මතෙව්
11 යේසුස් තම ගෝලයන් දොළොස්දෙනාට උපදෙස් දුන් පසු එතැනින් පිටත් වී අවට නුවරවල ඉගැන්වීමටත් දේශනා කිරීමටත් ගියේය.+
2 ක්‍රිස්තුස්ගේ ක්‍රියා ගැන සිරගෙයි සිටි+ යොහන්ට ආරංචි වී තමාගේ ගෝලයන් යවා, 3 “පැමිණීමට සිටින තැනැත්තා ඔබද? නැතහොත් අප වෙන කෙනෙකු ගැන බලා සිටිය යුතුද”+ කියා යේසුස්ගෙන් ඇසුවේය. 4 යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “ගොස් ඔබට අහන්න දකින්න ලැබෙන දේවල් ගැන යොහන්ට කියන්න. 5 අන්ධ අයට පෙනීම ලැබෙනවා.+ කොර වී සිටින අය+ නැවත ඇවිදිනවා. ලාදුරු රෝගීන්ව+ පවිත්‍ර කරනු ලබනවා. බිහිරි අයට+ ඇසෙනවා. මිය ගිය අයව+ නැවත ජීවත් කරනු ලබනවා. දිලිඳුන්ට ශුභාරංචිය+ ප්‍රකාශ කරනු ලබනවා. 6 යමෙකුට මා ගැන සැකයක් නැත්නම්*+ ඒ තැනැත්තා සන්තෝෂවත්.”
7 යොහන්ගේ ගෝලයන් පිටත්ව යද්දී යොහන් ගැන යේසුස් එහි සිටි සමූහයන්ට මෙසේ කීවේය. “ඔබ පාළුකරයට ගියේ කුමක් බලන්නද?+ සුළඟට එහා මෙහා වැනෙන බට ගසක් බලන්නද?+ 8 ඔබ ගියේ කුමක් දකින්නද? වටිනා වස්ත්‍ර ඇඳ සිටින මිනිසෙකුව දකින්නද? අනර්ඝ වස්ත්‍රවලින් සැරසුණු අය සිටින්නේ රජුන්ගේ මාලිගාවලයි.+ 9 ඇත්තෙන්ම ඔබ ගියේ ඇයි? අනාගතවක්තෘවරයෙකුව දැක බලා ගන්නද? මා ඔබට කියන්නේ, ඔහු අනාගතවක්තෘවරයෙකුටත් වඩා උතුම් කෙනෙක් බවයි.+ 10 මෙසේ ලියා තිබෙන්නෙත් ඔහු ගැනයි. ‘මම මාගේ පණිවිඩකරුව ඔබ ඉදිරියෙන් යවමි. ඔහු ඔබට කලින් ගොස් ඔබේ මඟ සූදානම් කරයි.’+ 11 ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ස්ත්‍රීන්ගෙන් උපන් අය අතරෙන්+ යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් ඉපදී නැති බවයි. නමුත් ස්වර්ග රාජ්‍යයේ සිටින සුළු තැනැත්තෙක්+ වුණත් ඔහුට වඩා උතුම්. 12 යොහන් බව්තීස්ත තම සේවය ආරම්භ කළ කාලයේ පටන් මේ දක්වාම මිනිසුන් ස්වර්ග රාජ්‍යය ගැන සිතේ තබාගෙන එයට ඇතුල් වෙන්න මහත් උත්සාහයක් දරමින් සිටිනවා. එසේ මහත් උත්සාහයක් දරන අයට ඊට ඇතුල් වෙන්න හැකි වෙයි.+ 13 මන්ද අනාගතවක්තෘවරුන් පැවසූ දේවලින්ද නීතියේ සඳහන් දේවලින්ද අවධාරණය කළේ ඒ ගැනයි. එය යොහන් තම සේවය පටන්ගත් කාලය දක්වාම+ සිදු වුණා. 14 ඔබ ඒ කාරණය පිළිගන්න කැමති වුණත් නැතත්, ‘පැමිණීමට නියම කර තිබූ එලියා’ ඔහුයි.+ 15 මා පවසන දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න.+
