙනි, ඔහුට ප්‍රශංසා කරන්න.+
3 යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න. මන්ද යෙහෝවා දෙවි යහපත්ය.+
ඔහුගේ නාමයට ප්‍රශංසා ගී ගයන්න. එසේ කිරීම ඉතා අගනේය.+
5 යෙහෝවා දෙවි ඉතා ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් බව මම හොඳින් දනිමි.+
අන් සියලු දෙවිවරුන්ට වඩා අපේ ස්වාමීන් අතිඋතුම්ය.+
6 අහසෙත් පොළොවෙත් සයුරෙත් ගැඹුරු තැන්හිත්+
තම කැමැත්ත පරිදි යෙහෝවා දෙවි බොහෝ දේවල් කර ඇත.+
7 ඔහු පොළොවේ සතර දිගින් ජලය වාෂ්ප වී ඉහළට නැඟීමට සලස්වන්නේය.+
වර්ෂාව ලබා දීමට ඔහු අහසේ කවුළු සෑදුවේය.+
තම ගබඩාවලින් සුළං හමා ඒමට ඔහු සලස්වන්නේය.+
8 ඊජිප්තුවරුන්ගේ කුලුඳුල් දරුවන්ට+ හා
කුලුඳුල් සතුන්ට+ පහර දුන්නේ ඔහුය.
9 ඔහු ඊජිප්තු දේශයේදී ආශ්චර්යයන් සිදු කළේය. බොහෝ ලකුණුද පෙන්වූවේය.+
එසේය, පාරාවෝටත් ඔහුගේ සියලු සේවකයන්ටත් ඒ සියල්ල අද්දැකීමට සැලැස්වූවේ ඔහුය.+
බලවත් රජවරුන්ව විනාශ කර දැමුවේද+ ඔහුය.
බාෂාන්හි ඕග් රජුවද+
කානාන්හි සියලු රාජ්‍යයන්ද+ විනාශ කර දැමුවේ ඔහුය.
12 ඔවුන් සතුව තිබූ දේශය උරුමයක් ලෙස+ තම සෙනඟ වූ
ඊශ්‍රායෙල්වරුන්ට+ දුන්නේ ඔහුය.
13 යෙහෝවා දෙවියනි, ඔබේ නාමය සදාකල් පවතින්නේය.+
යෙහෝවා දෙවියනි, සදා නොමැකෙන ඔබේ නාමය පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේය.+
16 ඒවාට කටවල් ඇත. නමුත් කතා කිරීමට නොහැකිය.+
ඇස් ඇත. නමුත් කිසිවක් පෙනෙන්නේ නැත.+
17 ඒවාට කන් ඇත. නමුත් කිසිවක් ඇසෙන්නේ නැත.+
නාසයෙන් හුස්ම ගන්නේද නැත.+
19 ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන්නෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+
ආරොන්ගෙන් පැවතෙන්නෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+