ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙතය. “මාව විනාශ නොකරන්න” යන තේමාවෙන් ලියවුණු ගීතයකි. මික්ටැම්. සාවුල්ගේ පිරිස දාවිත්ව මරා දමන පිණිස ඔහුගේ නිවස අසල රැක සිටියෝය. ඒ ගැන දාවිත් රචනා කළ ගීතයකි.+
3 මන්ද ඔවුහු මාව මරා දමන පිණිස රැක සිටිති.+
බලවන්තයෝ මට පහර දීමට සැරසී සිටිති.+
නමුත් යෙහෝවා දෙවියනි, ඒ මාගේ වරදක් නිසාවත් මා කළ පාපයක් නිසාවත් නොවෙයි.+
4 මා වරදක් නොකළත් ඔවුහු මට විරුද්ධව ක්‍රියා කිරීමට ඉක්මන් වෙති.+
එබැවින් මා ඔබට හඬගසන විට නැඟී සිටින්න. ඔබේ නෙත් මා දෙස යොමු කරන්න.+
5 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ ඊශ්‍රායෙල්හි දෙවිය.+
නැඟී සිට සියලු ජාතීන්ව+ සෝදිසි කර බලන්න.
එක ද්රෝහියෙකුටවත් ඔබේ කරුණාව නොපෙන්වන්න.+ සීලාහ්.
7 තියුණු කඩු වැනි දුෂ්ට වදන්+ ඔවුන්ගේ මුවින් නික්මෙයි.+
“අපි පවසන දේවල් කවුරු දැනගන්නද”
කියා ඔවුහු පවසති.+
10 මහත් ප්‍රේමයකින්* පිරුණු දෙවි මාගේ උපකාරයට පැමිණෙන්නේය.+
දෙවි මාගේ සතුරන්ගේ පරාජය මට දැකගැනීමට සලස්වන්නේය.+
11 දෙවියනි, ඔවුන්ව මරණයට පත් නොකරන්න. එවිට ඔබේ ක්‍රියාවන් මාගේ සෙනඟට අමතක නොවනු ඇත.+
නමුත් ඔවුන්ට ඉබාගාතේ යෑමට සලස්වා ඔබේ ශක්තිය ඔවුන්ට පෙන්වන්න.+
අපේ පලිහ වන යෙහෝවා දෙවියනි, ඔවුන්ව බිමට හෙළාදමන්න.+
12 මන්ද ඔවුන්ගේ තොල්වලින් නික්මෙන්නේ දුෂ්ට වදන්ය.+
ඔවුහු දිගින් දිගටම ශාප කරමින්ද රවටමින්ද සිටිති.
ඔවුන්ගේ මේ උඩඟුකම ඔවුන්ගේ විනාශයට මුල් වේවා!+
13 ඔබේ උදහසින් ඔවුන්ව විනාශ කර දමන්න.+
එක් කෙනෙකුවත් ඉතුරු නොවන පිණිස ඔවුන්ව සහමුලින්ම නැති කර දමන්න.
එවිට යාකොබ් කෙරෙහිත් මුළු පොළොව කෙරෙහිත් රජකම් කරමින් සිටින්නේ දෙවි වන ඔබ බව සියලුදෙනාම දැනගන්නෝය.+ සීලාහ්.
15 කෑමට යමක් සොයමින් ඒ මේ අත ඇවිදීමට ඔවුන්ට සිදු වේවා!+
කෑමක් ලැබුණත් එයින් තෘප්තියට පත් නොවේවා! රාත්‍රිය ගත කිරීමට ස්ථානයක්වත් ඔවුන්ට නොලැබේවා!+