16 “පවතින මේ පරම්පරාව මම සමාන කරන්නේ කාටද?+ ඔවුන් වෙළඳපොළවල ඉඳගෙන තම යහළුවන් සමඟ සෙල්ලම් කරන කුඩා දරුවන්ට සමානයි.+ 17 ඒ දරුවන් සෙල්ලම් කරමින්, ‘අපි ඔබට නළාව පිම්බත් ඔබ නැටුවේ නැහැ. අපි විලාප නැඟුවත් ඔබ ශෝකයෙන් පපුවට ගසාගත්තේ නැහැ’+ කියා එකිනෙකාට පවසනවා. 18 මේ පරම්පරාවත් ක්‍රියා කරන්නේ එලෙසයි. යොහන් සාමාන්‍ය විදිහට කමින් බොමින් තම ජීවිතය ගත කළේ නැහැ.+ නමුත් ‘ඔහුට භූතයෙක් ආවේශ වෙලා’ කියා කිසි දෙයකින් සතුටු වන්නේ නැති මිනිසුන් කියනවා. 19 මනුෂ්‍ය පුත්‍රයා කමින් බොමින් සාමාන්‍ය විදිහට තම ජීවිතය ගත කළ විට,+ ‘මෙන්න, කෑදර, වයින් බීමට ලොල් වූ මිනිසෙක් ඇවිත්. ඔහු බදු එකතු කරන්නන්ගේද පව්කාරයන්ගේද මිත්‍රයෙක්’+ කියා මිනිසුන් කියනවා. නමුත් ප්‍රඥාවන්තයෙක් ධර්මිෂ්ඨයි කියා ඔප්පු වන්නේ ඔහු කරන ක්‍රියාවලිනුයි.”+
20 ඉන්පසු යේසුස් තම බලවත් ක්‍රියාවලින් වැඩි ප්‍රමාණයක් සිදු කළ නුවරවල වැසියන් පසුතැවිලි නොවූ ආකාරය+ දැක ඔවුන් කෙරෙහි තම අප්‍රසාදය පළ කරමින් මෙසේ කීවේය. 21 “කොරාසීන නුවර, බෙත්සයිදා නුවර,+ ඔබට මොන තරම් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! මන්ද ඔබ තුළ සිදු වූ බලවත් ක්‍රියා තීර් හා සීදොන් යන නුවරවල සිදු වුණා නම් එහි වැසියන් ගෝණි රෙදි ඇඳ අළුවල ඉඳ පසුතැවිලි වන්නේ+ මීට බොහෝ කලකට කලිනුයි. 22 ඒ නිසා මා ඔබට කියන්නේ, විනිශ්චය සිදු වන දවසේදී+ ඔබට ලැබෙන දඬුවම තීර් හා සීදොන්හි වැසියන්ට ලැබෙන දඬුවමට වඩා දරුණු වන බවයි.+ 23 කපර්ණවුම නුවර,+ ඔබව අහස දක්වාම උසස් කරයි කියා සිතුවාද? නමුත් ඔබව මිනී වළ දක්වාම+ පහතට හෙළනු ලබයි.+ මන්ද ඔබ තුළ සිදු වූ බලවත් ක්‍රියා සොදොම් නුවරෙහි සිදු වුණා නම් එය අද දක්වාම පවතියි. 24 එමනිසා මා ඔබට කියන්නේ, විනිශ්චය සිදු වන දවසේදී ඔබට ලැබෙන දඬුවම සොදොම් නුවරෙහි වැසියන්ට ලැබුණු දඬුවමට වඩා දරුණු වන බවයි.”+
25 යේසුස් ඒ අවස්ථාවේදී මෙසේද පැවසුවේය. “ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් වන පියාණෙනි, ඔබ මේ දේවල් ප්‍රඥාවන්තයන්ගෙන්ද බුද්ධිමතුන්ගෙන්ද සඟවා බිලිඳුන් වැනි අයට හෙළි කළ නිසා+ ඔබට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරන්න මම කැමතියි. 26 පියාණෙනි, එසේ සිදු වුණේ ඔබේ කැමැත්තට එකඟවයි.” 27 ඔහු මෙසේද පැවසුවේය. “සියලු දේ මට භාර දී තිබෙන්නේ මගේ පියාණන්.+ පියාණන් හැර වෙනත් කිසිවෙකු පුත්‍රයාව සම්පූර්ණයෙන් හඳුනන්නේ නැහැ.+ පියාණන්ව සම්පූර්ණයෙන්ම හඳුනන්නෙත් පුත්‍රයායි. ඒ වගේම යම් කෙනෙක් පියාණන්ව හඳුනාගන්නවාට පුත්‍රයා කැමති නම් ඔහු ඒ තැනැත්තාට පියාණන් ගැන එළිදරව් කරයි.+ 28 වෙහෙස වූ බරින් පීඩිත වූ+ සියල්ලෙනි, මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි. 29 මා මෘදු ගුණැති+ නිහතමානී කෙනෙකු වන නිසා මා ඔබ පිට තබන වියගහ+ පිළිගෙන මගෙන් ඉගෙනගන්න.+ එමගින් ඔබට මහත් සහනයක්+ ලබාගත හැකියි. 30 මන්ද මා ඔබ පිට තබන වියගහ පහසුයි. ඔබට උසුලාගෙන යෑමට තිබෙන බරද සැහැල්ලුයි.”+