ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙතය. මතකයට නඟමින් ලිලී මල නම් වූ රිද්මයට අනුව ගායනා කිරීම සඳහාය. මික්ටැම්. ජනයාට ඉගැන්වීම සඳහා මෙය රචනා කරන ලදි.+ දාවිත් ආරම්-නහරායිම් සහ ආරම්-ෂෝබා නම් දේශයන්හි වැසියන්ට විරුද්ධව සටනක යෙදී සිටියදී යෝවාබ් ආපසු ලුණු නිම්නයට ගොස් ඒදොම්වරුන් දොළොස්දහසකට පහර දුන්නේය. ඒ ගැන දාවිත් රචනා කළ ගීතයකි.+
60 දෙවියනි, ඔබ උදහස් වූවෙහිය. ඔබ අපව බිඳ දැමුවෙහිය.+
අපව අත්හැරියෙහිය. අනේ දෙවියනි, දැන් අපව නැවත පිළිගන්න.+
2 ඔබ පොළොව දෙදරුම් කෑමට සැලැස්වුවෙහිය. ඔබ එය දෙබෑ කළෙහිය.+
අනේ දෙවියනි, එයට කඩා වැටීමට ඉඩ නොදෙන්න. එය නැවත ගොඩනඟන්න.+
“මම කැමති කෙනෙකුට ෂීකෙම් නුවර උරුමයක් ලෙස දෙන්නෙමි.+
මහත් ප්රීතියකින් සුක්කොත් තැනිතලාව බෙදා වෙන් කර දෙන්නෙමි.+
8 මා අත් පා සෝදාගන්නා භාජනය මෝවබ්ය.+
මම ඒදොම් වෙතට මාගේ පාවහන් ගලවා වීසි කරන්නෙමි.+
පිලිස්තියාව පරදවා මම ජය නාද නඟන්නෙමි.”+
10 දෙවියනි, එසේ කරන්නේ ඔබ නොවේද? නමුත් දෙවියනි, තවමත් ඔබ අපව අත්හැර දමා ඇත.+
ඔබ අපේ හමුදාවේ උපකාරයට පැමිණියේ නැත.+