-
ලෙවී කතාව 23:34-36ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
34 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘හත්වෙනි මාසේ 15වෙනිදා යෙහෝවා වෙනුවෙන් පැල්* උත්සවය පවත්වන්න. ඒක දවස් හතක් පුරා පැවැත්විය යුතුයි.+ 35 පළවෙනි දවසේ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි. එදාට මහන්සි වෙලා කිසි වැඩක් කරන්න ඔබට අවසර නැහැ. 36 ඒ දවස් හත පුරාම ඔබ යෙහෝවාට ගින්නෙන් දවන පූජා ඔප්පු කළ යුතුයි. අටවෙනි දවසෙත් ඔබ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි.+ ඒක විශේෂ රැස්වීමක්. ඒ දවසෙත් යෙහෝවාට ගින්නෙන් දවන පූජාවක් ඔප්පු කරන්න. එදාට මහන්සි වෙලා කිසි වැඩක් කරන්න ඔබට අවසර නැහැ.
-
-
ද්විතීය කතාව 16:13-15ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 “ඔයාලාගේ අස්වැන්න කමතෙන් ගෙනල්ලා රැස් කරගත්තාට පස්සේ සහ ඔයාලාගේ වතුවල පලදාවෙන් තෙලුයි, වයිනුයි රැස් කරගත්තාට පස්සේ දවස් හතක් පුරා පැල්* උත්සවය+ පවත්වන්න ඕනේ. 14 මේ උත්සව කාලේදී ඔයාලා ඔයාලාගේ දූපුතුන්, ඔයාලාගේ දාස දාසීන්, ඔයාලාගේ නගරවල ජීවත් වෙන ලෙවීවරුන්, විදේශිකයන්, තාත්තා නැති දරුවන් සහ වැන්දඹුවන් එක්ක සතුටු වෙන්න.+ 15 යෙහෝවා තෝරගන්න තැනට ගිහිල්ලා ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ගෞරව කරන්න දවස් හතක් ඔයාලා මේ උත්සවය පවත්වයි.+ ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලාගේ අස්වැන්නටත් ඔයාලා කරන හැම දේකටමත් ආශීර්වාද+ කරන නිසා ඔයාලා නිමක් නැති සතුටක් අද්දකියි.+
-
-
නෙහෙමියා 8:14-18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 මෝසෙස් මාර්ගයෙන් යෙහෝවා දෙවියන් දුන්න නීතිය කියවලා බලද්දී එයාලා තේරුම්ගත්තා හත්වෙනි මාසයේ පවත්වන උත්සවයේදී+ ඊශ්‍රායෙල්වරුන් පැල්* හදාගෙන ඒවාවල ඉන්න ඕනෙ කියලා. 15 ඒ වගේම හැම නගරයකම සහ යෙරුසලම පුරාම මේ වගේ නිවේදනයක්+ කරන්න ඕනෙ කියලත් එයාලා තේරුම්ගත්තා. “කඳුකරයට ගිහින් ඔලීව, පයින්,* මරඳ, තාල සහ කොළ පිරුණු වෙනත් ගස්වලින් අතු කපාගෙන එන්න. ඊටපස්සේ ලියලා තියෙන විදිහට පැල් හදාගන්න.”
16 ඉතින් සෙනඟ ගස්වල අතු කපාගෙන ඇවිත් එයාලාගේ ගෙවල්වල පැතලි වහලෙත්* මිදුලෙත් පැල් හදාගත්තා. ඒ වගේම සැබෑ දෙවියන්ගේ ගෘහයේ මළුවලත්+ ජල දොරටුව+ සහ එෆ්‍රායිම් දොරටුව+ ළඟ තියෙන ප්‍රධාන හන්දිවලත් එයාලා පැල් හැදුවා. 17 වහල්කමින් නිදහස් වෙලා ආපු හැමෝම පැල් හදාගෙන ඒ පැල්වලට වෙලා හිටියා. නූන්ගේ පුත් යොෂුවාගේ+ කාලයේ ඉඳන් ඒ වෙන කල් ඊශ්‍රායෙල්වරු පැල් උත්සවය ඒ විදිහට සමරලා තිබුණේ නැහැ. ඒ නිසා එයාලාගේ හිත් සතුටින් පිරිලා ඉතිරිලා ගියා.+ 18 උත්සවයේ පළවෙනි දවසේ ඉඳන් අන්තිම දවස වෙන කල් හැමදාම සැබෑ දෙවියන්ගේ නීතියෙන් කොටසක් ශබ්ද නඟලා කියෙව්වා.+ දවස් හතක් තිස්සේ උත්සවය පැවැත්තුවා. අටවෙනි දවසේ නීතියේ සඳහන් විදිහට ශුද්ධ එක්රැස්වීමක් පැවැත්තුවා.+
-