ගීතාවලිය
දාවිත් රචනා කළ ගීතයකි.
35 යෙහෝවා දෙවියනි, මාගේ සතුරන් මට විරුද්ධව එල්ල කරන චෝදනා දෙස බලා මට සාධාරණය ඉටු කරන්න.+
මට විරුද්ධව සටන් කරන අයට එරෙහිව සටන් කරන්න.+
2 කුඩා පලිහත් මහා පලිහත් රැගෙන+
මාගේ උපකාරයට එන්න.+
3 මා පසුපස ලුහුබඳින්නන්ට විරුද්ධව හෙල්ලයද පොරවද අතැතිව පැමිණෙන්න.+
ඔබ මට ගැලවීම සලසා දෙන බව මට පවසන්න.+
4 මාගේ ජීවිතය නැති කිරීමට සොයන අය ලැජ්ජාවටත් අවමානයටත් පත් වෙත්වා!+
මට විරුද්ධව කුමන්ත්‍රණය කරන අයව වියවුල් කර පලවාහරිනු ලබත්වා!+
7 මන්ද කිසිම හේතුවක් නොමැතිව ඔවුහු මාව හසු කරගැනීමට දැල් එළුවෝය.+
නිස්කාරණයේ මාගේ ජීවිතය නැති කර දැමීමට ඔවුහු උගුල් ඇටෙව්වෝය.+
8 හදිස්සියේම ඔවුන් පිටට විනාශය පැමිණේවා!+
ඔවුන් එළූ දැලට ඔවුහුම හසු වෙත්වා!+
ඔවුන් ඇටවූ උගුලට ඔවුහුම හසු වී විනාශ වෙත්වා!+
10 “යෙහෝවා දෙවියනි, ඔබ පීඩිතයාව බලවතා අතින්ද+
පීඩා විඳින දුප්පතාව සොරුන් අතින්ද ගලවාගන්නෙහිය.+
එසේ ක්‍රියා කරන කෙනෙක් තවත් සිටීද”+
කියා මාගේ මුළු හදවතින්ම පැවසීමට මා තුළ පෙලඹීමක් ඇති වේවා!+
13 නමුත් ඔවුන් රෝගාතුරව සිටියදී මම ගෝණි රෙදි ඇඳගෙන,+
නිරාහාරව සිට ඔවුන් වෙනුවෙන් වැලපුණෙමි.+
මා කළ යාච්ඤාව නැවත මා වෙතට හිස්ව හැරී ආවේය.+
14 මාගේ මිතුරන් ලෙසද මාගේම සහෝදරයන් ලෙසද මම ඔවුන්ව සැලකුවෙමි.+
මට ඔවුන් ගැන මහත් වේදනාවක් දැනිණ.
මවක් අහිමි වූ කෙනෙකු මෙන් මම ඔවුන් නිසා ශෝකයෙන් සිටියෙමි.+
15 නමුත් මාගේ පය ලිස්සූ විට ඔවුහු එක්ව ප්‍රීති වූහ.+
මට විරුද්ධව ක්‍රියා කිරීමට ඔවුහු රැස් වූහ.+
සැඟවී සිට ඔවුහු මට පහර දුන්හ.+
දිගින් දිගටම මාගේ චරිතය ඝාතනය කළහ.+
16 දෙවිට ද්‍රෝහිව කටයුතු කරන ඔවුහු, කෑම ටිකක් ලබාගන්නා අටියෙන් මාව සමච්චලයට ලක් කරති.+
මට විරුද්ධව කෝපයෙන් දත්මිටි කති.+
17 යෙහෝවා දෙවියනි, ඔබ කොපමණ කාලයක් මේ දෙස බලා සිටින්නෙහිද?+
ඔවුන් ගෙනෙන දරුණු පීඩාවලින් මාගේ ජීවිතය බේරාගන්න.+
තරුණ, කේශර සිංහයන්ගෙන් මාගේ වටිනා ජීවිතය ගලවාගන්න.+
19 කිසිදු හේතුවක් නොමැතිව මට සතුරුකම් කරන අයට මාගේ දුකේදී සතුටු වීමට ඉඩ නොදෙන්න.+
නිස්කාරණයේ මට වෛර කරන අයට මාව සමච්චලයට ලක් කිරීමට ඉඩ නොදෙන්න.+
20 ඔවුහු සමාදානය ඇති කරන අන්දමින් කතා කරනවා වෙනුවට+
කිසිවෙකුට හිංසාවක් නොකර අහිංසකව ජීවත් වන අයට
විරුද්ධව බොරු චෝදනා එල්ල කරති.+
22 යෙහෝවා දෙවියනි, මේ හැම දෙයක්ම ඔබට පෙනෙන නිසා+ නිහඬව නොසිටින්න.+
අනේ යෙහෝවා දෙවියනි, මාගෙන් ඈත්වී නොසිටින්න.+
24 යෙහෝවා මාගේ දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව මාව විනිශ්චය කරන්න.+
මාගේ දුකේදී ඔවුන්ට සතුටු වීමට ඉඩ නොදෙන්න.+
25 “අපේ කුමන්ත්‍රණය සාර්ථකයි” කියා සිතන්න ඔවුන්ට ඉඩ නොදෙන්න.+
“අපි ඔහුව නැති කර දැම්මා” කියා පැවසීමට ඔවුන්ට ඉඩ නොදෙන්න.+
26 මාගේ දුක් කරදර ගැන සතුටු වන සියල්ලෝ+
ලැජ්ජාවටත් අවමානයටත් පත් වෙත්වා!+
මාව සුළු කොට මහත් ආඩම්බරයකින් කතා කළ අයට+ ලැජ්ජාව හා නින්දාව උරුම වේවා!+