ද්විතීය කතාව 15:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ලබා දෙන දේශයේ එක නගරෙක ජීවත් වෙන ඔයාලාගේ සහෝදරයෙක් දුප්පත් වුණොත් එයා එක්ක හිතක් පපුවක් නැති විදිහට වැඩ කරන්න එපා. ලෝභ වෙන්නේ නැතුව එයාට උදව් කරන්න.+ ගීතාවලිය 41:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 අසරණයා ගැන සැලකිලිමත් වෙන කෙනා සන්තෝෂවත්.+ඔහු දුක් කරදරවලට මුහුණ දෙද්දී යෙහෝවා ඔහුව ගලවගන්නවා. ගීතාවලිය 112:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අගහිඟකම් තියෙන අයට ත්‍යාගශීලීව දෙන කෙනා ඉන්නේ සතුටින්.+ י [යෝද්] ඔහු හැම දෙයක්ම සාධාරණව කරනවා. හිතෝපදේශ 3:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 උදව් ඕනෙ අයට උදව් නොකර ඉන්න එපා.+එයාලා වෙනුවෙන් යහපතක් කරන්න පුළුවන්කම තියෙද්දී+ ඒක කරන්න අදිමදි කරන්න එපා. හිතෝපදේශ 19:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දුප්පතාට කාරුණිකව සලකන කෙනා යෙහෝවාට ණයට දෙයි.+දෙවියන් ඒ ණය ආපහු ගෙවයි.*+ මාක් 14:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දුප්පත් අය ඔයාලා එක්ක හැමදාම ඉන්නවා.+ ඔයාලා කැමති ඕනෙ වෙලාවක එයාලට උදව් කරන්න ඔයාලට පුළුවන්. ඒත් මං ඔයාලා එක්ක හැමදාම ඉන්නේ නැහැ.+ ක්‍රියා 11:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එතකොට ගෝලයෝ තීරණය කළා එයාලා එක් එක් කෙනාට පුළුවන් විදිහට+ යුදයේ ඉන්න සහෝදරයන්ට සහනාධාර+ යවන්න. 1 තිමෝති 6:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ වගේම එයාලට කියන්න දිගටම යහපත් දේවල් කරන්න කියලා. පුළුවන් තරම් යහපත් දේවල් කරන්න* කියලත් ත්‍යාගශීලී වෙන්න කියලත් අනිත් අය එක්ක කැමැත්තෙන්ම දේවල් බෙදාගන්න+ කියලත් එයාලව දිරිගන්වන්න. 1 යොහන් 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒත් එදිනෙදා ජීවත් වෙන්න ඕනෙ කරන දේවල් තියෙන කෙනෙක් එයාගේ සහෝදරයාට අගහිඟකම් තියෙනවා කියලා දැකදැකත් එයාට අනුකම්පාවෙන්* සලකන්නේ නැහැ කියලා හිතන්න. ඒ කෙනාට දෙවියන් ගැන ආදරයක් තියෙනවා කියලා කියන්න පුළුවන්ද?+
7 “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ලබා දෙන දේශයේ එක නගරෙක ජීවත් වෙන ඔයාලාගේ සහෝදරයෙක් දුප්පත් වුණොත් එයා එක්ක හිතක් පපුවක් නැති විදිහට වැඩ කරන්න එපා. ලෝභ වෙන්නේ නැතුව එයාට උදව් කරන්න.+
27 උදව් ඕනෙ අයට උදව් නොකර ඉන්න එපා.+එයාලා වෙනුවෙන් යහපතක් කරන්න පුළුවන්කම තියෙද්දී+ ඒක කරන්න අදිමදි කරන්න එපා.
7 දුප්පත් අය ඔයාලා එක්ක හැමදාම ඉන්නවා.+ ඔයාලා කැමති ඕනෙ වෙලාවක එයාලට උදව් කරන්න ඔයාලට පුළුවන්. ඒත් මං ඔයාලා එක්ක හැමදාම ඉන්නේ නැහැ.+
18 ඒ වගේම එයාලට කියන්න දිගටම යහපත් දේවල් කරන්න කියලා. පුළුවන් තරම් යහපත් දේවල් කරන්න* කියලත් ත්‍යාගශීලී වෙන්න කියලත් අනිත් අය එක්ක කැමැත්තෙන්ම දේවල් බෙදාගන්න+ කියලත් එයාලව දිරිගන්වන්න.
17 ඒත් එදිනෙදා ජීවත් වෙන්න ඕනෙ කරන දේවල් තියෙන කෙනෙක් එයාගේ සහෝදරයාට අගහිඟකම් තියෙනවා කියලා දැකදැකත් එයාට අනුකම්පාවෙන්* සලකන්නේ නැහැ කියලා හිතන්න. ඒ කෙනාට දෙවියන් ගැන ආදරයක් තියෙනවා කියලා කියන්න පුළුවන්ද?+