දේශනාකාරයා
9 මම මේ කාරණා ගැනත් හොඳින් සොයා බලා ඒවා තේරුම්ගැනීමට උත්සාහ කළෙමි.+ ධර්මිෂ්ඨයන් හා ප්‍රඥාවන්තයන් සිටින්නේ සැබෑ දෙවිගේ අතේය. ඔවුන් කරන සියල්ලත් ඔහුගේ අතේය.+ තවද තමන් ඉපදීමට කලින් තිබූ ප්‍රේමය ගැනවත් වෛරය ගැනවත් මිනිසා දන්නේ නැත.+ 2 සියලුදෙනාටම සිදු වන්නේ එකම දෙයයි.+ ධර්මිෂ්ඨයාට+ මෙන්ම දුෂ්ටයාටත්+ පවිත්‍ර ජීවිතයක් ගත කරන තැනැත්තාට මෙන්ම අපවිත්‍ර ජීවිතයක් ගත කරන තැනැත්තාටත් පූජා ඔප්පු කරන හා ඔප්පු නොකරන තැනැත්තාටත් අවසානයේදී සිදු වන්නේ එකම දෙයයි.+ යහපත් තැනැත්තා හා පව්කාර ජීවිතයක් ගත කරන තැනැත්තා අතර වෙනසක් නැත.+ දිවුරුම් දෙන්නා සහ දිවුරුම් දීමට භය වන්නා අතරත් වෙනසක් නැත.+ 3 ඉර යට සිදු වන ඉතා කනගාටුදායක දෙයක් ඇත. අවසානයේදී සියලුදෙනාටම එකම දේ සිදු වන නිසා+ මනුෂ්‍යයන්ගේ සිත නපුරටම යොමු වී තිබේ.+ ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ඔවුහු වියරුවෙන්+ මෙන් ක්‍රියා කරති. පසුව ඔවුහු මිනී වළට යන්නෝය.+
4 ජීවත් වන අයට බලාපොරොත්තුවක් ඇත. මළ සිංහයෙකුට වඩා+ පණපිටින් සිටින බල්ලෙකු හොඳය.+ 5 ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති.+ නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත.+ ඔවුන්ට තවදුරටත් ආශීර්වාද හෝ දඬුවම් හෝ ලැබෙන්නේ නැත. ඔවුන්ව සම්පූර්ණයෙන්ම අමතක වී ඇත.+ 6 ඔවුන්ගේ ප්‍රේමයද වෛරයද ඊර්ෂ්‍යාවද නැති වී ඇත.+ ඔවුන්ට නැවත කවදාවත් ඉර යට කෙරෙන කිසිම දෙයකට සහභාගි වීමට නොහැක.+
7 දැන් ගොස් ප්‍රීතියෙන් කෑම කන්න. සතුටින් වයින් බොන්න.+ මන්ද සැබෑ දෙවි දැනටමත් ඔබ කළ වැඩ ගැන සතුටින් සිටින්නේය.+ 8 සැමවිටම ප්‍රියමනාප* ඇඳුම්වලින් සැරසී සිටින්න.+ ඔබේ හිසෙහි නිතරම තෙල් ආලේප කරන්න.+ 9 ඔබේ නිෂ්ඵල ජීවිත කාලය පුරාම ඔබ ආදරය කරන ඔබේ බිරිඳ සමඟ සතුටින් කල් ගෙවන්න.+ දෙවි ඔබට ඉර යට ජීවත් වීමට දෙන කාලය පුරාම එසේ කරන්න. මන්ද ඔබ ඉර යට වෙහෙස මහන්සි වී කරන සියලු වැඩවලට ලැබෙන ආශීර්වාදය එයයි.+ 10 ඔබට කළ හැකි සෑම දෙයක්ම ඔබේ මුළු උත්සාහයෙන්ම කරන්න.+ මන්ද ඔබ යන+ මිනී වළේදී+ කිසි වැඩක් කරන්නවත් කිසි දෙයක් ගැන කල්පනා කරන්නවත් ඔබට නොහැක.+ එහි දැනුමද ප්‍රඥාවද නැත.+
11 ඉර යට සිදු වන සියල්ල ගැන මම නැවත කල්පනා කළෙමි. වේගවත්ම අය තරඟයෙන් ජය නොගනිති.+ බලවතුන්ද යුද්ධයෙන් ජය ගන්නේ නැත.+ ප්‍රඥාවන්තයන්ට කෑම සොයාගැනීමට නොහැකි වෙයි.+ බුද්ධිමතුන්ට වස්තුව නොලැබෙයි.+ මනා අවබෝධයකින් කටයුතු කරන අයට නිසි පිළිගැනීමක්ද නොලැබෙයි.+ මන්ද නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් ඒ සියලුදෙනාටම සිදු විය හැක.+ 12 මිනිසා+ තමා මිය යන්නේ කවදාද කියා නොදනී.+ දැලකට හසු වන මත්ස්‍යයන් මෙන්ද+ උගුලකට හසු වන කුරුල්ලන් මෙන්ද+ ඔවුහු බලාපොරොත්තු නොවන මොහොතක+ විපතට හසු වී මිය යන්නෝය.+
13 පොළොවේ වැසියන් අතරේ ඉතා උසස් ප්‍රඥාවක් මම දුටුවෙමි. 14 කුඩා නුවරක් තිබිණ. එහි සිටියේ ස්වල්පදෙනෙකි. ශ්‍රේෂ්ඨ රජෙක් ඒ නුවරට පැමිණ එය වටලා ඊට විරුද්ධව මහා බලකොටු ගොඩනැඟීය.+ 15 ඒ නුවරේ දුප්පත් මනුෂ්‍යයෙක් සිටියේය. ඔහු දුප්පතෙකු වුවද ඉතා ප්‍රඥාවන්තය. ඔහු තම ප්‍රඥාව යොදා ඒ නුවර විපතෙන් ගැලෙව්වේය.+ එහෙත් පසුව ඒ දුප්පත් මිනිසාව සියලුදෙනාම අමතක කළෝය.+ 16 ඒ නිසා මම මෙසේ කීවෙමි. “ප්‍රඥාව බලයට වඩා වටින්නේය.+ එහෙත් දුප්පතාගේ ප්‍රඥාව සුළු කොට තකනු ලැබේ. ඔහුගේ උපදෙස්වලට කිසිවෙකු සවන් නොදෙයි.”+
17 අඥානයන් ඉදිරියේ කෑගසන පාලකයෙකුගේ වචනවලට වඩා+ සන්සුන්ව කතා කරන ප්‍රඥාවන්තයෙකුගේ වචන ප්රබලය.+
18 යුද්ධායුධවලට වඩා ප්‍රඥාව බලවත්ය. නමුත් වැරදි මඟෙහි යන එක් කෙනෙකු නිසා වටිනා බොහෝ දේවල් විනාශ වී යා හැකියි.+