ගීතාවලිය
දාවිත්ගේ යාච්ඤාවකි.
17 යෙහෝවා දෙවියනි, මාගේ සාධාරණ ඉල්ලීමට සවන් දෙන්න. මාගේ කන්නලව්වට ඇහුම්කන් දෙන්න.+
අවංකව මා කරන මේ යාච්ඤාවට කන් දෙන්න.+
3 ඔබ මාගේ සිත විමසා බලා රාත්රියේදී මාව සෝදිසි කළෙහිය.+
ඔබ මා පවිත්‍ර කළෙහිය. මා කුමන්ත්‍රණ නොකළ කෙනෙකු බව ඔබ දකින්නෙහිය.+
මම කිසි වැරදි දෙයක් නොකීමට තීරණය කළෙමි.+
4 මිනිසුන් කෙසේ ක්‍රියා කළත් ඔබ පවසා ඇති දේට එකඟව කටයුතු කිරීමට මම අදිටන් කරගතිමි.
සොරා යන මාර්ගයේ නොයෑමට මම වගබලා ගතිමි.+
6 දෙවියනි, ඔබ මට පිළිතුරු දෙන නිසා මම ඔබේ නාමයෙන් අයැදිමි.+
අනේ, මට කන් දෙන්න. මා කියන දේට ඇහුම්කන් දෙන්න.+
8 ඇසේ කලු ඉංගිරියාව මෙන් මාව රැකගන්න.+
ඔබේ පියාපත් සෙවණෙහි මාව සඟවාගන්න.+
9 මන්ද දුෂ්ටයෝ මට විරුද්ධව ක්‍රියා කරති.
මාගේ ජීවිතය විනාශ කර දැමීමට දැනටමත් සතුරෝ මා වටා රැස්ව සිටිති.+
10 ඔවුහු තමන්ගේ සිත් දැඩි කරගෙන සිටිති.*+
අහංකාර ලෙස කතා කරති.+
11 අප යන යන තැන ඔවුහු අපව වට කරති.+
අපව බිම හෙළන්නේ කොයි මොහොතේද කියා බලා සිටිති.+
12 ඔවුන් එක් එක් කෙනා ගොදුර ඉරා දමන තෙක් නොඉවසිල්ලෙන් සිටින සිංහයන් මෙනි.+
මඟ රැක සිටින තරුණ සිංහයන්ට ඔවුන් සමානය.
13 යෙහෝවා දෙවියනි, ඔවුන්ට විරුද්ධව නැඟී සිටින්න.+
ඔවුන්ව පහතට ඇද දමන්න. ඔබේ කඩුව ගෙන දුෂ්ටයාගෙන් මාව ගලවාගන්න.+
14 යෙහෝවා දෙවියනි, ඔබේ බලවත් හස්තය දිගු කර+ මේ ලෝකයේ මනුෂ්‍යයන්ගෙන්+ මාව ගලවාගන්න.
දැන් ගත කරන ජීවිතය ගැන පමණක් සිතන මනුෂ්‍යයන්ගෙන්+ මාව බේරාගන්න.
ඔබ රැස් කර තිබෙන යහපත් දෙයින් ඔවුහු තමන්ගේ බඩ පුරවාගනිති.+
ඔවුහු දරුපල ලබා තෘප්තිමත් ජීවිතයක් ගත කරති.+
ඔවුන්ට පසුව ඔවුන්ගේ දරුවෝද ඔවුන් රැස් කළ සම්පත් භුක්ති විඳිති.+